Pages

10 July 2016

පිදුරංගල

පිදුරංගල තියෙන්නේ සීගිරියට කිට්ටුවම. සීගිරියේ ඉදලා 2Km විතර දුරක්. පිදුරන්ගලට නැග්ගම තමා ඔයාලට සිගිරිය ලස්සනටම දැක ගන්න පුළුවන් වෙන්නේ. පිදුරන්ගල උඩ කිට්ටුවටම යනකං යන්න පාර තියනවා. අන්තිම ටික ගල් ටිකක් අස්සෙන් නගින්න වෙන්නේ. එකත් හරි විනෝදජනක වැඩක්. උඩට අව්ව තදින් වැටුනට එක දැනෙන්නේ නෑ.ඒ තරම් තදට හුලග වදිනවා.





පිහිටීම :- සීගිරියට ඉතා ආසන්නව
දිස්ත්‍රික්කය:- මාතලේ
GPS කියවීම:- 7.966478, 80.761442
Google Map:- මෙතන click කරන්න


මම මේ blog එකත් එක්කම Youtube Channel එකකුත් කරනවා. මේ තමා පළමු කොටස. පල්ලෙහා තියනවා video එක.ඒක බලන්න. සම්පුර්ණ ගමන එකේ තියනවා. 

Video එක පැහැදිලි මදිනම් Video එකේ settings icon එක click කරලා 1080P කියන එක තෝරන්න. හොදයිනම් Subscribe කරගෙනම යන්න



කලින්ම කියන්නම්. මේක පන්සල් භූමියක්. ඇතුළු වෙනකොට අනිවාර්යෙන් එකත් මතක තියාන එන්න. 

අතුරු පාර දිගේ එද්දී මුලින්ම එනකොට බුදු පිළිමයක් ඉදි කල තැනක් හමු වෙනවා. අපි එතනින් බැස්සා. එතනින් වෙන්න ඇති නගින්න තියෙන්නේ කියලා හිතාගෙන.


හැබැයි එතනින් නෙවේ නගින්න පටන් ගන්න තියෙන්නේ. තව ටිකක් අපු පාර දිගේම ගියාම හම්බ වෙනවා පිදුරංගල පන්සල.එතනින් තමා නගින්න පාර තියෙන්නේ. ඒ උනාට මෙතනට පිදුරංගල ගල හරිම ලස්සනට පේනවා. photo එක බලන්නකෝ.



මෙතනින් තමා පිදුරංගල නගින්න ඇතුළු වෙන්න තියෙන්නේ.






උඩට නැග්ගම දකින දර්ශනය දැක්කම පිදුරංගල ඔබේ මතකයෙන් අමතක නොවෙන ස්ථානයක් වෙයි.තවමත් පිදුරංගල දේශීය සංචාරකයන් අතර එතරම් ප්‍රසිද්ද නෑ.ඒ නිසා ඔබට නිස්කලංකව පරිසරයේ සුන්දරත්ව උඩට වෙලා විදින්න පුළුවන්.අපි ආපු දවසේ හිටියේ විදේශිකයෝ තුන් හතර දෙනෙක් විතරයි.




මේ පර්වතය උඩ ඉතා විශාල ඉඩක් තියනවා. කොටින්ම කිව්වොත් ක්‍රිකට් සෙල්ලම් කරන්න තරම් ඉඩක්. එත් ගල තියෙන්නේ අංශක 45 විතර අනතියක් නිසා ඒ සෙල්ලම් මේක උඩ දාන්න බෑ.

පිදුරංගල  කියන්නෙ අතීතයේ භික්ෂුන් වැඩ හිටියෙ මනාව ඉදිකල ආවාස සංකීර්ණයක්.
සීගිරිය හදන්න කලින් ඒ ප්‍රදේශයේත් භික්ෂුන් වැඩවාසය කරලා තියනවා. ඒ නිසා කාශ්‍යප රජු සීගිරියේ මාලිගාව හදන්න කලින් අංග සම්පූර්ණයෙන ආවස සංකීර්ණයක් හදලා දීලා තමා සීගිරියෙ බල කොටුව හදන්න අරං තියෙන්නෙ.

පිදුරංගල එද්දි බලා ගන්න පුලුවන් ඔයාලටත් ඒ කාලේ හදපු කුටි වල නටබුන් වගේම විශාල සැතපෙන බුදු පිලිමෙකුත්. දැක ගන්න පුලුවන්. කනගාටුවට කාරනයනම් ඒ බුදු පිලිමය නිතර නිදන් හොරු විසින් හාරලා තියනවා.




ඒ වගෙම තමා කාශ්‍යප රජු තම පියා මැරීම ගැන පසුව විශාල  පසුතැවීමකින් ඉදලා තියනවා. ඒ නිසා පසු කාලීනව ගොඩක් ආගමික කටයුතු වල්ට නැබුරු වෙලා තියනවා. රජතුමා දිනකට දෙවරක් බුදුන් වැන්ද බව සදහන් වෙනවා. ඒ නිසා සීගිරියට හොදින් පෙනෙන පරිදි ඉස්සෙල්ලා කිව්ව සැතපෙන පිලිමය ඉදුකලා කියලත් කියනවා.




ඒ වගේම තමා සීගිරි බිතුසිතුවම් වල ඉන්න මල් අතින් ගත්ත ලදුන් ඉන්නෙ පිදුරංගල දෙසට හැරිලා. ඒ නිසා එයාලා පිදුරංගලට මල් ගෙනයන විදිහට ඉන්නවා කියලා සමහරු කියනවා. ඒත්  එහෙම අඩ නිරුවත්ව පන්සල් යන්න විදිහක් නෑ කියන අයත් ඉන්නවා. 
සීගිරියේ ලස්සන හොදටම දැකබ්ගන්න පුලුවන් තැනක් තමා පිදුරංගල. මම දාපු photos බලද්දි ඒක ඔයාලටත් වැටහෙයි.



වැඩිය දේශීය සංචාරකයන් එන්නෙ නෑ. අපි ආපු දවසේ හිටියේ විදේශිකයන් කීප දෙනෙක් පමනයි. ඒ නිසා නිස්කලංකව හිත සැහල්ලුවෙන් හෝරා කීපයක් උනත් ගල උඩට වෙලා අවට බලමින් ඉන්න හිතෙනවා.
උඩට තදේට හුලග වදිනවා. ඒ නිසා වැටෙන තද අව් රශ්මිය දැනෙන්නෙත් නෑ. Video කරද්දි phone එක අල්ලං ඉන්න බැරි තරමට හුළග වෙලාවට සැරයි.
අපේ නඩේ ගහපු තවත් photos ටිකක් දැම්මා. හොදද බලන්නකෝ. 






ඊලග කොටසෙන් හමු වෙමු. ජය.....!!! 


Trip එකක් යන්න  place ඕනෙනම් sanchara99.blogspot.com/p/map.html වෙත පිවිසෙන්න

3 comments:

  1. Pahala idala kanda mudunata yanna kochchara welaawak yanawadha

    ReplyDelete
    Replies
    1. පැය භාගයක් විනාඩි 45ක් විතර

      Delete