Friday, April 19, 2024

General line - 0115112241

භික්ෂූන් වහන්සේ හත් නමක් එකම තැන ධර්ම දේශනාවක (UPDATE)




නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් සමාජ මෙහෙයුමක් ලෙස අනුග‍්‍රහය ලබාදුන් කෑගල්ල අටාල, උඩුගම ශී‍්‍ර විසුද්ධාරාම විහාරස්ථානයේ පැවති සප්ත ආසන කාව්‍යමය ධර්ම දේශනය ඊයේ (16) රාත්‍රියේ සාර්ථකව අවසන් කෙරුණා.

ඊට සහභාගි වූ දහස් සංඛ්‍යාත උවැසි උවැසියන් විහාර පරිශ‍්‍රයෙන් පිටව ගියේ බුද්ධාලම්භන ප‍්‍රීතියෙන්.

ඊට සහභාගීවූවන් පැවසුවේ මෙවැනි කටයුත්තක් සඳහා එක්වූ පළමු අවස්ථාව මෙන්ම දකින්නට ලැබුණු පළමු අවස්ථාවද මෙය වූ බවයි.

(ඔවුන් දැක්වූ අදහස් කිහිපයක් පහතින් අහන්න)

මෙම පිංකම සංවිධාන කෙරුණේ කෑගල්ල අටාල, උඩුගම ශී‍්‍ර විසුද්ධාරාම විහාරස්ථානය, එම විහාරයේ දායක සභාව, එම විහාරස්ථ ශී‍්‍ර ධර්මජෝති දහම්පාසල සහ ගම්වාසීන් එක්වයි.

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනෙන් පුහුණුව ලද යූ ආර් අ ලීඩර් පිංදෙණිය විද්‍යා චක‍්‍රවර්තී බලකායේ සාමාජික සාමාජිකාවන්ද ඊට එක්වුණා. පිංකම ආරම්භයේදී සහ අවසානයේදී දන්සැල් සංවිධාන කෙරුණේද ඔවුන්ගේ මෙහෙයවීමෙන්.

පිංදෙණිය විද්‍යා චක‍්‍රවර්තී ජාතික පාසලේ ආචාර්යවරියක් සහ යූ ආර් අ ලීඩර් පිංදෙණිය විද්‍යා චක‍්‍රවර්තී බලකායේ සාමාජිකයෙක් නෙත් නිවුස් වෙත දැක්වූ අදහස් පහතින් අහන්න.

 

IMAG0817 IMAG0836 IMAG0840-1 IMAG0843image-0-02-01-3b564f9dc16a0f1a5facdbf78802b81c52350a389877eefb7c3618912af31c5f-V image-0-02-01-4facc82766b4879bd8884ae2f8259b9eae90052d841f22b91dfcec75c9664fdc-V image-0-02-01-965cae02bf48331cecc62c7882f19382b354d3f93c4ebf0f605dc8c81c6b958a-V image-0-02-01-3056b3e75c298ae10ac832b3d10519ea95341eb26b5086486b7934d8d10eb7cc-V image-0-02-01-a4013ed2af6f0560ca2ba5a67a86714be520e42a62486673bf84d9202e8bebcb-Vimage-0-02-01-ed960ccb43dbc3e19ec25884a9731ee9fdb6013c41e5f829d50df5fbf18fe9bd-V image-0-02-01-f63644b9282064af5c3b62cbb5fbd8023420cf3678e603d034fd9d868e7e0e47-V


 

සප්ත ආසන කාව්‍යමය ධර්ම දේශණය අද (PHOTOS)

(Jul 16, 2016 @ 12:02)

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන යටතේ මෙහෙයවනු ලබන සප්ත ආසන කාව්‍යමය ධර්ම දේශණයක් අටාල, උඩුගම ශී‍්‍ර විසුද්ධාරාම විහාරස්ථානයේදී අද (16) පැවැත්වෙනවා.

මෙම පිංකම මෙහෙයවනු ලබන්නේ යූ ආර් අ ලීඩර් පිංදෙණිය විද්‍යා චක‍්‍රවර්තී බළකායේ දායකත්වයෙන්.

විහාරස්ථ දායක සභාව, ශී‍්‍ර ධර්මජෝති දහම් පාසලේ දරුවන් සහ ගම්වාසීන් එක්ව මෙම පිංකම සංවිධාන කර තිබෙනවා.

පිංකම වෙනුවෙන් අටාල, උඩුගම ශී‍්‍ර විසුද්ධාරාම විහාරස්ථාන පරිශ‍්‍රය සූදානම් කිරීම මේ වනවිට සිදු කෙරෙනවා.

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් පිංදෙණිය විද්‍යා චක‍්‍රවර්තී බලකායද ඊට එක්ව සිටින්නේ දැඩි උද්යෝගයකින්.

13692196_1422891881071293_1024774581_o 13694154_1422891937737954_1386381180_o 13695802_1422891877737960_1301071294_n 13699574_1422891934404621_1567496526_o 13702500_1422891901071291_264190911_o 13711620_1422891911071290_83358761_o