සිංහයින්ගේ අභියෝගය කැන්ගරුවන් භාර ගනියි

277
Sri Lanka v Australia 1st test day 4

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර වෝන් – මුරලි  කුසලානය සඳහා පැවැත්වෙන තරගමාලාවේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද  (29) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී පැවැත්විය.

පසුගිය ලිපි: පොඩි කුසල් ගෙන් ලොකු වැඩක්

අද උදෑසනම වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා කෙටි ප්‍රමාදයකින් පසුව තරඟය ආරම්භ කල අතර දිනය අරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 282කට කඩුලු 6ක් ලෙස දිස්විය. දිනය ආරම්භ කරමින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් හා දිල්රුවන් පෙරේරාට, මිචෙල් ස්ටාක් පළමු පන්දුවාරයේ සිටම නව පන්දුවෙන් පීඩනයකට හසුවෙන ලෙස පන්දු කිහිපයක්ම එල්ල කරන ලදි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 8 ක් එක්වූ පසුව හොදින් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා දෙවන ඉණිම සවිමත් කල මෙන්ඩිස් දවාලීමට ස්ටාක් සමත් විය. මෙන්ඩිස් 4 පහරවල් 21ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 176ක් ලබාගැනීමට සමත් විය.

දිල්රුවන්ට ද පිටියේ සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඔහුගේ ඉණිම 4 පහරවල් 2කට සීමා කරමින්  ලකුණු 12කට දවාලන ලදි. ලක්ෂාන් සඳකැන් ගේ ඇගේ වැදුණු පන්දුව අවාසනාවන්ත ලෙස කඩුල්ලේ වැදීමෙන් 4 පහරවල් 2ක් සමඟ ලකුණු 9ක් ලබා සිටි සඳකැන් දැවීයන ලදි. අවසන් මොහොතේ දී රංගන හේරත් හා නුවන් ප්‍රදීප් අවසන් කඩුල්ල සඳහා ලකුණු 30ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූ අතර  හේරත් 4 පහරවල් 6ක් සමඟ ලකුණු 35ක් ලබාගනිමින් දක්ෂතා දක්වන ලදි. නොදැවී ක්‍රීඩා කල  ප්‍රදීප් 4 පහරවල් 2ක් සමඟ ලකුණු 10* ක් ලබාගන්නා ලදි. මෙහිදී ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ස්ටීව් ඔකීෆ් අබාධයකට ලක්විය.

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 353 -10 (93.4) කුසල් මෙන්ඩිස් 176, දිනේෂ් චන්දිමාල් 42, ධනංජය ද සිල්වා 36, රංගන හේරත් 35, මිචෙල් ස්ටාක් 4/84, ජෝස් හෙසේල්වූඩ් 2/59

අනතුරුව ලකුණු 268ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භ පිතිකරු යුගලට සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට හේරත් අවස්ථාවක් ලබා නොදුන් අතර ඔහුගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඩේවිඩ් වෝනර් එක් ලකුණකට දැවී යන ලදි.

අනතුරුව තවත් ලකුණු 31ක් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවේ සටහන් වෙද්දී 4 පහරවල් 3ක් සමඟ ලකුණු 18ක් ලබාසිටි උස්මාන් කවාජා දවාලීමට දිල්රුවන් සමත් විය. තෙවන කඩුල්ල සඳහා පිටියේ ස්ථාවර වෙමින් ලකුණු 30ක සබඳතාවයක් ගොඩනංවමින් ක්‍රීඩා කල නායක ස්ටීවන් ස්මිත් හා ජෝශප් ඇන්තනී බර්න්ස් ගේ සබඳතාවය බිඳ දමමින් 4 පහරවල් 2ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 29ක් ලබා සිටි බර්න්ස්ව මවිත කරමින් දවාලීමට සඳකැන් සමත් විය.

අනතුරුව අයහපත් කාලගුණික තත්ත්වය නිසා තරඟය නවත්තන්න විට නායක ස්මිත් ලකුණු 26*ක් හා ඇඩම් වොග්ස් ලකුණු 9*ක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටියි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීමට තවත් ලකුණු 187ක් අවශ්‍ය වන අතර  ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට වැඩ පෙන්වීමට තවත් කඩුලු 7ක් ලකුණු 187 ක් ඇතුළත දවාලීමට අවශ්‍යවේ.

ඕස්ට්‍රේලියානු දෙවන ඉණිම ( 4 වන දිනය අවසන් වනවිට) -83-3 (27) ජෝශප් ඇන්තනී බර්න්ස් 29,  ස්ටීවන්  ස්මිත් 26*, ලක්ෂාන් සඳකැන් 1-13, රංගන හේරත් 1-35

හෙට (30) තරගයේ පස්වන හා අවසන් දිනයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට

Batsmen Dismissal Runs Balls
Dimuth Karunarathne LBW b Starc 5 12
Kaushal Silva c Voges b Hazelwood 4 25
Kusal Mendis LBW b Hazelwood 8 7
Dinesh Chandimal  c Nevill b Hazelwood 15 54
AD Mathews  c Smith b O’Keefe 15  24 
Dhananjaya De Silva  c Burns b Lyon  24  38
Kusal Janith Perera  b Lyon  20  15
Dilruwan Perera  LBW b Lyon
Rangana Herath  LBW b Starc  10
Lakshan Sandakan  Not Out  19  15
Nuwan Pradeep c Smith b O’Keefe   0
Extras (1) TOTAL  117 (34.2 overs)

Fall of wickets :1-6 (Karunaratne, 4.1 ov), 2-15 (Mendis, 5.3 ov), 3-18 (Silva, 9.1 ov), 4-43 (Mathews, 14.2 ov), 5-67 (Chandimal, 25.6 ov), 6-87 (de Silva, 28.2 ov), 7-87 (MDK Perera, 28.4 ov), 8-94 (MDKJ Perera, 30.2 ov), 9-100 (Herath, 31.6 ov), 10-117 (Pradeep, 34.2 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc  11 1 51 2
Josh Hazelwood 10 4 21 3
Steve O’Keefe 10.2 3 32 2
 Nathan Lyon   3 12
Batsmen Dismissal Runs Balls
Joe Burns b Herath 3 15
David Warner b Pradeep 0 5
Usman Khawaja LBW b Herath 26 62
Steve Smith st Chandimal b Herath 30 53
Adam Voges ct Mendis b Pradeep 47 115
Mitchell Marsh b Sandakan 31 63
Peter Neville ct Perera b Herath 2 11
Steve O’Keefe ct Mendis b Sandakan 23 80
Mitchell Starc ct Perera b Sandakan 11  29
Nathan Lyon LBW b Sandakan  17 25
Josh Hazelwood Not Out 2 18
Extras (11) TOTAL  203 (79.2 overs)

Fall of wickets: 1-3 (Warner, 2.2 ov), 2-7 (Burns, 3.6 ov), 3-69 (Smith, 21.2 ov), 4-70 (Khawaja, 23.2 ov), 5-130 (Marsh, 45.4 ov), 6-137 (Nevill, 48.3 ov), 7-160 (Voges, 62.1 ov), 8-179 (Starc, 69.5 ov), 9-190 (O’Keefe, 73.6 ov), 10-203 (Lyon, 79.2 ov)

Bowler Overs Maidens Runs Wickets
Nuwan Pradeep 16 6 36 2
Rangana Herath  25 8 49 4
Dilruwan Perera 14 1 43 0
 Lakshan Sandakan  21.2 58 4
 Angelo Mathews  3 1 6
Batsmen Dismissal Runs Balls
Kusal Janith LBW b Starc 4 5
Kaushal Silva LBW b O’Keefe 7 32
Dimuth Karunarathne LBW b Starc 0 3
Kusal Mendis c Neville b Starc 176 254
Angelo Mathews c Burns b Lyon 9 31
Dinesh Chandimal LBW b Marsh 42 100
Dhananjaya De Silva c Khawaja b Lyon 36 62
Dilruwan Perera LBW b Hazelwood 12 22
Rangana Herath c Henriques b Hazelwoood 35 34
Lakshan Sandakan  b Starc 9 7
Nuwan Pradeep Not Out 10 12
Extras (13) TOTAL 353 (93.4 overs)

Fall of wickets: 1-6 (MDKJ Perera, 2.2 ov), 2-6 (Karunaratne, 2.5 ov), 3-45 (Silva, 12.2 ov), 4-86 (Mathews, 27.1 ov), 5-203 (Chandimal, 58.1 ov), 6-274 (de Silva, 77.3 ov), 7-290 (Mendis, 82.1 ov), 8-314 (MDK Perera, 87.4 ov), 9-323 (Sandakan, 88.5 ov), 10-353 (Herath, 93.4 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc 19 4 84 4
Josh Hazelwood 18.4 3 59 2
Steve O’Keefe 16.2 3 42 1
Nathan Lyon 27 2 108 2
David Warner 1 0 10 0
Adam Voges 1.4 0 3 0
Mitchell Marsh 9 1 33 1
Steve Smith 1 0 1 0
Batsmen Dismissal Runs Balls
Joe Burns b Sandakan 29 57
David Warner  b Herath 1 4
Usman Khawaja LBW b Perera 18 26
Steve Smith Not Out 26 54
Adam Voges Not Out 9 25
Extras (0) TOTAL 83/3 (27 overs)

Fall of wickets: 1-2 (Warner, 1.2 ov), 2-33 (Khawaja, 8.1 ov), 3-63 (Burns, 17.6 ov)

Bowler Overs Maidens Runs Wickets
Nuwan Pradeep 3 0 16 0
Rangana Herath 10 1 35 1
Dilruwan Perera 9 1 19 1
Lakshan Sandakan 5 1 13 1