Thursday, April 25, 2024

General line - 0115112241

කුමන්ත‍්‍රණය පරාජය කළ බව තුර්කි හමුදා ප‍්‍රධානියා කියයි




තුර්කි ආණ්ඩුව පෙරලීමේ කුමන්ත‍්‍රණය ව්‍යර්ථ කළ බව වැඩබලන තුර්කි යුද හමුදාපති ජනරාල් උමිත් ඩන්දාර් පවසනවා.

කුමන්ත‍්‍රණයට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන් ඇතුළු 2839 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අතර ඉහළ හමුදා නිලධාරින්ද වන බව අදාළ වාර්තාවල සඳහන්.

මෙම අසාර්ථක කුමන්ත‍්‍රණයේදී 265 දෙනෙකු මියගිය බවත්, 1440 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

කැරැල්ල අවසන් වීමෙන් පසු තුර්කි ජනාධිපති ටයිප් අර්ඩොගන් ප‍්‍රකාශ කර ඇත්තේ ජනතා බලය පවතින තුරු කැරළිකරුවන්ට සාර්ථක විය නොහැකි බවයි.

gettyimages-576531214

සබැඳි පුවත්

 

UPDATE :තුර්කියේ 60ක් මරුට – 754ක් අත්අඩංගුවට

 

ලංකාවේ තුර්කි තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්