Saturday, July 16, 2016

හඳ මාමා Mitsubishi Lancer Evo X MR එකේ යතේ, අපෙ මාමා Subaru Impreza WRX STi එකේ යතේ



1992 ඉඳන්ම හඳ මාමයි අපෙ මාමයි මරාගත්තා. 2016 දී හඳ මාමාගේ කාර් එක ඉතිහාස පොතේ පිටුවක් අස්සේ හිරවුණා. වලිය නැතුව දැන් අපට පාළුයි පාළුයි වගේ!

Mitusbishi Evo එක කියන්නේ මම කාලෙක ඉඳලා ගන්න ආසාවෙන් හිටපු කාර් එකක්. ඕක ෆැන්ටසියක් විදිහට තියනකල් මාරම ජොලි. එතකොට ඉතිං ලාවට හරි ආත්ම ගරුත්වයක් ඇතුව ගහලා තිබුණු ස්පොයිලර් එකක් දැක්ක ගමන් ලාන්සර්ද? ඊවෝද? ඔරිජිනල්ද? කන්වර්ෂන්ද? වගේ දාහක් ප්‍රශ්න බඩේ තියාගෙන තමයි ඒ දිහා බලන්නේ. 

කොහොම වුණත් කාර් එකක් ගන්න පුළුවන් කාලේ ඇවිත් මිලගණන් හොයන්න ගත්තම තමයි මට කාර් විශ්වයේ හේතුඵල ධර්මය පසක් වෙන්න ගත්තේ. ඉඳල හිටලා හරි ඉක්මන් එකේ හරි රියසෙවණේ හරි ලංකාදීපේ හරි ඊවෝ එකක් මතුවුණාම මම කෙළ හලාගෙන බලනවා. ඊට පස්සේ ගාන දැක්කම හපුතලේ කන්ද දැකලා බඩදනවා! 

ඊවෝ එකට ආසා වුණාම ඔය කාසියේ අනික් පැත්ත තමයි සුබාරු ඉම්ප්‍රෙසා WRX STI එකත් එක්ක අහේතුක මලක් පැනීම. ඒ කාලේ මම ඊවෝ එක ඉම්ප්‍රෙසා එක පරද්දන වීඩියෝස් හොයහොයා බැලුවා. ටොප් ගියර් එකේ විකාර ටෙස්ට් එකකින් හරි ෆිෆ්ත් ගියර් එකේ සෙන්සිබල් ටෙස්ට් එකකින් හරි ඊවෝ එක දිනනවා දැක්කම මට නිකං ගෙදර බල්ලා පිට බල්ලෙකුට නෙළුවා වගේ හෙන හැපී. වතාවක් ඊවෝ X එකට වඩා නිසාන් GTR එක හොඳයි කිව්වා කියලා මට ෆිෆ්ත් ගියර් එකේ ටිෆ් නීඩෙල්ව ඩෙවල් දාන්න තරම් කේන්තියක් ආවා (මම කාර් ටීවී ලෝකේ වැඩියෙන්ම කැමති ටිෆ් ට සහ විකී ට. ඒකයි මෙතන උත්ප්‍රාසේ).



ඔය අතරේ තමයි මගේ මිත්‍රයෙක් වුණු පයිලට් අප්පුවා සුබාරු ඉම්ප්‍රෙසා එකක් ගත්තේ. මට මේක බලන්න යන්න ඕනෑකම තිබුණත් ඌ උගේ ලොවේ මම මගේ ලොවේ නිසා ඕක බලන්න වෙලාවක් ආවේ නෑ. දවසක් ඌ මගේ බීට්ල් එක බලන්න මම වැඩකරපු තැනට ආවා. ඒ කාලේ මම රත්මලානේ සෝන් එක ඇතුලේ තැනක පාට් ටයිම් වැඩක් කළා. සෝන් එක සාමාන්‍යයෙන් දවල්ට නිහඬයි. එතකොට එල්කාඩෝ එකේ ෆෝක්ලිෆ්ට් ටික එහෙම ගොඩක් දුරට දවල්ට කන්න ඇතුළට ගිහිං. ලොරි කාරයෝ ලෝඩ් පටෝගෙන එදාවේල ටුවර්ස් වලට මාරු වෙලා. බවුසර් කාරයෝ පාර අයිනේ බවුසර් නවත්තලා ඒවා ඇතුළේම නිදි. වැඩ කරන එවුන් කීයටද ගෙදර යන්නේ කියලා හිතහිත නිහඬව නිසලව කොම්පියුටර් දිහා බලන් ඉන්නවා. ඉතිං මේ යකාගේ එන්ජිමේ සද්දේ නිදහසේ අහන්න මම බලාගෙන හිටියා. 

