2016/06/24

හෙමින් ගිය දුර


        Dance India Dance වේදිකාවට එක් වරම අවුරුදු 28ක පමණ ඉන්දියානු තරුණයෙකු අවතීර්ණ වෙයි. පුදුමාකාර වේගයෙන් නර්තනයක යෙදෙයි. මමද youtube වෙබ් අඩවිය හරහා එය නරඹමින් සිටියි. එක්වරම එම video එක slowmotion හෙවත් හෙමින් ධාවනය වීමට ඇරඹුනි. මා ඉන් පසු පහළ ඇති පාලන පුවරුවට ගොස් බැලුවේ කුමක් හෝ වෙනස් වීමක් සිදුවී ඇත්දැයි කියායි. නමුත් කිසිම වැරැද්දක් මා අතින් සිදුවී නැත. අන්තර්ජාල සම්බන්ධතාවයේද කිසිම වැරැද්දක් නොමැත. සාමාන්‍යයෙන් එසේ එම රූපවාහිනී නාලිකාවෙන් දමනවානම් මිනිසුන් දැනුවත් කරණු ලබයි. නමුත් එසේ දැනුවත් කිරීමකුද දක්නට නොමැත. එම වීඩියෝව එක්වරම හිරවෙයි. එක්වරම වේගයෙන් ධාවනය වේ. නැවතත් සෙමින් ධාවනය වේ. මා හට ඉතුරු වී තිබුණේ යම්කිසි අත්භූත බලවේගයක්වත් මගේ පරිගණකයට බාධා කරනවාදැයි සැක කිරීම පමණයි. එයද අනුවණ ක්‍රියාවකි. මන්ද යත් තාක්ෂණික භූතයන් මෙලොව නොමැති නිසාය.



        අවසානයේදී මම ඔහුගේ වෙනත් වීඩියෝවන්ද නැරඹීමි. ඒවාද එසේමය. youtube වෙබ් අඩවි පාලකයනි, අන්තර්ජාල සේවා සැපයුම් කරුවනි මට සමාවෙන්න ඔබලා හට ශාප කළාට. එය ඔබේ වරදක් නොවන්නේය. එය ඔහුගේ දක්ෂතාවමය. ඔහු නමින් Raghav Juyal වේ. ඔහු DID තරඟයට පෙනී සිටියේ croc kroax නමිනි. එම නම සෑදී ඇත්තේ කිඹුලාගේ නම හා කැරපොත්තාගේ නම මිශ්‍ර වීමෙනි. කෙසේ වෙතත් ඔහුව ලෝකයා හඳුන්වන්නෙ The Slow Motion King නමිනි. ඇත්ත වශයෙන්ම ඔහුගේ නර්තනයන් අතිවිශිෂ්ටය.

        මිනිසුන් විවිධ කලාවන් අනුකරණය කරයි. එසේ අනුකරණය කර ඔහුද කලා කාමියෙකු වීමට තැත් කරයි. කලාව යනු අනුකරණය කිරීමක් නොවෙයි. අලුත් දෙයක් සිතා වෙනසක් සිදු කිරීමයි. එවිට වෙනත් අයෙකුට සාපේක්ෂව ඔහුගේ කලාව වෙනස් වේ. එවිට ඔහු එහි කලාකාරියා වේ. තමන් සිදු කරන දෛනික ක්‍රියාවන් වුවද වෙනස් වෙනස් ආකාරයෙන් සිදු කර බලන්න. එවිට අලුත් අලුත් කලාවන් සොයා ගත හැක. කලාව යනු හුදෙක් නර්තනය, ගායනය, චිත්‍ර ඇඳීමම නොවේ. ඇවිදීමේ කලාව, අහාර ගන්නා කලාව, නිදන කලාව ආදී ඕනෑම අවස්ථාවක් කලාත්මකව කිරීමට තැත් කිරීමෙන් තමන්ගේ කලාකාරියාව තමන්ට සොයා ගත හැක.

No comments:

නියමුවා
නියමුවාගේ |සිත | ප්‍රබන්ධ | උපදෙස් | කවි | ගවේෂණ