ගෙවුනු දවස ජුලි 16 – පාසල් වොලිබෝල් සැණකෙලියේ නිමාව

285
Sri Lanka Sports News last day summary july 17

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 වොලිබෝල් 

තියුණු තරගයක ජය ජෝසප් වාස් විදුහල

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ පාසල් වොලිබෝල් සංගමයත් එක්ව DSI සමාගමේ සවිබල ගැන්වීමෙන් පැවැත්වෙන 16වැනි DSI Super Sports පාසල් වොලිබෝල් ශූරතාවලියේ වසය අවුරුදු 16න් පහල සහ 18න් පහල වයස් කාණ්ඩයේ බාලක, බාලිකා අංශයන් හි අවසන් මහා තරග ඊයේ මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

එහිදි 16න් පහල බාලිකා අංශය නියෝජනය කරමින් තරග වැදුනු ගලිගමුව මධ්‍ය මහා විදුහල සහ අානමඩුව මහඋස්වැව රතනපාල මහා විද්‍යාලය අතරින් තරග වට 3-2 ලෙස ජයග්‍රහණය කිරීමට රතනපාල විද්‍යාලීය ක්‍රීඩිකාවෝ සමත් වුහ.

  • ප්‍රථම වටය – ගලිගමුව මධ්‍ය මහා විදුහල 26 : 28 මහඋස්වැව රතනපාල මහා විද්‍යාලය
  • දෙවන වටය – ගලිගමුව මධ්‍ය මහා විදුහල 25 : 19 මහඋස්වැව රතනපාල මහා විද්‍යාලය
  • තෙවන වටය – ගලිගමුව මධ්‍ය මහා විදුහල 10 : 25 මහඋස්වැව රතනපාල මහා විද්‍යාලය
  • සිවුවන වටය – ගලිගමුව මධ්‍ය මහා විදුහල 25 : 23 මහඋස්වැව රතනපාල මහා විද්‍යාලය
  • පස්වැනි වටය – ගලිගමුව මධ්‍ය මහා විදුහල 03 : 15 මහඋස්වැව රතනපාල මහා විද්‍යාලය

මාරවිල සාන්ත සේවියර් විදුහල සහ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය අතර 16න් පහල බාලක ශූරතාවය සඳහා පැවති තරගයෙන් තරග වට 3 – 1 ලෙස ජය වාර්තා කිරීමට සේවියර් විදුහල සමත් විය.

  • ප්‍රථම වටය – මාරවිල සාන්ත සේවියර් විදුහල 25 : 17 නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය
  • දෙවන වටය – මාරවිල සාන්ත සේවියර් විදුහල 21 : 25 නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය
  • තෙවන වටය – මාරවිල සාන්ත සේවියර් විදුහල 25 : 20 නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය
  • සිවුවන වටය – මාරවිල සාන්ත සේවියර් විදුහල 25 : 19 නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය

18න් පහල බාලිකා ශූරතාවය දිනා ගැනීමට ගලිගමුව මධ්‍ය මහා විදුහල් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඔවුන්ගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් වුයේ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ය.

  • ප්‍රථම වටය – ගලිගමුව මධ්‍ය මහා විදුහල 25 : 07 නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය
  • දෙවන වටය – ගලිගමුව මධ්‍ය මහා විදුහල 25 : 13  නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය
  • තෙවන වටය – ගලිගමුව මධ්‍ය මහා විදුහල 25 : 17 නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය

ශාන්ත ජොසප් වාස් විදුහල සහ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය අතර පැවති වයස අවුරුදු 18න් පහල බාලක අංශයේ ශූරතාවය තරග වට 3 – 2 ලෙස ජය ගැනීමට ශාන්ත ජෝසප් වාස් විදුහල සමත් විය.

  • ප්‍රථම වටය – ශාන්ත ජොසප් වාස් විදුහල 25 : 20 නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය
  • දෙවන වටය – ශාන්ත ජොසප් වාස් විදුහල 22 : 25 නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය
  • තෙවන වටය – ශාන්ත ජොසප් වාස් විදුහල 25 : 19 නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය
  • සිවුවන වටය – ශාන්ත ජොසප් වාස් විදුහල 21 : 25 නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය
  • පස්වන වටය – ශාන්ත ජොසප් වාස් විදුහල 15 : 06 නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය

සම්පූර්ණ ලිපිය: 14න් පහල වොලිබෝල් තරු කිරුළු පලදි


 ක්‍රිකට් 

පොලීසිය ඉදිරියේ රාගමට පහසු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරනු ලබන 23න් පහල අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියා් තරග 8ක් ඊයේ පැවැත්විය. ඒ්වායින් ජයග්‍රහණ වාර්තා කිරීමට CCC සමාජය, ගාල්ල ක්‍රිකට් සමාජය, කොල්ට්ස් ක්‍රීඩා සමාජය, බ්ලූම්ෆිල්ඩ් ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස්, වරාය අධිකාර් ක්‍රිකට් සමාජය, රාගම ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා යන ක්‍රීඩා සමාජය සමත් විය.

සම්පූර්ණ ලිපිය සඳහා රැදි සිටින්න

දවසේ නිමාව