ඇස්ටන් මාටින් වල්කන් සුපිරි කාරය | Aston martin Vulcan supercar

2015 වසරේ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශණයේදී එලිදැක්වූ ඇස්ටන් මාටින් වල්කන් සුපිරි කාරය, දැනට ඇස්ටන් මාටින් සමාගම නිර්මාණය කල බලසම්පන්නම සුපිරි කාර් රථයයි. තිරිංග-අශ්වබල (break horsepower) 800ක ජවයකින් යුතු ඇස්ටන් මාටින් වල්කන් රථයේ අධික ජවයත්, සුපිරිවේගයත් නිසා එම රථය මහාමාර්ගවල ධාවනය සඳහා නීත්‍යානුකූල නොවන (not road legal) රථයකි. එම නිසා ඩොලර් මිලියන 2.3ක් ගෙවා මෙම රථය මිලදීගන්නා සුපිරි ධනවතුන්ට එම රථය ධාවනය කල හැක්කේ මෝටර් රථ ධාවන තරඟ සඳහා යොදාගන්නා ධාවන පථවල පමණයි.

පසුපස රෝදවලට ජවය ලැබෙන (rear wheel drive), දොර දෙකේ කූපේ (2 door coupe) රථයක් වන මෙයට ලීටර් 7ක ධාරිතාවය ඇති V12 එන්ජිමක් සවිකොට ඇත.  වේග 6 ගියර් පද්ධතියකින් සමන්විත මෙහි පසුපස රෝදවලට බලය ගෙනයන්නේ කාබන් ෆයිබර්  propeller shaft එකකිනි. ඉදිපස හා පසුපස ඩිස්ක් බ්‍රේක් පද්ධති කාබන් සෙරමික් වලින් තනා ඇති අතර කාරයේ අධිකවේගය නවතා ගැනීම සඳහා විශේෂයෙන් නිර්මාණය කොට ඇත.


සැහැල්ලු හා සුපිරි ශක්තියකින් යුතු carbon fiber වලින් නිමවා ඇති රථයේ බොඩිය හා චැසිය, ෆෝමියුලා F1 රේසින් රථ නිර්මාණය කරන මොනෝකෝක් (monocoque) ආකාරයට නිර්මාණය කොට ඇත. මොනොකෝක් ආකෘතියෙන් රථයක් නිර්මාණය කිරීමේදී චැසිය හා බොඩිය එකට එකතුකොට එක රාමුවක් (single frame) ලෙස නිර්මාණය කරයි.

රථයේ නිර්මාණය ඇස්ටන් මාටින් ප්‍රධාන නිර්මාපක මැරෙක් රයික්මාන් විසින් සිදුකරන ලද අතර මොනෝකෝක් බොඩි නිශ්පාදනය  ඇස්ටන් මාටින් නිෂ්පාදන හවුල්කරු වන මල්ටිමැක් සමාගම විසින් සිදුකොට ඇත.

සීමිත නිශ්පාදනයක් ඇති Limited Edition ආකාරයට එලිදකින ඇස්ටන් මාටින් වල්කන් රථ 24ක් පමණක් නිපදවෙනු ඇත. රියදුරාට ආරක්ශාව සපයන සියලුම ආරක්ශක විධිවිධාන හා රියදුරු සහයක තාක්ශණ (driver aid technology) මෙහි අඩංගු කොට ඇත.

Source : Aston Martin Vulcan, by Guwani Umanga

__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments