සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

භාණ්ඩ හා සේවා සඳහා ක්‍රෙඩිට් කාඩ් පතකින් ගෙවීම් කිරීමේදී මේ පිළිබඳවත් පරික්ෂාකාරී වෙමු.



අපගේ සෑම දවසක්ම වියදම් සහිතය. එසේ නොවන දවසක් නම් ඒ අප නිවසින් බැහැර නොගොස් ගෙතුලටම වී සිට කිසිත් නොකර කා බී නිදා ගන්නා දවසක් විය යුතුය.

සාමාන්‍ය වැඩ කරන දවසක් තුල අප විසින් කොතෙකුත් මුල්‍ය ගනුදෙනු සිදු කෙරෙනු ඇත. මෙම ගනුදෙනු වලදී අප ගෙවීම් කරන ආකාරය විවිධාකාර විය හැක. කාසි හා නෝට්ටු, චෙක්පත්, බැංකු අණකර, හෝ ඉලෙට්‍රොනික ගෙවීම් උපකරණ (Electronic Payment Devices)මෙහිදී අප භාවිත කරනු ඇත.

ඉලෙක්ට්‍රොනික ගෙවීම් උපකරණ අතුරෙන්, ක්‍රෙඩිට් කාඩ්පත් (එනම් හරකාඩ්පත් / ණය කාඩ්පත්) මගින් මුල්‍ය ගනුදෙනුවක් සඳහා ගෙවීම් කිරීමට සුදානම් වීමේදී මෙන්ම එම ගනුදෙනුව සිදු කරන අතරතුර අප සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සලකා බලමු.

භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමට ඔබ යම් වෙළෙඳ සැලක් වෙත ඇතුළු වන විට ප්‍රථමයෙන්ම ඔබගේ අවධානය යොමු විය යුත්තේ එම වෙළෙඳසැල හරහා ඔබට සම්බන්ධ විය හැකි ගෙවීම් සේවා ජාලය කුමක් ද යන්න පිළිබඳවයි.

ශ්‍රී ලංකාව තුල නම් එය වීසා (VISA), මාස්ටර්කාඩ් (Mastercard), හෝ Amex (ඇමෙක්ස්) විය හැක. ඇතැම් වෙළෙඳසැල්හරහා ඔබට මේ සියලු සේවා ජාල හරහා සම්බන්ධ විය හැකි වුවත්, ඇතැම් විට එය එකක් හෝ දෙකක් පමණි.

ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතේ සඳහන් සේවා ජාලය කුමක්දැයි සැකහැර හඳුනා ගන්න. එම සේවා ජාලයට අදාළ වෙළෙඳ සලකුණ සහිත වෙළෙඳසැල් වලින් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.
ගනුදෙනුව සිදු කිරීමට පෙර ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ එම ගනුදෙනුව සිදු කිරීමට තරම් ප්‍රමාණවත් ණය සීමාවක් ඔබ සතු බව ඔබගේ බැංකුව අමතා තහවුරු කර ගන්න. එහෙත් සැම ගනුදෙනුවක් සඳහාම මෙය සිදු කිරීම ප්‍රයෝගික නොවේ.

එසේම සෑම ගනුදෙනුවක් අවසානයේ ඔබ සතු ණය ශේෂය මතක තබා ගැනීම ද  ගැටලුකාරී ය. මෙයට පිළිතුරක් වශයෙන් බැංකු, ඔබ සිදු කරන සැම ගනුදෙනුවකටම අදාළ ව කෙටි පණිවිඩයක් ඔබගේ ජංගම දුරකතනයට යොමු කරති. මෙවැනි කෙටි පණිවිඩ සේවාවක් සඳහා ලියපදිංචි වීම වාසිසහගතය.

ගනුදෙනුව සිදු කිරීමට ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත වෙළෙඳසැල් හිමියාට ලබාදුන් විට ඔබ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත දෙස ඉතා අවධානයෙන් බලා සිටින්න. වෙළෙඳසැල් හිමියා එය ඔබගේ දෘශ්‍ය පථයෙන් ඉවතට ගෙන යන්නේ නම් ඒ සඳහා කිසි විටෙකත් ඉඩ නොදෙන්න. එක් ඇසිල්ලක් තුල ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ දත්ත සොරා ගැනීමේ තාක්ෂණය දැන් ලොව පුරා සුලභය.

