ඔකීෆ් එල්ල කල කැන්ගරුවන්ගේ වෙඩිමුරය

325
slvaus 3rd day 1st test

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ  අන්තර් ජාතික ක්‍රිකට්  තරඟාවලිය ආරම්භ කිරීමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟය ජුලි මස18 වැනිදා පී. සරවනමුත්තු ඕවල් ක්‍රීඩා පිටියේදී ආරම්භ විය.එම තරඟයේ තෙවන දිනය අද (20) ක්‍රියාත්මක විය. මෙම තරඟය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉණිමකින් හා ලකුණු 162 කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

දිනය ආරම්භ කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම  කඩුලු 9 ක් දැවී ලකුණු 431 (122) ක් ලෙස ලකුණු පුවරුව සටහන්ව තිබිණි.

පසුගිය ලිපි: ස්ටීව් ඔකීෆ් පිත්තෙනුත් දස්කම් දක්වයි

අනතුරුව මුන්රෝ බර්ඩ් හා ජෝන් ඔකීෆ් 10 වන කඩුල්ල සඳහා ලකුණු 58 ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. බර්ඩ් 4 පහරවල් 4 ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 35 ක් ලබාගැනීමට සමත් විය. නොදැවී දක්ෂ ඉණිමක් දියත් කල ජෝන් ඔකීෆ් 4 පහරවල් 9 ක් සමඟ ලකුණු 78* ලබාගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු පළමු ඉණිම – 474 -10 (132.3) ජෝන් ඔකීෆ් 78*, ඇන්තනි බර්න්ස් 72, ස්ටීවන් ස්මිත් 57, ශෝන් මාෂ් 47, ශෙහාන් ජයසූරිය 5/110

අනතුරුව ලකුණු 245 ක අවාසිය ක් සහිතව පිටියට පැමිණි ශ්‍රී ලංකා සභාපතිගේ  කණ්ඩායමේ පළමු කඩුලු 2ක් එක් ලකුණකට දවාලීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය. මෙහිදී පියුමාල් ප්‍රනාන්දු ලකුණු නොලබා ඉණිම දෙකේදීම දැවි යාම කැපී පෙණිනි. කෙසේ වෙතත් 3වන කඩුල්ල සඳහා ලකුණු 48ක සබඳතාවයක් එක් කිරීමට ශෙහාන් හා අසේල සම්පත් සමත් විය. එය ශ්‍රී ලංකා සභාපති දෙවන ඉණිමේ හොඳම සබඳතාවය විය. ශෙහාන් 4 පහරවල් 5ක් සමඟ ලකුණු 29කට දෙවන ඉණිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පිටියෙන් ඉවත් විය. මාධව වර්ණපුර අබාධයකට ලක්වූ නිසා පිතිකරණයේ නිරත නොවීය.

තරගයේ ඡායාරූප අැල්බමය සඳහා පිවිසෙන්න

අසේල ලකුණු 23ක් ලබාගන්නා ලදි. එම ඉණිමට 4 පහරවල් 4ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ දුර්වලතා යළිත් විදහා දක්වමින්  ලකුණු 15ක් තුළ අවසන් කඩුලු 6ක් විශිෂ්ට ලෙස දවාලීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය. ලකුණු 65කට කඩුලු 8ක් දැවී අන්ත අසරණ තත්ත්වයකට ඇද දමමින් ස්ටීව් ඔකීෆ් මෙම ඉණිමේ ද ශ්‍රී ලංකා කණ්ඩායම සුනු විසුනු කර දැමීමට සමත් විය. අවසන් මොහොතේ දී දිල්හාර ප්‍රනාන්දු 4  පහරවල් 3ක් සමඟ ලකුණු 15ක් ලබාගන්නා ලදි. මෙම තරගයේ දී ශ්‍රී ලංකා දෙවන ඉණිම තුළ ලකුණු 10 සීමාව පසුකර ගියේ පිතිකරුවන් තිදෙනෙකු පමණි.

ශ්‍රී  ලංකා සභාපතිගේ කණ්ඩායම දෙවන ඉණිම – 83 -10 (20.5) ශෙහාන් ජයසූරිය 29, අසේල සම්පත් 23, දිල්හාර ප්‍රනාන්දු 15, ජෝන් ඔකීෆ් 5/21, නේතන් ලයන් 2/14

ඒ අනුව පුහුණු තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් ඉණිමක හා ලකුණු 162ක, විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 26 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට