DSLR එකක් නැතුව Wild Life ඡායාරූපකරණය



උඩ තියෙන ඡායාරූපයේ ඉන්නේ ක්‍රෙස්ටඩ් හෝක් ඊගල් හෙවත් කොණ්ඩ රාජාලියා. මෙයා මගේ කැමරාවට හසුවුනේ 2014 මාර්තු මාසේ. ඒ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේදී.

මේ ඡායාරූපය හසුකර ගන්න පාවිච්චි කරපු කැමරාව ගොඩක් ගණන් ටෙලිෆොටෝ සුම් ලෙන්ස් යොදපු DSLR කැමරාවක් නෙමෙයි. මම පාවිච්චිකලේ නිකොන් L 120 කියන සුපර්සූම් කැමරාවක්. මේ කැමරාව, 2011දී එලිදැක්වුනු 21X ඔප්ටිකල් සූම් තියෙන, වෙන පහසුකම් අඩු කැමරාවක්. අලුත් සුපර්සූම් කැමරාවල, මේ කැමරාවේ තියෙන පහසුකම් වලට වඩා ගොඩක් පහසුකම් වගේම ගොඩක් සූම් පවර් තියෙනවා.

DSCN8471

Wild Life ඡායාරූපකරණයෙදී සූම් පහසුකම අනිවාර්ය නිසා පොකට් කැමරා/ෆෝන් කැමරා මේ වැඩේට හරියන්නේ නෑ. සමහර පොකට් කැමරාවල ඩිජිටල් සූම් කියලා පහසුකමක් තියෙනවා. ඒත් එතනදි වෙන්නේ ඡායාරූප ගන්න වස්තුව ලෙන්ස ආධාරයෙන් ලංකරලා ගන්නවා වෙනුවට ඡායාරූපය විශාල කරන එකයි. එතකොට ඡායාරූපයේ කොලිටිය බොහොම අඩුවෙනවා.

Wild Life ඡායාරූපකරණයෙදී සූම් පහසුකම අනිවාර්ය  නිසා අඩුම ගණනේ 10X ඔප්ටිකල් සූම් (කාච පද්ධතිය මගින් ලබාදෙන විශාල කරණය ) තියෙන කැමරාවක් වෙන්ඩ ඕනෑ.

DSCN8440
ලතුවැකියා හෙවත් Painted Stork / Lunugamvehera National Park

DSCN8623
Great Stone Curlew - Bundala National Park

DSCN8595
Blue Tailed Bee Eater (නිල්පෙඳ බිඟු හරයා) - Bundala National Park


White Bellied Sea Eagle
White Breasted Sea Eagle - Bundala National Park

DSCN8668
Black Winged Stilt (කළුපිය ඉපල් පාවා) - Bundala National Park

මේ ඡායාරූප ඔක්කොම අරගෙන තියෙන්නේ මගේ නිකොන් L 120 කියන, අවුරුදු 5ක් විතර පරණ, 21X කැමරාවෙන්. මේ කැමරාවේ තියෙන අඩු පහසුකම් නිසා ගන්න බැරිවුන ඡායාරූපත් බොහෝමයි කියලා කියන්න ඕනෑ. හොඳ ඡායාරූපයක් ගන්ඩ තියෙන අවස්ථාව මග ඇරුනම හිතෙනවා වඩා හොඳ කැමරාවක් තිබුණන් කියලා. ඒත් කැමරාවලට ලක්ශ ගණන් වැය කරනවාට වඩා වැදගත් වැඩට අමාරුවෙන් හම්බ කරන සල්ලි වියදම් කරන්න වගකීම් තියෙන අයට සුපර්සූම් කැමරාවක් ගොඩක් හොඳයි.

දැන් වෙළඳපොලේ තියෙන සුපර්සූම් කැමරා 50X , 60X, 80X තරම් විශාල ඔප්ටිකල් සූම් අගයක් එක්ක එනවා. උදාහරණයක් විධියට නිකොන් සමාගමේ අලුත්ම Nikon Coolpix P900 කැමරාව සිතාගත නොහැකි 85X ඔප්ටිකල් සූම් පහසුකමක් ලබාදෙනවා. එය 35mm DSLR කැමරාවක ඔප්ටිකල් සූම් අගයෙන් කියන්නේ නම් 2000mm තරම් විශාල සූම් අගයක්. එවැනි සූම් අගයක් ලබාදෙන DSLR කැමරා ලෙන්සයක් රුපියල් 300,000-400,000ක් පමණ වනවා.

Nikon Coolpix P900 කැමරාව, CameraLK  හි මිළකරලා තියෙන්නේ රු.97,500කට. 60X (1365mm) තියෙන Canon Powershot SX60 HS මාදිලිය රු.59,500කට මිළ කරලා තියෙනවා.


__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments