iPhone වලට Microsoft සමාඟමෙන් හඳුන්වාදෙන Pix Camera app එක

iPhone වලට Microsoft සමාඟමෙන් හඳුන්වාදෙන Pix Camera app එක

2379
1
SHARE

අද Microsoft සමාඟම අලුත්ම ඇප් එකක් නිකුත් කරා ඒ තමයි Microsoft Pix App එක. ඇත්තෙන්නම් මේ ඇප් එකෙන් කරන්නේ සාමාන්‍ය විදියටම වගේ Photos ගන්න එක නමුත් මේකේ තියන විශේෂත්වය තමයි මේ ඇප් එකේ අන්තර්ගත කරලා තියන කෘතිම බුද්ධියක් මඟින් Photo එක ඔබ ගන්න වෙලාවට කලින් මොහොතේ ඉදන් Photo එක ලබාගන්න මොහොත වෙනකන් behavior එක අධ්‍යනය කරලා ඉතාමත් පැහැදිලි පින්තූරයක් ලබාදෙන එක.

ඉතින් මේ ඇප් එක iPhone වල තියන Camera App එක රිප්ලෙස්මන්ට් එකක් විදියට ආපු App එකක් කීවොත් නිවැරදියි. මොකද Apple Camera app එකේ සාමාන්‍යයෙන් ලැබෙන photo එකකට වඩා ඉතා පැහැදිලිව මේ ඇප් එකෙන් Photos ගන්න පුලුවන්.

මේ පහල තියෙනේ Pix App එකෙනුයි iPhone Camera App එකෙනුයි අරගතු Photos වල වෙනස.

Photo credits : Microsoft News

ඉතින් ඔයාලට පේනවා ඇති  Apple Camera එකෙන් ගත්තු photo එකකට වඩා Microsoft Pix එකෙන් ගත්තු photo එක ගොඩක් පැහැදිලිව හා ඉතාමත් තියුනුවට තියන විදිය.

 

ඔයලත් ඔයාලගේ iPhone වලට මේ ඇප් එක Download කරගෙන ට්‍රයි කරලා බලන්න

Microsoft News Blog ඇසුරිනි

 

Comments

comments