Monday, July 25, 2016

මේ අකුරු මුමුණනා වූ කතාව




කිවිඳියනි,
කවිකම් 
නොදනිමි..

ආදරය
අකුරු කරමියි
පවසමි...

එනයින්
මේ'කුරු
මුමුණනාවූ
කතාවට
කවි කියා
නොරැවටෙන්න...

වචන දෙකක් අතර
පවතිනා වූ
සෑම හිස් ඉඩකම
හිඳින්නේ නුඹ බව
සිහි තබා ගන්න..

~ වෝර්නින්ග් රයිටර් ~

6 comments:

  1. වචන අතර රැදෙන්නේ ස්පේස් බාර් එක නොවෙද?

    ReplyDelete
  2. කවියකට
    එලිසමයකට
    සදසකට
    මත්රාවකට
    හිර වෙච්ච
    කවියකට වඩා
    හැඩයි ඇත්තයි
    නිදහස් සිතුවිල්ල..

    ReplyDelete
  3. හැමෝගෙම ජිවිතවල හිස් තැන්වල ඉන්නෙ ඔහොම චරිත තමා.

    ReplyDelete