ප්‍රංශ පොලිස් හා ආරක්ශක අංශවල විශ්වාසකල නොහැකි තරමේ අසමත්කම් නිසා වලක්වාගත නොහැකිවූ බැස්ටීල සැමරුම් ඝාතන

කුඩා දරුවන් ඇතුලු ජීවිත 84ක් බිලිගත් බැස්ටීල සැමරුම් දින ඝාතකයා වන මොහොමඩ් ලහාව්හායිජ් බෞලෙල් පැදවූ ට්‍රක් රථය.
බැස්ටීල සැමරුම් දින ඝාතකයාට ජීවිත 84 බිලිගැනීමට හැකිවූයේ ප්‍රංශ පොලිස් ආ ආරක්ශක අංශවලින් සිදුවූ සිතාගත නොහැකි අන්දමේ අතපසුවීම් හා නොසැලකිලිමත් කම නිසා බව පවසන මියගියවුන්ගේ පවුල්වල ඥාතීන් ප්‍රංශ රජයට විරුද්ධව නඩු පැවරීමට තීරණය කොට තිබෙනවා. 

අතිශය දියුණු රටක් මෙන්ම දිගින් දිගටම ත්‍රස්තවාදයෙන් බැටැකෑ රටක පොලිස් හා ආරක්ශක අංශ ඉතාමත් සෝදිසියෙන් හා අවධානයෙන් සිටිය යුතු නමුත් ප්‍රංශ පොලිස් හා ආරක්ශක අංශවල නිද්‍රාශීලී බව හා නොසැලකිලිමත් බව හෙලිවන කරුණු සමහරක් මියගිය වුන්ගේ ඥාතීන් විසින් මාධ්‍යවලට හෙලිකොට සිටියා.

1] ඝාතකයා පැදවූ ට්‍රක් රථය ටොන් 19ක් බර රෙනෝල්ට් මිඩ්ලම් වර්ගයේ විශාල රථයක් වන අතර ප්‍රංශයේ නීතිය අනුව ජාතික නිවාඩු දින වලදී මහාමාර්ගවල ගමන්කල හැක්කේ ටොන් 7.5කට අඩු බරින් යුතු ප්‍රවාහන වාහන පමණයි. බැලූ බැල්මටම විශාල රථයක් බව පෙනෙන මෙම රථය බැස්ටීල දින ඝාතනය සිදුවූ Promenade des Anglais මාවතේ සතර වතාවක් එහා මෙහා පදවා ඇති අතර ඉන් කිසිම අවස්ථවක එම රථය පරීක්ශාකිරීමට හෝ රියදුරාට නීතිවිරෝධී වාහනයක් පැදවීම පිලිබඳව ප්‍රශ්ණ කිරීමක් සිදුවී නෑ.

2] වඩාත් පුදුම සහගත වන්නේ බැස්ටීල ප්‍රධාන සැමරුම (හා ඝාතනය සිදුවූ) Promenade des Anglais ප්‍රදේශයෙහි ටොන් 3.5කට වඩා බර වාහන ගමන් කිරීම ප්‍රංශ පොලීසිය විසින් ජූලි 14 බැස්ටීල දින මුලු දිනය පුරාම තහනම් කොට තිබීමයි!!! 

එවැනි තහනමක් තිබියදිත් ටොන් 19ක අතිවිශාල ට්‍රක් රථය සතර වතාවක් එම මාර්ගයේ ගමන් කරද්දීත් කිසිම ප්‍රංශ පොලිස් නිළධාරියෙකු හෝ ආරක්ශක අංශ නිළධාරියෙකුගේ අවධානයට එය බඳුන්වී නෑ.

3]මෙම ට්‍රක් රථය ප්‍රහාරය සිදුවීමට පෙර පැය 9ක් පමණ එම ප්‍රදේශයෙහි රථ ගාලක නවත්වා තිබි ඇති අතර, ඝාතකයා වන මොහොමඩ් ලහාව්හායිජ් බෞලෙල්ගෙන් පොලිස් නිළධාරීන් රථයේ ඇත්තේ මොනවාදැයි ඇසූවිට ඝාතකයා රථය තුල අයිස්ක්‍රීම් ඇති බවටත්, තමන් ඒවා බැස්ටීල සැමරුම අවස්ථාවේ බෙදාහැරීමට බලාපොරොත්තු වන බවත් පවසා ඇති අතර. පොලීසිය කොට කලිසමක් හැඳ සිටි මේ ටියුනීසියානු ජාතිකයා පිලිබඳව කිසිදු සැකයක් ඇතිකරගෙන නෑ. 

මෙහි ඇති පුදුමය නම් රථය අයිස්ක්‍රීම් ගෙනයාම සඳහා නිමැවුනූ ශීතකරණ රථයක් නොවීමයි. පුහුණු පොලිස් නිළධාරීන්ට පමණක් නොව සාමාන්‍ය වැසියෙකුට පවා ට්‍රක් රථය වටා වරක් ඇවිද්දේ නම් එය අයිසික්‍රීම් ගබඩා ක්‍රීම සඳහා ශීතන යන්ත්‍ර නොමැති රථයක් බව පැහැදිලි වනවා.

ප්‍රංශ පොලීසියේ නොසැලකිල්ල සිතාගත නොහැකි බව විචාරකයින් පවසනවා.

රාත්‍රී 10.30ට මල්වෙඩි සංදර්ශණයේ අවසානයත් සමග ඇරඹි ඝාතනයට පෙර ට්‍රක් රථයේ පැය ගණනාවක් රැඳීසිටි ඝාතකයා ට්‍රක් රථයේ සිටිමින් අවස්ථා 4කදී සෙල්ෆි ඡායාරූපගෙන ටියුනීසියාවේ සිය පවුල වෙත යවා තිබෙනවා.


ඝාතනයට පෙරදින, එනම් ජූලි 13 වැනිදා ට්‍රක් රථය හා තවත් මිතුරෙකු සමග සෙල්ෆියක් ගන්නා ගේ ජංගම දුරකථනයේ එය සටහන්වී තිබූ අයුරු. 

මුස්ලිම් ආගමිකයෙකු වුවද පල්ලි නොගිය, රමදාන් උපවාසය සිදු නොකල ඝාතකයා මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහිවූ, විකෘති කාමාශාවන් ඇති, සමලිංගික පිරිමින් සේවනය කල, අවුරුදු 70ක් වයස මහලු පිරිමියෙකු සමග නිතර ලිංගික සබඳතා පැවැත්වූවෙක් බව හෙලිවී තිබෙනවා.

__________________________________________________________________________
Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments