පළමු මෙහෙයුමෙන්, සිංහ පුතුන් ජය ගනියි

670

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන වොන් – මුරලි ටෙස්ට්  ක්‍රිකට් තරගාවලියේ, මහනුවර පල්ලේකැලේ හිදී පැවැත්වෙන පළමු තරගයේ අවසන් දිනය අද (30) ක්‍රියාත්මක විය.

පසුගිය ලිපි: සිංහයින්ගේ අභියෝගය කැන්ගරුවන් භාර ගනියි

අද උදෑසනම වැහිබර කාලගුණික තත්ත්වයක් පල්ලේකැලේ ක්‍රීඩා පිටියට අවට දක්කට ලැබුණු අතර තරඟය උදෑසන 10.50 ට පමණ ආරම්භ විය.

දිනය ආරම්භ කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තම දෙවන ඉණිම, කඩුලු 3ක් දැවී  ලකුණු 83ක් ලෙස සටහන්ව තිබිණි. ලකුණු පුවරුවට තවත් ලකුණු 13 එකතු වෙද්දී ඇඩම්වෝග්ස්ව, විශිෂ්ට උඩ පන්දුවක් රැකගනිමින් දවාලීමට රංගන හේරත් සමත් විය. වෝග්ස් එක් 4 පහරක් සමඟ ලකුණු 12ක් ලබාගැනීමට සමත් විය.

අනතුරුව ඕස්ට්‍රේලියානු දෙවන ඉණිමේ වැඩිම සබඳතාවය ලෙස 5 වන කඩුල්ල සඳහා ලකුණු 43ක සබඳතාවයක් ගොඩනැංවීමට නායක ස්ටීව් ස්මිත් හා මිචෙල් මාෂ් සමත් විය. එම සබඳතාවයට තිත තැබීමට හේරත් සමත් විය.

ඒ මාෂ්ව ලකුණු 25කට දවාලීමත් සමඟය. අනතුරුව තවත් එක් ලකුණක් එකතු වූ විගස යළිත් ක්‍රියාත්මක වූ හේරත්, ස්මිත්ව ලකුණු 55කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරමින්, ජයග්‍රහණයේ මාවත ශ්‍රී ලංකා කණ්ඩායමට විවර කර දෙන ලදි. ස්මිත් ගේ ඉණිමට එක් 4 පහරක් පමණක් ඇතුළත් විය.

ඒ විගස ක්‍රියාත්මක වූ ලක්ෂාන් සඳකැන් මිචෙල් ස්ටාක්ව ලකුණු නොලබා දවාලමින්, තරගය දහවල් ආහාරය සඳහා නිමාව සනිටුහන් කරන ලදි.

දහවල් ආහාරයෙන් පසුව තරඟය ආරම්භ කරන විට ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 141 ලෙස සටහන් විය. අනතුරුව පිටියේ ස්ථාවර වීමට උත්සාහ කල පීටර් මිචෙල් නෙවිල් හා නේතන් ලයන් ගේ සබඳතාවය ලකුණු 16කට සීමා කරමින් ලයන්ව ලකුණු 8කට  කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර දවාලීමට සඳකැන් සමත් විය.

තරගයේ ජයග්‍රහණය තමන්ට අහිමි වූ බව දැනගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරඟය සවස් කාලය දක්වාම ගෙනයන ලද්දේ, තරඟය ජය පරාජයෙන් තොරව නිමා කිරීමේ අරමුණ ඇතිවය.  9වන කඩුල්ල සඳහා ස්ටීව් ඔකීෆ් හා නෙවිල්, පන්දු  140කට වැඩි ප්‍රමාණයක් තුළ ලකුණු 4ක් පමණක් ලබාගත් අතර තරඟය ජය පරාජයෙන් තොරව නිමා කිරීමේ වෑයම ව්‍යවර්ථ කරමින් ධනංජය ද සිල්වා තම පළමු ටෙස්ට් කඩුල්ල ලෙස පන්දු 115කට මුහුණ දුන් නෙවිල්ව, ලකුණු 9කට දවාලීමට සමත් විය.

63 වන පන්දුවාරයේ සිට තරඟය නිමාවූ 88.3 වන පන්දුවාරය දක්වා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එකදු ලකුණක් වත් ලබාගැනීමට නොහැකි විය.

අවසන් කඩුල්ල හේරත් විසින්, ආබාධිතව පන්දු 98කට මුහුණ දෙමින් සිටි ඔකීෆ්ව ලකුණු 4කට දවාලන ලදි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 106කින් පළමු ටෙස්ට් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

තවද රංගන හේරත් කඩුලු 5ක් එක් ඉණිමක් තුළ දවාලූ 24 වන අවස්ථාව මෙය වූ අතර මෙම තරගයේ දී කුසල් මෙන්ඩිස්, රංගන හේරත් හා ලක්ෂාන් සඳකැන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

තරගයේ සාරාංශය,

ශ්‍රී ලංකා පළමු ඉණිම –117 -10 (34.2) ධනංජය ද සිල්වා 24, කුසල් පෙරේරා 20, ලක්ෂාන් සඳකැන් 19*, නේතන් ලයන් 3/12, ජෝස් හෙසේල්වූඩ් 3/21

ඕස්ට්‍රේලියානු පළමු ඉණිම – 203 -10 (79.2) ඇඩම් චාල්ස් වොග්ස් 47, මිචෙල් මාෂ් 31, ස්ටීව් ස්මිත් 30, රංගන හේරත් 4/49, ලක්ෂාන් සඳකැන් 4/58

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 353 -10 (93.4) කුසල් මෙන්ඩිස් 176, දිනේෂ් චන්දිමාල් 42, ධනංජය ද සිල්වා 36, රංගන හේරත් 35, මිචෙල් ස්ටාක් 4/84, ජෝස් හෙසේල්වූඩ් 2/59

ඕස්ට්‍රේලියානු දෙවන ඉණිම – 161 -10 (88.3) ස්ටීව් ස්මිත් 55, ජෝශප් ඇන්තනී බර්න්ස් 29, රංගන හේරත් 5/54, ලක්ෂාන් සඳකැන් 3/49

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

ඒ අනුව තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. තවද මෙම තරගාවලියේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අහිමි වුවහොත් බොහෝ දුරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය අහිමි වීමට ඉඩ ඇත.

දෙරට අතර මීළඟ ටෙස්ට් තරඟය අගෝස්තු 4 -8 වැනිදා දක්වා  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

Full Scorecard[/vc_column_text][/vc_column][/vc_row]

Batsmen Dismissal Runs Balls
Dimuth Karunarathne LBW b Starc 5 12
Kaushal Silva c Voges b Hazelwood 4 25
Kusal Mendis LBW b Hazelwood 8 7
Dinesh Chandimal  c Nevill b Hazelwood 15 54
AD Mathews  c Smith b O’Keefe 15  24 
Dhananjaya De Silva  c Burns b Lyon  24  38
Kusal Janith Perera  b Lyon  20  15
Dilruwan Perera  LBW b Lyon
Rangana Herath  LBW b Starc  10
Lakshan Sandakan  Not Out  19  15
Nuwan Pradeep c Smith b O’Keefe   0
Extras (1) TOTAL  117 (34.2 overs)

Fall of wickets :1-6 (Karunaratne, 4.1 ov), 2-15 (Mendis, 5.3 ov), 3-18 (Silva, 9.1 ov), 4-43 (Mathews, 14.2 ov), 5-67 (Chandimal, 25.6 ov), 6-87 (de Silva, 28.2 ov), 7-87 (MDK Perera, 28.4 ov), 8-94 (MDKJ Perera, 30.2 ov), 9-100 (Herath, 31.6 ov), 10-117 (Pradeep, 34.2 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc  11 1 51 2
Josh Hazelwood 10 4 21 3
Steve O’Keefe 10.2 3 32 2
 Nathan Lyon   3 12
Batsmen Dismissal Runs Balls
Joe Burns b Herath 3 15
David Warner b Pradeep 0 5
Usman Khawaja LBW b Herath 26 62
Steve Smith st Chandimal b Herath 30 53
Adam Voges ct Mendis b Pradeep 47 115
Mitchell Marsh b Sandakan 31 63
Peter Neville ct Perera b Herath 2 11
Steve O’Keefe ct Mendis b Sandakan 23 80
Mitchell Starc ct Perera b Sandakan 11  29
Nathan Lyon LBW b Sandakan  17 25
Josh Hazelwood Not Out 2 18
Extras (11) TOTAL  203 (79.2 overs)

