සුපිරි සූම් කැමරාවක් ගන්න බලාපොරොත්තු වෙන අයට - 2016 Best Super Zoom Cameras

Panasonic Lumix DMC-FZ300




  • ඔප්ටිකල් සූම් අගය - 24X
  • 35mm කැමරා මානයෙන් නාභිදුර (focal lenght)  -25mm : 600mm
  • සෙන්සර විශාලත්වය - 1/2.3" (6.17 x 4.55mm)
  • උපරිම ISO - 6400
  • මෙගා පික්සල් - 12
  • උපරිම ඇපචර් අගය - F/2.8(W) - 4.5(T)
  • අවම ෂටර් වේගය - තත්පර 60
  • උපරිම ෂටර් වේගය - තත්පර 1/16000
  • සංකීර්ණ සීරුමාරු - ඇපචර් ප්‍රයෝරිටි, ෂටර් ප්‍රයෝරිටි, ෆුල් මැනුවල්
  • ඡායාරූප ආකෘති - JPEG+RAW


Sony Cyber-shot DSC-HX400V


  • ඔප්ටිකල් සූම් අගය - 50X
  • 35mm කැමරා මානයෙන් නාභිදුර (focal lenght)  -24mm : 1200mm
  • සෙන්සර විශාලත්වය - 1/2.3" (6.17 x 4.55mm)
  • උපරිම ISO - 3200
  • මෙගා පික්සල් - 20.4
  • උපරිම ඇපචර් අගය - F/2.8(W) - 6.2 (T)
  • අවම ෂටර් වේගය - තත්පර 15
  • උපරිම ෂටර් වේගය - තත්පර 1/4000
  • සංකීර්ණ සීරුමාරු - ඇපචර් ප්‍රයෝරිටි, ෂටර් ප්‍රයෝරිටි, ෆුල් මැනුවල්
  • ඡායාරූප ආකෘති - JPEG+RAW


Canon PowerShot SX60 HS

  • ඔප්ටිකල් සූම් අගය - 65X
  • 35mm කැමරා මානයෙන් නාභිදුර (focal lenght)  -21mm : 1365mm
  • සෙන්සර විශාලත්වය - 1/2.3" (6.17 x 4.55mm)
  • උපරිම ISO - 3200
  • මෙගා පික්සල් - 20.4
  • උපරිම ඇපචර් අගය - F/3.4(W) - 6.2 (T)
  • අවම ෂටර් වේගය - තත්පර 30
  • උපරිම ෂටර් වේගය - තත්පර 1/4000
  • සංකීර්ණ සීරුමාරු - ඇපචර් ප්‍රයෝරිටි, ෂටර් ප්‍රයෝරිටි, ෆුල් මැනුවල්
  • ඡායාරූප ආකෘති - JPEG+RAW

Nikon Coolpix P900
  • ඔප්ටිකල් සූම් අගය - 85X
  • 35mm කැමරා මානයෙන් නාභිදුර (focal lenght)  -25mm : 2000mm
  • සෙන්සර විශාලත්වය - 1/2.3" (6.17 x 4.55mm)
  • උපරිම ISO - 6400
  • මෙගා පික්සල් - 16
  • උපරිම ඇපචර් අගය - F/2.8(W) - 6.5 (T)
  • අවම ෂටර් වේගය - තත්පර 15
  • උපරිම ෂටර් වේගය - තත්පර 1/4000
  • සංකීර්ණ සීරුමාරු - ඇපචර් ප්‍රයෝරිටි, ෂටර් ප්‍රයෝරිටි, ෆුල් මැනුවල්
  • ඡායාරූප ආකෘති - JPEG

මම ගන්නවා නම්; 

මම මගේ කලින් ලිපියේ සඳහන් කරා වගේම, මම සුපර් සූම් කැමරාවක් ගන්නවා නම් එය මිළදී ගන්නේ වනසතුන් ඡායාරූපකරණය එක වැදගත් භාවිතයක් කියලා හිතාගෙන. ඒ අනුව, උපරිම සූම් අගය තියෙන නිකොන් P900 මගේ තේරීම වෙන්න ඕනෑ. 

හැබැයි P900 මිලෙන් වැඩියි. දැනට රු.97,000ක් විතර වෙනවා. ඒවගේම ඡායාරූපයක් අරගෙන පසු සැකසීම් කිරීමේදී ඡායරූපයේ ෆොටෝෂොප් සීරුමාරු කිරීමේදී  RAW ආකෘතියෙන් ඡායාරූප සටහන් වීම වැදගත්. 

RAWආකෘතියෙන් ඡායාරූප සටහන් කරගනිද්දී කැමරාව ඡායාරූපය කොම්ප්‍රෙස් (compress) කිරීමකට බඳුන් කරන්නේ නෑ. කෙලින්ම සෙන්සරයේ සටහන්වූ දත්ත, මෙමරි කාඩයේ සටහන් කරගන්නවා. ඒ අනුව සීරුමාරු කොට ඡායාරූපය පැහැදිලි කරගැනීමේදී වැඩි වාසියක් RAW ආකෘතියෙන් ලැබෙනවා. P900 මෙම පහසුකම නෑ. 

JPEG වලටද පසු සැකසුම් කල හැකි නමුත්, ඒවා කල හැකි පරාසය, RAW ආකෘතියට වඩා බොහෝ අඩුයි. මිල වැඩිවීම හා රෝ නොමැතිවීම P900 මගේ ලයිස්තුවෙන් කැපීයන්නට විශාලම බලපෑම සිදුකලා.

Lumix DMC-FZ300 සළකලා බැලුවොත්, අලුත් මාදිලියක් (2015) වුනත්, 24X ඔප්ටිකල් සූම් අගය වෙළඳපොලේ වෙනත් සුපර්සූම් කැමරා එක්ක බලනකොට බොහොම අඩුයි. ඒ වගේම මේ අවම සූම් අගයේ අවාසිය අවම කරගත හැකි පහසුකම් FZ300 නෑ. මෙහි හොඳම අංගය වන්නේ උපරිම ටෙලිෆොටෝ සූම් කිරීමේදී ඇපචරය F/4.5 සාපේක්ෂ විශාලත්වයකින් යුතුවීමයි. අනෙක් හැම කැමරාවකම ටෙලිෆොටෝ අන්තයේදී ඇපචරයේ විශාලත්වය F/6 තරම් අඩු වෙනවා. 

F අගය වැඩිවන විට ඇපචරයේ විශාලත්වය අඩුවන අතර, ඒ අනුව ඉහල ෂටර් ස්පීඩ් භාවිතාකල නොහැකිවනවා - මෙවැනි ලෙන්ස ස්ලෝ ලෙන්ස හෙවත් මදවේග ලෙන්ස ලෙස හඳුන්වනවා.

ඉතුරු වෙලා තියෙන Sony Cyber-shot DSC-HX400V හා Canon PowerShot SX60 HS සංසන්දනය කරනවිට සෝනි කැමරාවේ 50X හා කැනන් කැමරාවේ 65X සූම් වෙනස ඇරුනහම අනෙක් ගොඩක් දත්ත සමානයි. ඒ අනුව කැනන් කැමරාව වඩා හොඳ තේරීම වෙනවා. ඒ වගේම සෝනි කැමරා වලට වඩා හොඳ අලෙවියෙන් පසු සේවාවක් ලංකාවේ කැනන් කැමරාවලට ලබාගන්න පුලුවන්. ඒ වගේම, සෝනි හා සසඳනවිට කැනන් සමාගම ලොව දෙවන විශාලතම කැමරා නිශ්පාදකයා විදියට ලොව පුරා හොඳ කීර්තිනාමයක් දිනාගෙන තියෙනවා.

මේ ඔක්කොම සළකා බලනවිට 2016 අවුරුද්දේ මම සුපර් සූම් කැමරාවක් ගන්නවා නම්, මගේ තේරීම Canon PowerShot SX60 HS කියලා කියන්න පුලුවන්. 

දැන් කාටහරි චෝදනාවක් කරන්න පුලුවන්, මම ඡායාරූප කොලිටිය සළකලා බලලා නෑ කියලා. ඇත්තම කියනවානම් මේ හැම කැමරාවකම වගේ ෆොටෝ කොලිටිය බොහෝ සමානයි. නූතන ඩිජිටල් කැමරා සෙන්සර් හා ප්‍රොසෙසර් තාක්ශණ බෙහෙවින් දියුණු වෙලා තියෙන නිසා, සාමාන්‍ය භාවිත තත්වයන් යටතේදී, ඒ කියන්නේ හොඳ ආලෝක තත්ව යටතේ මෙම කැමරා ඉතාම හොඳ ඡායාරූප ගන්නවා. 

උපරිම ටෙලිෆෝටෝ සූම් වලදී මේවයේ ඕටෝ ෆෝකස් පද්ධති, නාභිගත කරගැනීමට වෙලා ගන්නවා. ඒ වගේම උපරිම ටෙලිෆොටෝ සූම් කිරීමේදී ඇපචරය කුඩාවීම (F/6>) මෙම කැමරාවල නාභිගත වීම ප්‍රමාදවීමට වීමට හේතුවක්.

ඒවගේම මේ හැම කැමරාවකම සෙන්සරය අඟල් 1/2.3" බොහොම කුඩා සෙන්සර. මේවායින්, මද ආලෝක තත්ව යටතේ (low light) , ඉහල ISO අගයන් (high ISO) යටතේ ඉහල තත්වයේ ඡායාරූප ලබා දෙන්නේ නෑ. 


එවනි ආවේණික දුර්වලකම් හැම සුපර්සූම් මාදිලියකම තිබෙන නිසයි මම ඡයාරූප කොලිටිය, තේරීමේ සාධකයක් කර නොගත්තේ. කොහොම වුනත් මම දැනට භාවිතා කරන මගේ අවුරුදු 5ක් පරණ නිකොන් L120ට වඩා ඉහල තත්වයේ ඡායාරූප, උපරිම සූම් අගයකදී වුනත් කැනන් කැමරාවට ලබාදෙන්න පුලුවන් කියලා මම විශ්වාස කරනවා.

අවසාන වශයෙන්; මට කැනන් සමාගමෙන් හෝ ලංකාවේ කැනන් කැමරා නියෝජිතයින් වන මෙට්‍රොපොලිටන් ආයතනයෙන් හෝ වෙනත් කැමරා වෙළඳ ආයතනයකින් කිසිම අනුග්‍රහයක් ලැබී නැති බවත්, මෙය මාගේ ස්වාධීන මතය බවත් සටහන් කිරීම වැදගත්. 



__________________________________________________________________________

Creative Commons License 
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments