Saturday, July 30, 2016

දකුණු කොරියානු පාඩම්. Lessons to be learnt from South Korea.





වර්ෂය 1980. ගුවන්ජු නැගී සිටීම සිදු විය. මරා දැමුණු සන්කයාව 150ක් පමණ වේ. එහි ප්‍රතිපලය මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය දකුණු කොරියාවේ ස්ථාපිත වීමයි. එය එරට අතිශය තීරණාත්මක දියුණුවකට හේතුවිය. අපි එයින් පාඩම් උගත විය යුතුය. අනෙක් කරුණ දකුණු කොරියානු ජනතාවගේ මිත්‍රශීලි බව සහ අන්‍යන්ට සහයෝගය දැක්වීමයි. 

ශ්‍රී ලංකාවේ නැවත වරක් මහින්ද රජු පාද යාත්‍රා පටන් ගෙන ඇත. රජෙක් සිටියේය ඔහුව ගෙදර යැවුවේය. නැවත බලයට ඒමට දත කමින් සිටින්නේය. ඔහු නැවත බලයට පැමිණීම යනු නැවත වරක් දැනට යන්තමින් හෝ පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව හිමිකම් වල මළගම උදා කිරීම වේ. 

යහපාලන ආණ්ඩුව තුල සුබවාදී වෙනස්කම් නැත්තේ නැත. එහෙත් පොලිසිය තවමත් දුෂිතය. ශේෂ්ට්‍රදිකරණයේ දනාත්මක ලකුණු දැකිය හැකි වුවද පහල අදිකරණ සහ නීතිපති දෙපාර්තමේන්තුව දුෂිතය. මානව හිමිකම් කොමිසමද සුපුරුදු කොමිසමම වේ. මහා බැංකු අදිපති ලෙස ආචාර්ය කුමාරස්වමිව පත් කරන්නේ ජාත්‍යන්තර හොද හිත දිනා ගැනීමටද යන ප්‍රශ්නාර්ථය අපට තිබේ. 

මහින්ද හිතවාදීන්ට අනුව රජු යුද්දය දිනීමෙන් පසු විදායක ජනාදිපති දුරය අහෝසි නොකළේ ෆොන්සේකාට බයෙලු. මේ කතා කොන්ඩේ බැදු චීන්නුන්ට හොදය. 

මේ කතා ශ්‍රී ලංකාවේ බුද්දිමත් ජනතාව විශ්වාස නොකරයි යන්න අපේ පැතුමයි. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය වීමට නම් නිතිය මත පාලනය මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය අනිවාර්යෙන් ස්ථාපිත විය යුතුව තිබේ. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...