ගෙවුනු දවස ජුලි 26 – 20න් පහල රග්බි සංචිතය නිකුත් වෙයි

429

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

රග්බි –

නායකත්වය ඩික්සන්ට

එළඹෙන 30වැනිදා මැලේසියාවේදි පැවැත්වීමට නියමිත අාසියා වයස අවුරුදු 20න් පහල සත්සමාජික රග්බි තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සැදුම්ලත් නිල සංචිතය ඊයේ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් අනාවරණය කරන ලදි.

සාන්ත පීතර විද්‍යාලීය හිටපු නායක සහ වර්තමාන ජාතික කණ්ඩායම් නායක වන කෙවින් ඩික්සන් සංචිතය සඳහා නායකත්වයේ වගකීම් දරණ අතර ඔමල්ක ගුණරත්න උපනායක ලෙස කටයුතු කරයි. නව සංචිතය සඳහා සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩක නිශෝන් පෙරේරා, ශම්රි බුරාහ් සහ රමේෂ් රුක්මාල් ද සාන්ත ජෝසප් විද්‍යාලීය රග්බි නායක තාරික් සාලිහ් සහ විමුක්ති රාහුල ද 15 දෙනාගෙන් යුතු සංචිතයට නම් කර අැත. 2016 පාසල් රග්බි සමයේ දැක්වු දක්ෂතා මත සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩක දනුජ විජයරත්නද කණ්ඩායමට කැදවා අැත.

තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර ප්‍රථම අදියරේ තරග ජුලි මස 30 සහ 31 යන දිනයන් හි මැලේසියාවේදීද, දෙවැනි අදියරේ තරග අගෝස්තු මස මැද හොන්ග් කොන්ග් හිදී ද පැවැත්වේ.

තරගාවලිය අාරම්භ කරමින් සෙනසුරාදා උදෑසන (7.30 පෙ.ව) පිලීපීනය සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින අතර ඉන්පසුව තායිලන්තය සමගත් (10.14 පෙ.ව) තරග වදින අතර සන්ධ්‍යා කාලයේදි ප්‍රභල ජපන් කණ්ඩායම සමග (3.30 ප.ව) තරග වදිනු අැත. අවසන් වටයේ තරග පසුදින ඉරිදා උදෑසන එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග පවත්වනු අැත.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස සුදත් සම්පත් මහතා කටයුතු කරනු අැත.

නිල සංචිතය:

  1. කෙවින් ඩික්සන් – ශාන්ත පීතර විද්‍යාලය (නායක),
  2. ඔමල්ක ගුණරත්න – ඉසිපතන විද්‍යාලය (උප නායක)
  3. නිශෝන් පෙරේරා – ශාන්ත පීතර විද්‍යාලය
  4. රීසා රෆයිඩීන්කිංස්වුඩ් විද්‍යාලය
  5. විමුක්ති රාහුල් – ශාන්ත ජෝසප් විද්‍යාලය
  6. ශම්රි බුරාහ්ශාන්ත පීතර විද්‍යාලය
  7. ලසිදු ඉෂාන් – විද්‍යා විද්‍යාලය
  8. තාරික් සාලිහ් – ශාන්ත ජෝසප් විද්‍යාලය
  9. රෙහාන් සිල්වා – ඉසිපතන විද්‍යාලය
  10. බුද්ධිම ප්‍රියරතනඩී. එස්. සේනානායක විද්‍යාලය
  11. චාමික කුසල් – වෙස්ලි විද්‍යාලය
  12. රමේෂ් රුක්මාල් – ශාන්ත පීතර විද්‍යාලය
  13. අසිත පුංචිහේවා – ඉසිපතන විද්‍යාලය
  14. දනුජ විජේරත්නශාන්ත තෝමස් විද්‍යාලය
  15. සුපුන් ඩිල්ෂාන් – විද්‍යා විද්‍යාලය

වැඩි විස්තර සඳහා පිවිසෙන්න


ක්‍රිකට් –

ප්‍රථම දිනය වැස්සට අත්හිටුවයි

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර අන්තර්ජාතික ටෙස්ට් තරඟ 3ක්, අන්තර්ජාතික එක්දින තරඟ 5ක් හා 20-20 ජාත්‍යන්තර තරඟ දෙකකින් සමන්විත දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ වෝන් – මුරලි  කුසලානය සඳහා පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන්, ඊයේ (26) මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් පිටියේදී ආරම්භ විය.

ශ්‍රී ලංකා පළමු ඉණිම –117 -10 (34.2) ධනංජය ද සිල්වා 24, කුසල් පෙරේරා 20, ලක්ෂාන් සඳකැන් 19*, නේතන් ලයන් 3/12, ජෝස් හෙසේල්වූඩ් 3/21

ඕස්ට්‍රේලියානු පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට) –66 -2 (20) ස්ටීවන් ස්මිත් 28* (4 පහරවල් 3), උස්මාන් කවාජා 25* ( 4 පහරවල් 4),නුවන් ප්‍රදීප් 1/3, රංගන හේරත් 1/15

සම්පූර්ණ ලිපිය: පළමු වාසිය කැන්ගරුවන්ට

දවසේ නිමාව