Windows 10 Anniversary Update එක සමඟ freezing ප්‍රශ්ණයක් !

Windows 10 Anniversary Update එක සමඟ freezing ප්‍රශ්ණයක් !

2413
1
SHARE

Windows 10 anniversary update එක මීට දින කිහිපයකට කලින් නිකුත් වුනා. ඒත් ඒකෙ උණුසුම යන්නටත් මත්තෙන් බොහෝ දෙනෙකුගේ දෝෂදර්ශනයට ලක්වෙන්න සිදු වෙලා .සමාජ වෙබ් අඩවි වල තමන්ගේ පරිශීලන අත්දැකීම විස්තර කරමින් බොහෝ දෙනෙක් දක්වා සිටින්නේ නව update එක තම පරිගණකයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරවන බවයි (freezing issues). බොහෝ දෙනෙකුට ඇතිවී තිබෙන මෙම ගැටලුවට තවමත් නිශ්චිත විසඳුමක් සොයාගෙන නෑ.
මේ සම්බන්ධයෙන් Reddit වෙබ් අඩවියේ windows පරිශීලකයෙක් විසින් අරඹා තිබූ කතිකාවක්(thread ) විශේෂ අවදානයක් දිනා ඇති බව Neowin වෙබ් අඩවිය විසින් නිරීක්ෂණය කර තිබුනා.
ඇත්තටම මේ thread එක ඒ වනවිටත් freezing issue එකට මුහුන දෙමින් සිටි සියලු දෙනාට කොළ එලි දැල්වීමක් වුණා. මේ නිසා බොහෝ දෙනෙකු මේ අලුත් update එකත් එක්ක ඇතිවුන freezing issue එක ගැන report කරන්න පටන් ගත්තා. තමන් විසින් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්නවා කියලා බොහෝ දෙනෙකු උත්සාහ කරලා තිබුනත් මේ ගැටලුවට මුලික හේතුවක් තාමත් කව්රුත් හොයාගෙන නැතිබවක් තමයි පෙනෙන්නේ.එනමුත් ඔවුන් දක්වා තිබු විදිහට සමහර දෙනෙකුට පහත විසඳුම් උදව්වක් උනාලු.

  • regedit tweak
    app install location එක system drive එකට මාරු කිරීම
  •  Intel Rapid Storage Technology නැවත install කිරීම හෝ update කිරීම

එත් අවාසනාවට මේක හැමෝටම හරි යන්නේ නෑ.
ඒ වගේම බොහෝ දෙනෙකුට freezing issue එක ඇවිත් තියෙන්නේ Start Menu සහ Taskbar හරහා වීම විශේෂයි. එක් පරිශීලකයෙක් මෙසේ තම අදහස් දක්වා තිබුනා.

“මම log වෙලා තත්පර 20ක් යනකන් හැමදේම හොඳින් තිබුනා.ඒත් mouse එක Start area හරි taskbar එකට හරි ගෙන ගියොත් පරිගණකය freeze වෙන්න පටන් ගන්නවා ඒ සමග ” Microsoft Windows is not responding” message එක එනවා. ninja startups සහ 3rd party program disable කරලා කිහිපවිටක් restart කරත් එය යථා තත්වයට පත් වුනේනෑ”.

WinBeta එකේ අයත් මේ හා සමාන ගැටළු නිරීක්ෂණය කරලා තියෙනවා . එයාලා කියන්නේ local account හෝ Microsoft Account එකකින් log වුනාම Start Menu සහ Taskbar එක ටික වෙලාවක් යනකන් freeze වෙලා තියෙනවලු.ඒත් සමහර අවස්ථා වලදී මේ freeze වෙන එක නැවත යථා තත්වයට පත් වෙලා නෑ . තවදුරටත් එයාලා කියන්නේ explorer.exe restart කරන එක මේ ගැටලුවට විසඳුමක් වුනේ නෑ කියලා.
ඇත්තටම මේ ගැටලුව දැනට different devices සහ hardware configurations රැසකින් හමුවෙලා තියෙනවා.
කොහොම වුනත් තවම Microsoft සමාගම මේ සම්බන්දව නිළවශයෙන් අදහස් දැක්වීමක් කරලා නෑ.

Source: winbeta.org

Comments

comments

1 COMMENT

LEAVE A REPLY