ගෙවුනු දවස ජුලි 23 – කණිෂ්ඨ රග්බි ක්‍රීඩකයෝ අපරාජිතව ඉදිරියට

751
ගෙවුනු දවස ජුලි 23

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 රග්බි – 

පොඩ්ඩෝ වැඩ පෙන්වයි

හොන්ග් කොන්ග් හි රාජකීය උද්‍යාන (Royal Park) ක්‍රීඩාංගණයේදි ඊයේ පැවැත්වු 18න් පහල පාසල් අාසියානු සත්සමාජික රග්බි තරගාවලියේ ප්‍රථම දිනයේ තරග සියල්ලකින්ම ජය වාර්තා කිරීමට නවීන් හේනකන්කානම්ගේ ගේ නායකත්වය දරණ ශ්‍රී ලංකා කණ්ඩාමයට හැකි විය.

ප්‍රථම තරගය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවති අතර 19 – 12 ලෙස වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එහිදි චතුර සෙනෙවිරත්න, අවිශ්ක බෝයගොඩ සහ අනුක් බෝයගොඩ උත්සහක දිනුම් වාර්තා කිරීමට සමත් විය. සෙනෙවිරත්න ප්‍රවර්තන දෙකක් සාර්ථක කරගන්නා ලදි.

දෙවැනි තරගය ප්‍රබල මැලේසියා කණ්ඩායමට එරෙහිව පැවති අතර එය ලකුණු 9කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුහ. නවීන් හේනකන්කානම්ගේ උත්සහක දිනුම් 3ක් වාර්තා කිරීමට සමත් වු අතර අනුක් බෝයගොඩ සහ අවිශ්ක ශෙයික් ද උත්සහක දිනුම් 1 බැගින් වාර්තා කරන ලදි. සෙනෙවිරත්න ප්‍රවර්තන දෙකක් සාර්ථක කර ගත් අතර තරගය 29 : 21 ලෙස නිමාවට පත්විය.

ඉන්පසුව පැවති තෙවැනි තරගය පැවැත් වූයේ මොංගෝලියානු කණ්ඩායම සමගය. එහිදි ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් රැස් කිරීමට ඉඩ නොතැබු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 52 වාර්තා කිරීමට සමත් වුහ. විනුල් ෆර්නැන්ඩො, සුමුදු රන්කොත්ගේ, දිනුක් අමරසිංහ, හරිත් බණ්ඩාර උත්සහක දිනුම් වාර්තා කිරීමට සමත් විය.

අද තරගාවලියේ තෙවැනි දිනයයි.

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න


 පාපන්දු –

02 : 01 ජය ගුවන් හමුදාවට

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 6වැනි සතියේ තරග 7ක් ඊයේ ප්‍රධාන පෙලේ පාපන්දු ක්‍රීඩාංගණ කිහිපයකදි පැවැත් විය. එහිදි ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, සුපර් සන් ක්‍රීඩා සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය සහ කොළඹ පාපන්දු සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

ලකුණු සාරාංශය –

  1. යුධ හමුදා ක්‍රීඩා සමාජය 05 : 00 සිවිල් අාරක්ෂක ක්‍රීඩා සමාජය

  2. ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 02 : 01 නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය

  3. මාතර පාපන්දු සමාජය 00 : 04 කොළඹ ක්‍රීඩා සමාජය

  4. අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය 01 : 01 සොලිඩ් ක්‍රීඩා සමාජය

  5. ජාවා ලේන් ක්‍රීඩා සමාජය 01 : 02 සුපර් සන් ක්‍රීඩා සමාජය

  6. පොලිස් ක්‍රීඩා සමාජය 00 : 02 නාවික හමුදා ක්‍රීඩා සමාජය

  7. තිහාරිය යූත් ක්‍රීඩා සමාජය 01 : 09 රිනවුන් ක්‍රීඩා සමාජය

සංක්ෂිප්ත වාර්තාව බලාපොරොත්තුවන්න

දවසේ නිමාව

අද දිනයේ පුවත් සමඟ රැදෙන්න පිවිසෙන්න – මුල්පිටුවට