ගෙවුනු දවස ජුලි 24 – පළඟ ශූරතාවය ශ්‍රී ලංකා කණිෂ්ඨයින්ට

462
ගෙවුනු දවස ජුලි 24

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 රග්බි – 
පළඟ ශූරතාවය ලංකාවට

18න් පහල අාසියානු පාසල් සත්සමාජික රග්බි තරගාවලියේ දෙවන දිනය ඊයේ හොන්ග් කොන්ග් හි රාජකීය උද්‍යාන (Royal park) ක්‍රීඩාංගණයේදි පැවති අතර තායිලන්තය සහ හොන්ග් කොන්ග් අතර පැවැති අවසන් මහා තරගයෙන් 14 – 07 ලෙස ජය වාර්තා කිරීමට හොන්ග් කොන්ග් කණ්ඩායම සමත් විය.

අද දිනයේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජියාව සමඟ පැවති තරගය ලකුණු 53 -00 ලෙස පරාජය කිරීමත් සමඟ B කාණ්ඩයෙන් තරග වැදුනු ශ්‍රී ලංකාව එහිදි සියළු තරග ජයග්‍රහණය කරමින් B කාණ්ඩයේ ඉහලට පැමිණීමට සමත් විය.

A කාණ්ඩයේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙකක් වන සිංගප්පූරුව සහ හොන්ග් කොන්ග් කණ්ඩායම් අතර පැවති තරගයෙන් හොන්ග් කොන්ග් පරදා 21 – 05 ලෙස ජය ලබා ගැනීමට සිංගප්පූරුව සමත් විය.

ඉන්පසුව A කාණඩයේ ඉහලට පැමිණි සිංගප්පූරුව සහ තායිලන්තය අතර තරගයක් සහ හොන්ග් කොන්ග් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරගය දෙකක් පැවැත්විය.

එහිදි ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් එල්ල කල හොන්ග් කොන්ග් ක්‍රීඩකයෝ 19 – 12 ලෙසින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් විය. තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදි නවීන් හේනකන්කානම්ගේ විසින් වාර්තා කල උත්සහක දිනුම නිශ්ප්‍රභා කිරීමට තරග තීරක තීරණය කරන ලදි. තරගයේදි නවීන් සහ සුමුදු රන්කොත්ගේ විසින් ලකුණු රැස් කරන ලදි.

තායිලන්තය සහ සිංගප්පූරුව අතර පැවති තරගයෙන් 19 – 14 ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට තායිලන්ත ක්‍රීඩකයින් සමත් වු නමුත් හොන්ග් කොන්ග් සමඟ පැවති තරගය 14 -07 ලෙස ඔවුන් පරාජයට පත්විය.

කෙසේනමුත් සමස්තයක් ලෙස ගත් කල ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සතියක් වැනි අඩු කාලයක් තුල පුහුණුවීම් වල නිතර වෙමින් තරග 6කින් 5ක්ම ජයග්‍රහණය කිරීමට හැකි වීම ඔවුන් ලද සුවිසල් ජයග්‍රහණයක්.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

 ක්‍රිකට් – 

කඩුළු 5කින් ශූරතාවය මේරියන්ස්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරනු ලැබු අන්තර් සමාජය වයස අවුරුදු 23න් පහල ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති අවසන් මහා තරගයෙන්, යුද හමුදාව පරදා ශූරයින් ලෙස කිරුළු පැලදීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. තරගය SSC ක්‍රීඩා පිටියේදා පැවැත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – 191 (37.2): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 63, අශාන් රන්දික 46, හිමාෂ ලියනගේ 29, ශසින් දිල්රංග 20, චලන ද සිල්වා 1/30, අයන සිරිවර්ධන 1/47, රජික ඩිල්ෂාන් 6/30

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය – 196/5 (37.3): කසුන් විදුර 94*, රුක්ෂාන් ෆර්නැන්ඩෝ 48, තක්ෂිල ද සිල්වා 21, යොහාන් ද සිල්වා 1/40, මෙල්ක මදුශංක 2/43

සම්පූර්ණ ලිපිය: හමුදාවට පහරදී මේරියන්ස් කුසලානය ජය ගනි

 පාපන්දු – 

ක්‍රිස්ටල් පැලස්, මීගමුව තරුණයින්ට පරාද වෙයි

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 6වැනි සතියේ තවත් එක් තරගයක් ඊයේ ජයතිලක ක්‍රීඩා පිටියේදි පැවැත් වූයේ ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය සහ මීගමුව යූත් ක්‍රීඩා සමාජය සහභාගී වෙමිනි. එහිදි මීගමුව සමාජය ගෝල 04 – 00 ලෙසින් ජය වාර්තා කිරීමට සමත් විය.

