Pages

24 July 2016

වෙස්සගිරිය

වෙස්සගිරියත් වැඩි දෙනෙක් අතර ප්‍රසිද්ධ තැනක් නෙවේ. අනුරාධපුරේ ඇවිත් ලගම තියන ඉසුරුමුණියට ගියාට ඊට අල්ලපු වැටේ තියන වෙස්සගිරියට වැඩි දෙනෙක් එන්නෙත් නෑ. එකෙත් පොඩි හොදක් තියනවා. මෙතන තියෙන්නේ අමුතුම පිහිටීමක්. එකේ ලස්සන විදින්නනම් නිස්කලංක බව එතනට අවශ්‍යයි. සෙනග වැඩිපුර අවොත්නම් ඇතිවන ගෝශාව එතන ඒ සුන්දරත්වයට හානියක්.


පිහිටීම         :- ඉසුරුමුණියට ඉතා ආසන්නව
දිස්ත්‍රික්කය   :- අනුරාධපුරය
GPS කියවීම:- 8.328480, 80.389941
Google Map:- මෙතන click කරන්න


මේක ගැනත් මගේ සංචාර Youtube channel එකේ Video එකක් කරා. Data තියනවනම් බලලා
subscribe පාරක් දාන්න.



අද වෙනකොට ඉසුරුමුණිය හා වෙස්සගිරිය තැන් දෙකක් උනාට ඉස්සරනම් ඉසුරුමුණිය පන්සලටම අයත් කොටසක්. මෙතන ඉදන් 1Km වත් නෑ ඉසුරුමුණියට.


මෙම ස්ථානය ඉස්සර භික්ෂුන්වහන්සේලා භාවනායෝගීව ඉන්න යොදා ගත්ත ස්ථානයක්. අමුතුම පිහිටීමක් එක්ක තැනින් තැන් තියන විශාල පර්වත. ඒවගෙන් හැදිච්ච ගල් ගුහා. ඒවගේ ඇතුලෙන් කටරම් කොටලා තියනවා. මේ නිසා අවට නැති අමුතුම සුන්දරත්වයක් එතන තියනවා.


හැබැයි ඉතින් එතන ලස්සන හැමෝටම විදින්න පුළුවන් දෙයක් නෙවේ. එකිනෙකාගේ රසවින්දනය වෙනස් නේ. මෙතන බලන්න දෙයක් නෑ කියන අයත් ඉන්නවා. මටනම් අමුතුම ලස්සනක් තියන තැනක්. ඒක හැබැයි photos වලින් පෙන්නන්නත් අමාරුයි.




Phone එකකින් ගන්න ඒවා නිසා තරමක් photos වල වර්ණය හරියට ඇවිත් නෑ.


ඒ වගේම මෙතන ශිලා ලිපියකුත් තියනවා. එකේ තිබ්බ විස්තරේ photo එකෙන්ම බලාගන්නකෝ එහෙනම්.


මෙතන මේ පඩිපෙළ කොටස ගොඩක් දෙනෙක් මංගල චායාරුප ගන්න යොදා ගන්න තැනක්. ඒ නිසාම වෙන්න ඇති "අවසර නැතුව මංගල චායාරුප ගැනීම තහනම්" කියලා board ගහලා තියනවා.



ඇවිදන් යද්දී පොඩි දෙයක් දැක්කා. ඒ ගලක පොඩි කට්ට වගයක් කොටලා තියනවා. ඇයි කියන්නනම් හරියටම දන්නේ නෑ. උඩට නගින්න පඩිපෙලක් විදිහට ගත්තා වෙන්නත් පුළුවන්.




මෙතන වල වැවිලා තියන කලෙටනම් ලස්සන වැඩි. එත් එක දිගට පවිල්ල වැටුනම වල ඔක්කොම මැරිලා කහ පාට වෙලා යනවා. ඒ කලෙටනම් මෙතන සුන්දරත්වයේ අඩුවක් වෙනවා. ගත්ත තව photos ටිකකුත් තියනවා. බලාගෙනම යන්න.






Trip එකක් යන්න  place ඕනෙනම් sanchara99.blogspot.com/p/map.html වෙත පිවිසෙන්න




No comments:

Post a Comment