Thursday, April 25, 2024

General line - 0115112241

ගැටුමට හේතුව හෙළිවෙයි – විද්‍යා පිඨය තාවකාලිකව වැසෙයි (UPDATE)




යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (16) පස්වරුවේ ඇති වූ ගැටුම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේ එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධාන කර තිබූ උත්සවයකදී මෙම ගැටුම හටගෙන ඇති බවයි.

එහිදී නවක සිසුන් පිළිගැනීම සඳහා නර්තන අංගයක් යොදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් ගැටුමට හේතු වී ඇති බවද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

සිද්ධියෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද පි‍්‍රයන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

………………………………………………………………….

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

Jul 16, 2016 @ 16:10

 

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී මෙම ගැටුම හටගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එහිදී තුවාල ලැබූ සිසුන් කිහිප දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වුණා.

jaffna www.nethfm.com6 jaffna www.nethfm.com4 jaffna www.nethfm.com2 jaffna www.nethfm.com1