මූ එක්තරා ෆැමිලි කාර් කට්ටක නැගලා ආදරෙන් පැරදිච්චි කබරගොයෙක් වගේ හබරල ගාලක් අස්සෙන් මතුවෙච්චි! (බ්‍රෑන්ඩ් එක මතකයි. ඒත් කියන්නේ නෑ).

මට සීයයි දශම හතට මලපැන්නා. ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. අන්තිමට අපි දෙන්නා පොඩි චැට් එකකට පස්සේ සෝන් එකෙන් එළියට වාහන දෙක එළවන් ආවා. මම 3 ශ්‍රී බීට්ල් එකක. ඌ බිස්කට් තොග වශයෙන් විකුණන්න පාවිච්චි කරන කාඩ්බෝඩ් පෙට්ටියක. 

උගේ වාහනේ කොච්චර hideous ද කියනවා නම් ඒකට අප්පිරියාවේ හැංගෙන්න ගිය ඩිමෝ බට්ටෙක් අපි ඉස්සරහම පාරේ කෝල් එකකට ආන්සර් කරමින් හිටපු එකෙකුගේ බඩේ ලාවට ඇනලා නැවතුණා. බට්ටා එලෝපු ඩ්‍රයිවර් බට්ටා අර අහිංසකයව බේත් ගන්න එක්ක යනකල් ඉඳලා අපි ගෙවල් බලා ගියා.

පස්සේ කාලෙක මිනිහා කාර් එක විකුණලා දාලා රටිනුත් චුත වුණා. ඔය කාලෙම වගේ තමයි මිට්සුබිෂි එක දම් පාටින් ලා සඳ බැසයනවා කියලා කපුගේ සහ මාලිනී මතක් කරගෙන ඊවෝ එකට සමුදෙන්න තීරණය කළේ. අන්න එතකොට මට අර නිවුටන්ගේ ඔළුවට කාක් බෙට්ටක් වැටුණා වගේ නියම තුනක් අවබෝධ වුණා. 

1. ඔය යක්කු ඉන්න තත්ත්වේ හැටියට ඔය තීරණේ වෙනස් වෙන්නේ නැහැ. 

2. උඹට මහජන සම්පතක් අදුණත් ඕකක් අලුතින් ගන්න වෙන්නේ නැහැ. 

3. කීප් කාම් ඇන්ඩ් මාරු වෙයන් සුබාරු හීනෙකට! 

ඒ අනුව (පාපොච්චාරණයක් විදිහට කියනවා නම්) මගේ සුබාරු හීනය පටන් ගත්තේ අර ගෙදරට නාකිවෙන බයට අහුවෙච්ච එකාව/එකීව කරේ එල්ලගන්නවා වගේ සීන් එකකින්. නමුත් ටිකක් කල් යනකොට හිත ඇතුළේ සුබාරු ප්‍රේමයක් නිල් පාටට, රත්තරන් පාට 17 වීල් සෙට් එකක් එක්ක දළු දාන්න පටන් ගත්තා. මේකට හේතුව කියන්න එක දෙයයි කියන්න ඕනා. 

බොක්සර් එන්ජිම... 

බොක්සර් එන්ජිම කියන්නේ horizontally-opposed පිස්ටන් තියන එන්ජිමක්. මේකේ විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් වාසි කීපයක් තියනවා. 

1. Center of Gravity එක low 
2. වයිබ්‍රේෂන් අඩුයි 
3. සේෆ්ටි වැඩියි 
4. සද්දේ sexy 











ගතානුගතික එන්ජින්වලින් වෙනස් වෙන එන්ජින් ගැන ප්‍රේමයක් මගේ හිතේ ඉස්සර ඉඳලම තිබුණා. ෆොක්ස්වැගන් වල තියෙන්නෙත් flat 4  එන්ජිමක් වීම ඒකට එක හේතුවක්. කොහොම වෙතත් ක්ලැසික් කාර්වල එන එන්ජින් වලින් BMC එකේ එන්ජින්වල සද්දෙට මම ආසයි. මම තාමත් කම්මැලි හිතුණම මගේ මොරිස් මයිනරේ ස්ටාට් කරලා rev කරලා සද්දේ අහන් ඉන්නවා (මගේ මයිනරේ 950 එන්ජිමට වඩා 1275 එන්ජිමේ සද්දේ රහයි කියලා මම නොදන්නවා නෙමෙයි. ඒත් මිනියකුත් කැන්දන් එන්න අමාරු තරමට තාම මගේ සාක්කුව හෙන පුංචියි). 

ඔහොම ටික ටික යනකොට සුබාරු බ්‍රෑන්ඩ් එක මට අර 'කොහෙද සත්තලනේ මෙත්තල කල් හිතියේ?' වගේ තත්ත්වෙකට පත්වුණා. පසුබිම් කතාව නොදන්නා හෝ නොතකා හැරපු මගේ යාලුවෝ හිතුවේ ගරාජ් එකකදී මගේ ඔළුවට කවුරු හරි තඩි යතුරකින් ගහලා කියලයි. මේකට හේතුව තමයි ඉතිං අර රැලි කාර් විශ්වය ඇතුලේ මිට්සුබිෂි සහ සුබාරු බ්‍රෑන්ඩ් දෙකේ rivalry එක. මිට්සුබිෂි ඊවෝ එකයි සුබාරු ඉම්ප්‍රෙසා STI එකයි දෙකම බිහිවෙන්නේ World Rally Championship එක ඉලක්ක කරගෙන. සුබාරු ඉම්ප්‍රෙසා එකේ එන WRX අභිධානයේ තේරුමත් World Rally eXperimental කියන එකයි. 1995 දී තමයි සුබාරු නාමය පළවෙනි වතාවට World Rally Championship ජයග්‍රාහකයන්ගේ නම් ලයිස්තුවේ සටහන් වුණේ. 




නමුත් එතනින් පස්සේ පිටපිට අවුරුදු 4 ක් චැම්පියන් වුණේ ඊවෝ එක. Tommi Mäkinen කියන සුපිරි ඩ්‍රයිවර් පිළිවෙළින් Evo III, IV, V සහ VI කාර් එක්ක මේ විදිහට ජයග්‍රාහකයා වුණා. ඊට පස්සේ ආයෙත් 2001 සහ 2003 අවුරුදුවලදී මේක උස්සන්න සුබාරු එකට පුළුවන් වුණා. මෙහෙම කියාගෙන යනකොට කොක්ක තිබෙන්නේ කොයි කොයි දේසේ කියලා මීටර් නේ?



මේක ධනවාදී ලෝකයක්. Brands එක එක rivalry හදාගන්නවා. ඊට පස්සේ ඒ rivalry අනුව අපි දෙකට බෙදෙනවා. දැන් මාක්ස්වාදී සහෝදරයන්ගේ Rev counter එක උපරිමේට නගීවී. නමුත් ගැටුමක් නැතුව ප්‍රගතියක් ලැබෙන්නේ නෑ සහෝදරයා. 

බ්‍රෑන්ඩ්ස් අතර මේ වගේ අපූරු හතුරුකම් තව ඕන තරම් තියනවා. ඇමරිකාවේ ෂෙව්රලේ සහ ෆෝර්ඩ් අතර දශක ගාණක වලියක් යනවා. ඕස්ට්‍රේලියාවේ ෆෝර්ඩ් සහ හෝල්ඩන් අතර කෙහෙවලු පටලවා ගැනිල්ල මීට වඩා සෑහෙන්න දරුණුයි. නමුත් අන්තිමේදී මේ සේරම අපිට ජීවිතේ විඳින්න එක එක අපූරු පොටවල් පාදලා දෙනවා. 








හඳමාමා ඊවෝ එකේ යනකොට අපෙ මාමා ඉම්ප්‍රෙසා එකේ ගියා. දැන් ඊවෝ නැති නිසා සේරම හඳ මාමලා මඩේ හිටෝපු ඉනි වගේ වැනි වැනී ඉන්නවා. 

ඩෝන්ට් වොරි හඳ මාමේ, අලුත් ලවු එකේ රහ දැනුණට පස්සේ ඔය 'අවසානයට පෙර ඈ ගියා' සින්දුව ඉබේම නවතියි... 


www.facebook.com/CarPissuwa


පසු සටහන්: 

1. Subaru WRX STI එකේ ආපු Impreza කෑල්ල 2011 මොඩ්ල් ඉයර් එකේදී හැලුණා. දැන් තියෙන්නේ ඉතුරු කෑලි සහ අලුතෙන් එල්ලපු කෑලි විතරයි.

2. දැන් මට Subaru BRZ එක ගැන 'මගේ නොවන මගේම මෙව්වා එකක්' තියනවා. මේක ටොයෝටා එකත් එක්ක එකට develop කරපු එකක්. ඒ නිසා මේක සමහර රටවල Toyota 86 කියලා එනවා. 

3.  Subaru WRX එක ගැන ලංකාවේ ඇහින් ලියපු ලිපියක් Torque & Throttle සඟරාවේ 2016 ජූනි මුද්‍රිත කලාපයේ 11 වෙනි පිටුවේ ඉඳන් ඉස්සරහට තියනවා. හොයාගෙන කියවන්න. ඕක ඔබ්සර්වර් එකත් එක්ක නොමිලේ දීපු එක නිසා සෑහෙන පිරිසක් ගාව ඇති.




 


26 comments:

  1. ඕස්ට්‍රේලියාවේ ෆෝර්ඩ් සහ හෝල්ඩන් අතර කෙහෙවලු පටලවා ගැනිල්ල මීට වඩා සෑහෙන්න දරුණුයි.

    දැන් ඒක හරි. දැන් ඔක්කොම වහලා දාලා මම හිතන්නෙ. ඕස්ට්‍රේලියන් කාර් ඉන්ඩස්ට්‍රි එකට බබා හම්බ වුනා.

    තරිඳු, ඔය රසයවල් කලින් කලට වෙනස් වෙන්නත් පුලුවන්. ඉස්සර ඔය වගේ රස තිබ්බ මම පස්සෙ ඩීසල් වෑන් එකකට සෙට් වුනා. දැන් ඒකට ආසයි. මගෙ හිතකවත් තිබ්බෙ නෑ කවදාවත් වෑන් එකක් ගන්න. හැබැයි මම කොහොමත් ඩීසල් එන්ජින් වලට පෙට්‍රල් එන්ජින් වලට වඩා ආසයි. කාර් එකක ඉඳගත්තාමත් ටිකක් ඉඩ මදි ගතියක් දැනෙනවා. ඔය ජීප් SUV එලවන උන්ටත් ඕක තියෙනවා. කාර් එකකට නැග්ග ගමන් උස මදි බං. බිම ඉඬහ්ගත්ත වගේ කියලා කියවෙනවා.

    මමත් ෆ්ලැට් එන්ජින් වලට, වී ටයිප් බයික් එන්ජින් වලට, දැකලා නැති වුනත් වැන්කල් රොටරි එන්ජින් වලට මනාපයි.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ මොකටද? මාත් වැන්කල් එකට නම් සෑහෙන මනාපයි, ගන්න පිං නැතුවා මිසක්. RX8 එකක් දැක්කම වටේ කැරකිලා හිතින් අඬලා තමා යන්නේ!

      Delete
  2. අර ඈඩ් ටික දැක්කම සටන කොච්චර උච්චව තිබිලා තියෙනවද කියලා හිතෙනවා... ෆෝඩ් කාරයා ෆෙරාරියට අරින්න කරපු මොකක්ද මගුලක් උඹේ බ්ලොග් එකෙන්මද කොහෙද කියෙව්වේ....

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, ඔය කාර් ලෝකේ කුණු ගොඩක් ඇවිස්සුවොත් ඉතින් අපි තමා :D

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. තවම සේරම වහලා නෑ.ටොයොටා තවම හදනවා නමුත් 2017 වහනවා.මිට්සුබිශි ඉස්සෙල්ලම වැහුවා. දන්නවද ඔස්ටින්,ෆොක්ස්වාගන් පවා ඕස්ට්‍රේලියාවේ හදලා තියනවා. හැබැයි වහන්න හේතුව රජය ටැක්ස් වැඩි කරන්න කැමති නෑ ඉම්පෝටඩ් කාර් වලට මොකද එතකොට වාහන ගාන වැඩි වෙනවා.බ්‍රෑන්ඩ් නිව් කොරොල්ල එකක් ලක්ශ 25 විතර ගානකට ගන්න පුලුවන්.

    ReplyDelete
  5. එකක් ගන්ඩෝනැ… හවසට හංදිය පැත්තෙ යන්න. ඕ යේස්

    ReplyDelete
    Replies
    1. දෙකම ගන්ඩ පත්තර මල්ලි. හෝ දහය විස්ස කරලා එකක් තෝරගෙන හන්දියට ගියහැකි... :D

      Delete
  6. Evo kiyanne podi kale idalama mage dream vehicle eka. Kawadawath evo ekak drive karala nethi unath ekath ekka puduma badeemak thiyenawa. Mage mulma car eka lancer ck2 ekak evo ganna salli neti nisa. Eka aurudu 3k use kara. Patta wandiya. Me ck2 eka nisa civic heene hitapu un dennek lancer cs2 ganna thenata awa. Than mama inne pita rataka. Thamath evo ekak dekkama mavil kelin wenawa. Mona tharan hoda wandiyak dekkath evo ekak dakinawa wage gathiyak ne. Lagadima 98 evo 6 tomi mekinen edition ekak or 7 gsr ekak bassanna hitagena innawa.

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාව ඉෂ්ට වෙලා කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එකට ඇවිත් පින්තූරයක් දමාවි කියලා බලාපොරොත්තු වෙනවා. ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි දසන්ත!

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මමනං ගත්තෙ මරුටියක්. ඔව් ඉන්දියාවේ ලබ්බක් තමයි. ජපන් එකක් ගන්න සල්ලි මදිවුනා.

    ReplyDelete
    Replies
    1. මරුටිය කියන්නේ සංකල්පයක් හැටියට බොහොම පෙරළිකාරී වාහනයක්. ඒ ගැන ලිපියක් ළඟදීම එනවා! ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි!

      Delete
  9. මාර වලියක්නෙ මේක.
    අර එන්ජිම වැඩකරන විදියටනං මටත් ආස හිතුන.

    ReplyDelete
    Replies
    1. ඕකේ සද්දේ ඇහුවා නං ඔයිටත් වඩා ආසා හිතෙනවා. මම ඊවෝ එකේ සද්දෙට වඩා මේකේ සද්දෙට මාරම ආසයි!

      Delete
  10. මං නං සුබාරු ගැන හිතුවේ ඒ දවස්වල ෆයිව් ස්ටාර් සේෆ්ටි තිබුණු එකම කාරෙක නිසයි. හැබැයි ඉම්ප්‍රෙසාවෙන් මං ඉම්ප්‍රෙස් වුනේ නෑ. ගත්තේ ලිබර්ටියක්.

    ReplyDelete
  11. ටොයෝටා 86 එකට වඩා නම් ඉම්ප්රෙසාව හොදා..ඉවො හීනෙ දුර වැඩි නම් ck2 එකට evo kit සරණන් ගච්චාමි තමා

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් බොඩි කිට් හෙන ගණන්. දේශීය බොඩි කිට් ගැහුවම පොල් පැටෙව්වා වගේ බරයි. ඕක නොවැ ප්‍රශ්නේ.

      Delete
    2. අනිවාර්යෙන් ගොඩක් උන් බොඩි kit එක එල්ල ගත්තට preformence පැත්ත හිතනවා අඩුයි..හදනවා නම් එන්ජිම ඉදන් මාරු කරලා tween turbo පාරක් එහෙම දාලා ගන්න ඕනි..අස්සයා ලස්සන උනාට වැඩක් නැ නොවෑ දුවන්න බැරි නම්..

      Delete
  12. මොන කෙහෙල්මලකටද දන්නෙ නෑ...සුබාරු එකක් දැක්කම අර උඹෙ යාළුවා EVO එකෙන් එනවා කියලා බිස්කට් පෙට්ටියෙන් අපුවෙලාවෙ සීයයි දශම හතට උඹට මල පන්න වගෙ මල පැනලා ආයිත් පනිනව...

    ReplyDelete
  13. මාත් ගන්නවා එකක් (සෙල්ලං)

    ReplyDelete