මීලග අගහරුවාදා එනම් ජුලි මස 26 වැනිදා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත පලමු ටෙස්ට් තරගය සදහා 15ක දෙනෙකුගෙන් යුතු සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇත.

ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයත්, දිනේෂ් චන්දිමාල්ගේ උපනායකත්වයත් යටතේ සිය වෘත්තීය දිවියේ ආරම්භය සටහන් කරන ක්‍රීඩකයින් වන ලක්ෂාන් සදකැන්, රෝශේන් සිල්වා සහ අසිත ෆර්නැන්ඩෝ සංචිතයට කැදවා ඇත.

තවද බලාපොරොත්තුවෙන් සිටි ක්‍රීඩකයෙකු වු විශ්ව ෆර්නැන්ඩෝ ද සංචිතයට ඇතුල් කර ඇති අතර මේවන විට පැවැත්වෙන එංගලන්ත ශ්‍රී ලංකා A කාණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන දනංජය ද සිල්වා ද සිය දක්ෂතා පදනම් කරගෙන මෙම සංචිතයට කැදවා ඇත.

දුෂ්මන්ත චමීර සහ ධම්මික ප්‍රසාද් අබාධ තත්වයන් හේතුකොට ගනිමින්ද, ශමින්ද එරංග වැරදි පන්දු යැවීමේ රටාව හේතු කොට ගනිමින්ද තරගාවලියට සහභාගී නොවන අතර ඔවුන්ගේ අඩුව පීරවීමට මෙම තරගාවලියේ දි කවුරුන් හෝ සමත්වේද යන්න ගැටළුවට කරුණක්.

 සංචිතය 

ඇන්ජලෝ මැතිව්ස් (නායක),
දිනේෂ් චන්දිමාල් (උප නායක),
දිමුත් කරුණාරත්න
කෞෂාල් සිල්වා
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
රොශේන් සිල්වා
කුසල් ජනිත්
නුවන් ප්‍රදීප්
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
රංගන හේරත්
දිල්රුවන් පෙරේරා
‍ලක්ෂාන් සදකැන්
සුරංග ලක්මාල්

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට