Sunday, August 7, 2016

අපෙන් ඈත් වී යන සොඳුරු රසවින්දනය - ජන කවි..

ඈත අතීතයේ සිටම ලාංකීය ජන සමාජය තුළ ජන කවියට හිමිව තිබුනේ ප්‍රධාන තැනක්.. අපේ මුතුන් මිත්තන් තමාගේ ජීවිතයේ සෑම සියලු කටයුත්තකටම ජන කවි යොදාගෙන ඇති ආකාරය සමාජ ඉතිහාස‍ය පිරික්සා බැලීමේ දී තහවුරු වනවා... 
හේනේ පැලේ, ගැලේ, ඔරු පාරුවේ , පතලේ පමණක් නොව ජන ක්‍රීඩා ‍හා සංස්කෘතික උත්සව ආදියේ දී ද මෙම ජන කවි මඟින් අපේ ගැමි සමාජය රසවින්දනයක් ලැබුවා.. ජන කවියට නිශ්චිත නිර්මාණකරුවන් නොමැති අතර එය සමාජ භාවිතාව තුළින්ම ජන විඥාණය තුළ පැලපදියම් වී නිර්මාණයන් බවට පත්වී තිබෙනවා. තමාගේ ජීවිතයේ ඒකාකාරීබව, තනිකම මකා ගැනීමට ද දුක සතුට ආදී හැඟීම් ප්‍රකාශනයට ද, තමාගේ ජීවිතයේ අත්දැකීම් සමාජය හමුවේ බෙදා හදා ගැනීමට ද මෙම ජන කවි ගායනා කොට ඇති බවට නිදසුන් ඕනෑ තරම් දකින්නට ලැබෙනවා.. 
මෙම ජන කවි හුදෙක් රසවින්දනයට පමණක් සීමා නොවී සමාජයේ මිනිසුන් හට යම් යම් උපදෙස් ද ඉතා අපූරුවට දෙනු ලබනවා... වර්ථමාන සමාජය තුළ ජන කවි භාවිතා කරන අවස්ථාවක් දක්නට ලැබනේනේ නැති තරම් වුවත් ෆේස් බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා තමාගේ හිතේ පවතින හැඟීම්, නිර්මාණයන් ලෙස ඉදිරිපත් කිරීම දක්නට ලැබෙනවා.. මෙය අතීත‍යේ ජන කවියෙන් අැරඹි, අපේ හැඟීම් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමේ කලාව නූතනකරණය වීමක් දැයි සොයාබැලීම වටිනවා...







4 comments:

  1. ලස්සනයි, මේ කවි ගායනා කරන ලින්ක් ටිකක් හොයලා දාන්න පුලුවන් නම් අහලම රසවිඳින්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හීන දකින්නී.. මම ටිකක් හොයල බලන්නම් ජන ගායනා වීඩියෝවක් තියෙනවද කියල..

      Delete
  2. අපේ ජනකවි අද සිහිනෙන් ගෑ සුවඳක් පමණයි. අද පාසල් සිසුන් ජනකවි ගැන දන්නේ පැවරුමක් ලෙස ලියාගෙන/හොයාගෙන යන සීමිත කවි කීපයක් පමණයි. කවි කටපාඩම් කරවීම තහනම්.

    අද ජනකවි සාහිත්‍යයක් තියනවද? ජීවිත සටනේ නියැලෙන මිනිසුන් කවි වගේ ඒවා ලියනවා. අච්චාරු භාෂාව, අපිළිවෙල, හෙම්බත්වීම නිසා නැගෙන අඳෝනා, රස නිෂ්පත්තියට වඩා වැඩි ආත්ම කථනය, අපිස් බව, පමණයි.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට බොහොම ස්තුතිය විචාරක... අද වනවිට රසවින්දනයක් පාසැල තුළ ඉගැන්වෙන්නෙම නැති තරම්... විභාගෙට එනවනම් කවියක් පාඩම් කරයි...එච්චරයි.. අන්තිමට හිස් මිනිස්සු ටිකක් සමාජයට එනවා..
      මූ‍ණුපොතේ නිර්මාණවලට වෙලා තියෙන්නේ ප්‍රමිතියක් නැතිකම.. නිකම් හිතට එන දෙයක් ටයිප් කරනවා ‍මිසක් කාටවත් උවමනාවක් හෝ වෙලාවක් ‍නෑ පරිණත වෙන්න...

      Delete

Blogger Widget