Saturday, April 20, 2024

General line - 0115112241

අරණායක ඛෙදවාචකයෙන් මියගිය අය සිහිකර පිංකම් මාලාවක්




අරණායක සාමසාර කන්ද නායයාමෙන් මියගිය පිරිසට පිං පැමිණ වීම වෙනුවෙන් නෙත් එෆ්.එම්. රේඩියෝව සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කරන පිංකම් මාලාවක් හෙට (17) ආරම්භ කෙරෙනවා.

භික්ෂුන් වහන්සේ සියයකට අධික පිරිසක් සහභාගි වන පිණ්ඩපාත චාරිකාවක් සහ දහවල් සංඝගත දක්ෂිනාවක් හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිතයි.

මීට සමගාමීව නෙත් එෆ්. එම් රේඩියෝවේ ශ්වේත පූජා පොහෝදා වැඩසටහනද අරණායක රහල බටහිර බෝධිරුක්කාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.