Fall of wickets: 1-3 (Warner, 2.2 ov), 2-7 (Burns, 3.6 ov), 3-69 (Smith, 21.2 ov), 4-70 (Khawaja, 23.2 ov), 5-130 (Marsh, 45.4 ov), 6-137 (Nevill, 48.3 ov), 7-160 (Voges, 62.1 ov), 8-179 (Starc, 69.5 ov), 9-190 (O’Keefe, 73.6 ov), 10-203 (Lyon, 79.2 ov)

Bowler Overs Maidens Runs Wickets
Nuwan Pradeep 16 6 36 2
Rangana Herath  25 8 49 4
Dilruwan Perera 14 1 43 0
 Lakshan Sandakan  21.2 58 4
 Angelo Mathews  3 1 6
Batsmen Dismissal Runs Balls
Kusal Janith LBW b Starc 4 5
Kaushal Silva LBW b O’Keefe 7 32
Dimuth Karunarathne LBW b Starc 0 3
Kusal Mendis c Neville b Starc 176 254
Angelo Mathews c Burns b Lyon 9 31
Dinesh Chandimal LBW b Marsh 42 100
Dhananjaya De Silva c Khawaja b Lyon 36 62
Dilruwan Perera LBW b Hazelwood 12 22
Rangana Herath c Henriques b Hazelwoood 35 34
Lakshan Sandakan  b Starc 9 7
Nuwan Pradeep Not Out 10 12
Extras (13) TOTAL 353 (93.4 overs)

Fall of wickets: 1-6 (MDKJ Perera, 2.2 ov), 2-6 (Karunaratne, 2.5 ov), 3-45 (Silva, 12.2 ov), 4-86 (Mathews, 27.1 ov), 5-203 (Chandimal, 58.1 ov), 6-274 (de Silva, 77.3 ov), 7-290 (Mendis, 82.1 ov), 8-314 (MDK Perera, 87.4 ov), 9-323 (Sandakan, 88.5 ov), 10-353 (Herath, 93.4 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc 19 4 84 4
Josh Hazelwood 18.4 3 59 2
Steve O’Keefe 16.2 3 42 1
Nathan Lyon 27 2 108 2
David Warner 1 0 10 0
Adam Voges 1.4 0 3 0
Mitchell Marsh 9 1 33 1
Steve Smith 1 0 1 0
Batsmen Dismissal Runs Balls
Joe Burns b Sandakan 29 57
David Warner  b Herath 1 4
Usman Khawaja LBW b Perera 18 26
Steve Smith LBW b Herath 55 125
Adam Voges c & b Herath 12 47
Mitchell Marsh LBW b Herath 25 37
Peter Nevill c Chandimal b De Silva 9 115
Mitchell Starc c & b Sandakan 0 3
Nathan Lyon LBW b Sandakan 8 16
Steve O’Keefe b Herath 4 98
Josh Hazelwood Not Out 0 7
Extras (0) TOTAL 161 (83.3 overs)

Fall of wickets: 1-2 (Warner, 1.2 ov), 2-33 (Khawaja, 8.1 ov), 3-63 (Burns, 17.6 ov), 4-96 (Voges, 34.2 ov), 5-139 (Marsh, 47.3 ov), 6-140 (Smith, 49.4 ov), 7-141 (Starc, 50.2 ov), 8-157 (Lyon, 56.1 ov), 9-161 (Nevill, 85.5 ov), 10-161 (O’Keefe, 88.3 ov)

Bowler Overs Maidens Runs Wickets
Nuwan Pradeep 6 3 16 0
Rangana Herath 33.3 16 54 5
Dilruwan Perera 13 3 30 1
Lakshan Sandakan 25 8 49 3
Dhananjaya De Silva 11 7 12 1