2016/06/21

වෙහෙසුනු සිත


මූණක් කියල දෙයක් මටත් තිබ්බ තමයි.
මම ඒත් ඒකෙන්
ඇඬුවෙ නෑ
හිනාවුනෙ නෑ
කතා කරේ නෑ

අත් කියල දෙකක්ම මටත් තිබ්බ තමයි.
ඒත් ඒවයින් මම
වැඩ කරේ නෑ
ගහගත්තෙ නෑ
දන්දුන්නෙ නෑ

කකුල් කියල දෙකකුත් මට තිබුන
මම ඒවයින්
උඩ පැන්නෙ නැහැ
ඇවිද්දෙ නැහැ
දිව්වෙ නැහැ

හිතක් කියල දෙයක් මට තිබ්බ
මම අර සේරම කරේ ඒකෙන් නිසා
මගෙ හිත ගොඩක්ම මහන්සි උන
දැන් හිත මහළු වෙල
ඒත් මම තාම තරුණයි

No comments:

නියමුවා
නියමුවාගේ |සිත | ප්‍රබන්ධ | උපදෙස් | කවි | ගවේෂණ