රන් කුසලානය කුරුණෑගලින් ඇරඹේ

307
Presiden Goldcup volleyball

ශ්‍රී ලංකික ජාතික ක්‍රීඩාවේ සුවිශේෂීතම ශූරතාවලියක් වන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතාවලියේ සමාරම්භක දිනය පෙරේදා (23) කුරුණෑගල බිංගිරිය මහජන ක්‍රීඩාංගණයේදි උත්කර්ශවත් ලෙස පැවැත්විය.

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවට සියවසක් සපිරෙන වකවානුවක, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් සහ අඛණ්ඩව 11වැනි වරටත් ඩයලොග් ආසිආටා ආයතනයේ සවිබල ගැන්වීමෙන් මෙම ශූරතාවලිය පැවැත්වේ.

පසුගිය ලිපි: දක්ෂයෝ සොයා යන ජනාධිපති රන් කුසලානය

ශූරතාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා ආමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා සහභාගී වු අතර පැවති විවෘත කාන්තා අංශයේ තරගයෙන් අවසන් වටයට යෑමට මතුගම කැෂුඑල් ලයින් ක්‍රීඩා සමාජය සහ දඹදෙණිය තරුණ පෙල ක්‍රීඩා සමාජ සමත් විය.

විවෘත කාන්තා අංශය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් 13 සහභාගී වුනු අතර එහිදි, ගනේගොඩ සමගි කණ්ඩායම සහ මතුගම කැෂුඑල් ලයින් ක්‍රීඩා සමාජය අතර තරගයේ ජය ලබා ගනිමින් මතුගම ක්‍රීඩිකාවන්ද, පන්නල ක්‍රීඩා සමාජය සහ දඹදෙණිය තරුණ පෙල ක්‍රීඩා සමාජය අතර පැවති තරගයෙන් ජය ලබා ගනිමින් දඹදෙණිය ක්‍රීඩිකාවනුත් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. අවසන් වටයේ තරග එලඹෙන 28වැනිදා කුරුණෑගල හෙට්ටිපොල මහජන ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.

මෙවර මෙම ශූරතාවලිය විවෘත කාන්තා සහ පිරිමි අංශය සහ වයස 22න් පහල කාන්තා සහ පිරිමි යන අංශ දෙකකින් පැවැත්වෙන අතර එහිදි එක් දිස්ත්‍රික්කයකින් කණ්ඩායම් 4  බැගින් තෝරා ගැනීමට නියමිතයි.

තරගාවලියේ මීලග තරග සියල්ල අපොස උසස් පෙල විභහගය සහ තායිලන්තයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ කාන්තා වොලිබෝල් ශූරතාවය හේතුවෙන් අගෝස්තු 28වැනිදා දක්වා කල් යන අතර ඉන්පසුව පවත්වන දෙවන කාණ්ඩයේ තරග සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසයන්හි අනුරාධපුරයේදි ද, අවසන් මහා තරග නොවැම්බර් මාසයේ මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදි ද පැවැත්වෙනු ඇත.

තවත් පුවත් සඳහා මුල්පිටුවට පිවිසෙන්න