තරගයේ 35වැනි සහ 79වැනි මිනිත්තුවලදි කේ. එස්. ඩී. එච්. පීරිස්, 44වැනි මිනිත්තුවේදි ඒ. මුන්නි සහ 92වැනි මිනිත්තුවේදි මොහොමඩ් නුස්ලාන් යන ක්‍රීඩකයින් විසින් ගෝල රැස් කරන ලදි.

සංක්ෂිප්ත වාර්තාව සඳහා රැදි සිටින්න

දවසේ නිමාව

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට


පසුගිය සතියෙන් –

ලංකාවෙන් 4ක් වියට්නාමයට

ජුලි මස 27වැනිදා සිට 31වැනිදා දක්වා වියට්නාමයේ හෝචිමින් හි පැවැත්වෙන වියට්නාම් විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිව්දෙනෙකු තරගවැදීමට නියමිතයි. එහිදි එක් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයින් තිදෙනෙක් මෙලෙස සහභාගී වන අතර ඔවුන් මේ මස 26වැනිදා වියට්නාමය බලා පිටත් වනු අැත.

සංචිතය

  • නිලානි රත්නායක – මීටර් 5000, මීටර් 3000 බාධක දිවීම
  • අනීත කුමාරසිරි – තුන් පිම්ම
  • වරුණ ලක්ෂාන් – හෙල්ල විසි කිරීම
  • ප්‍රදීප් කුමාර – මීටර් 400

 

රියෝ යන කණ්ඩායමේ නායකත්වය කුරේට

2016 රියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ක්‍රීඩා ඉසව්වන් 7කින් ක්‍රීඩකයින් 9 දෙනෙකු බ්‍රසීලය බලා පිටත්ව යෑමට නියමිතව අැත. එහිදි කණ්ඩායමේ නායකධුරය සඳහා අැත්දැකීම් බහුල සුපිරි මැරතන් ධාවකයෙකු වන ඉන්ද්‍රජිත් කුරේ නම් කර අැත. එහිදි තරග වැදීමට අමතරව ඔහුට අැති තවත් කාර්යයක් වන්නේ ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමයි.

ඔලිම්පික් යන සංචිතයට, කාන්තා මැරතන් ඉසව්ව නියෝජනය කරමින් ගීතානි රාජසේකර, හෙල්ල විසිකිරීම ඉසව්වෙන් සුමේද රණසිංහ, බැඩ්මින්ටන් ඉසව්වෙන් නිලූක කරුණාරත්න, ජූඩෝ තරග නියෝජනය කරමින් චාමර ධර්මවර්ධන, සහ බර ඉිසිලීම අංශයෙන් සුදේශ් පීරිස් ද තරග වදිනු අැත. තවද පිහිනුම් ඉසව්වෙන් මැතිව් අබේසිංහ සහ කිමිකො රහීම් දෙදෙනාද, ඉලක්කයට වෙඩි තැබීම අංශය නියෝජනය කරමින් මංගල සමරකෝන්ද රියෝ යන සංචිතය අතර අැති ක්‍රීඩකයන්ය.

සම්පූර්ණ ලිපිය: රියෝ වලදී සිංහ ධජය කුරේ අතට


නායකත්වයට රුමේෂ් බුද්ධික

ශ්‍රී ලංකා සංවර්ධන සංචිතයේ නායකත්වයට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රුමේෂ් බුද්ධික නම් කර අැත. ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ අාදි සිසුවෙකු වන අතර ගාල්ල ක්‍රිකට් සමාජය නියෝජනය කල ක්‍රීඩකයෙකුද වේ.

15 දෙනෙකුගෙන් යුතු සංචිතය ඉදිරියේදි දකුණු අප්‍රිකාව සමඟ තරග කිහිපයකට මුහුණ දීමට නියමිතව අැත.

සංචිතය –

රුමේෂ් බුද්ධික (ගාල්ල CC), හෂාන් දුමින්ද (කෝල්ට්ස්), පබසර වඩුගේ (දෙමළ සංගමය), සඳුන් වීරක්කොඩි (එන්.සී.සී.), ලහිරු මිලන්ත (රාගම), සදීර සමරවික්‍රම (කෝල්ට්ස්), ඇන්ජලෝ ජයසිංහ (කෝල්ට්ස්), ප්‍රියමාල් පෙරේරා (කෝල්ට්ස්), කසුන් මධුශංක (එස්.එස්.සී.), ෂෙහාන් මධුසංක (සැරසන්ස්), අනුක් ප්‍රනාන්දු (එන්.සී.සී), කේෂාන් විෙජ්රත්න (කෝල්ට්ස්), අකිල ධනංජය (කෝල්ට්ස්), සංජය චතුරංග (පානදුර පිල), අමිල අපොන්සු (රාගම).