Monday, August 1, 2016

෴අහවල් ආගමට අහවල් විජ්ජාවේ මුක්කු අවශ්ය ද?෴



සමහරුන්ගේ 'අහවල්' ආගමට විජ්ජාවෙන් මුක්කු, කිහිලි කරු අවශ්යය.
නමුත් මගේ අහවල් ආගමට එසේ අවශ්ය නැත.
ඕක වර්තමාන අහවල් ආගමිකයන්ගේ පට්ට හීන මාන තත්වෙකි.
උන්ට ට්වයිලයිට් එකේ බෙලා අහවල් ආගමට හැරී ඇතයි පෝස්ට් එකක් දුටු විට චූන්ය. නැත්නම් අහවල් ආගමේ අහවල් එක තමන්ට නොතේරෙන විද්යාත්මක මෙව්වා එකකින් පහදන්නේයයි කී විට අම්බ චූන් ය.
අනිත් වෙලාවට 'සුද්දගෙ රෙද්දෙ බටහිර ඊනියා විද්යාව' එතකොට හොඳය.
අවුල තියෙන්නේ මුන් විජ්ජාව දන්නේ ද නැත.
අහවල් ආගම දන්නේ ද නැත.
දන්නා එකම දේ ණයට ගත් අදහසක් අල්ලා නැටීමය.

විජ්ජාවේ හා අහවල් ආගමේ සමපාත වීම් දෙකම කොයි මට්ටමෙන් හෝ හදාරන ඕනෑම අයෙක් නිරීක්ෂනය කරයි.
උදාහරණයක් වශයෙන් විවිධ මූල ද්‍රවය, සංයෝග වලින් බහුල 'ආදි සූපය' සහ අහවල් ආගමේ අග්ගඤ්ඤ සූත්‍රයේ 'රස පඨවි'  අතර සමාන කමක් කෙනෙක් නිරීක්ෂණය කළ හැක.
නැතිනම් පේලොයෝසොයික යුගයේ කාබෝනිෆෙරස් යුගයේ වෘකයන් තරම් ගෝනුස්සන් විසීම [ඔක්සිජන් බහුල වායුගෝලය නිසා] හා අහවල් ආගමේ චක්කවත්ති සීහනාද සූත්‍රය (මතක විදිහට) හි මිනිසුන් විශාල දේහ දරන යුග සමපාත වන්නාසේ පෙනීමට හැක.
නමුත් මේවා අහම්බයන් මිස එතනින් එහා වටිනාකම් ඇති දේවල් නොවේ.
අතිශයින්ම පුද්ගලාබද්ධ නිරීක්ෂණයන්.

ඔබ එළ හරක්කුත් ඇති කරන්න, මී හරක්කුත් ඇති කරන්න නමුත් දෙගොල්ලොන්ව එක නගුලේ නොබඳින්න.
එසේ කළොත් ඔබ සදා අනාථ වනු ඇත.

ඔබ සැමට ස්පැගති රාක්ෂ සරණයි.!



No comments:

Post a Comment