එහෙත් සියලු වෙළෙඳසැල්හිමිකරුවන් සොරුන් හෝ වංචාකරුවන් නොවෙත්. ඔවුන් සමඟ ආරවුල් ඇති කරගැනීමට අවශ්‍ය නොමැත. ඔබ සුපරික්ෂාකාරී වන්න.

ගනුදෙනුව සිදු කල පසු ඔබට අත්සන් කිරීම සඳහා වෙළෙඳසැල්හිමිකරු ඔබට ලබා දෙන රිසිට්පත ඉතා සැලකිල්ලෙන් කියවන්න. එහි සඳහන් වන පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න.

ගනුදෙනුව සිදු කල දිනය (මෙය වෙනත් දිනයක් නම් රිසිට්පත අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන්න)
ගනුදෙනුව සිදු කල ස්ථානයේ ලිපිනය (මෙය වෙනත් ලිපිනයක් නම් රිසිට්පත අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන්න)

ගනුදෙනුවට අදාළ මුල්‍යමය වටිනාකම (ඉතා ප්‍රවේශමෙන්! රු 500.00 වටිනාකම වෙනුවට රු 50,000 ක වටිනාකමට ඔබගේ අත්සන තැබූ විට ඇති වන තත්වය ඔබටම සිතා ගත හැකිය)

වැරදීමකින් දෝෂ සහිත රිසිට්පතකට අත්සන් තැබූ බව පසු දිනයක දී හෝ ඔබට හැඟී ගියහොත් වහාම, නොපමාව ඔබගේ බැංකුව අමතන්න. කල යුතු දෑ ඔවුන් දනිති.

ඔබට සෞභාග්‍යමත් දිනයක් පතන්නෙමු!

No comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවිය ඔබට යම් ආකාරයක අත්වැලක් වී නම් ඉහත දැක්වෙන ඕනෑම social network එකක් හරහා ඔබගේ මිතුරන් අතර share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබට සේම ඔවුන්ටද මෙම බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

ඔබ අපේක්ෂා කල තොරතුරු මෙහි අඩංගු නොවේ නම් කරුණාකර අපට දන්වන්න. හැකි සෑම අයුරකින්ම අපි ඔබ දැනුවත් කිරීමට සහය වෙමු.

ඔබට මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලින කිරීම් updates පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීම (RSS feeds) අවශ්‍ය නම් ඉහත Posts (Atom) භාවිතා කිරීම වඩා සුදුසුය.



අමතර වදනක්...
ඔබගේ බැංකුව සමඟ ඔබ සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම ඔබට බෙහෙවින් වාසිදායකය.
ඔබ විසින් බැංකුව වෙත ඉදිරිපත් කරන ලිඛිත ඉල්ලීම් මේ සඳහා ඔබට උපකාරී වන එක් වැදගත් සාධකයකි.

එහි වැදගත්මක අවබෝධකරගත් අප විසින් ඒ වෙනුවෙන්ම වෙනම විශේෂ බ්ලොග් පිටුවක් ආදරණිය ඔබ වෙනුවෙන් සකස් කර ඇත්තෙමු. නොමිලේ ඔබ වෙත සැපයෙන මෙම PDF ලිපි බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබාගෙන ඔබගේ බැංකු කටයතු වඩාත් පහසුවෙන් හා ආකර්ශණියව ඉටු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ගේ හදවතට වඩාත් සමීප වෘත්තිමය බ්ලොග් අඩවිය බවට පත් වීම.


අපගේ මෙහෙවර

ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒ ආශ්‍රිත ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අන්තර්ජාලයේ ඔබමොබ සැරිසරන, නීතිගරුක, විභව ගනුදෙනුකරුවන් හා සේවාදායකයන් හැකිතාක් අප වෙත ආකර්ෂණය කර ගනිමින්, උපදේශනය, දැනුවත් කිරීම, ව්‍යාපාරික හා රාජකාරි කටයුතු සඳහා ලිපි ලේඛණ සකස් කිරීම ආදී සේවා රැසක් ඔවුන් වෙත කඩිනමින් හා නිරවද්‍යව ලබා දෙමින්, ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රය මුළුමනින්ම නැවුම් යුගයක් කරා වහ වහා රැගෙන යන්නෙමු.