Sunday, October 5, 2014

තුරුළු කර විඳ ගනිමි මේ මිහිරි දඬුවම්.









ඉඳු නීල නෙතු කවුළු මා දෙසට හැරපියන් 
නින්ද නැති සිහිනයක ඔබ මාව සිරකරන් 
මේ සුවඳ ආදරය අයිති මා හට නම් 
තුරුළු කර විඳ ගනිමි මේ මිහිරි දඬුවම්. 

හද මැදුර දොර අගුළු ඔබට හැර දමන්නට 
මේ වසත් කාලයයි ඔබ ඇවිත් නැහැ තවම 
සඳවතිය මා ළඟයි පියවරක් ගානේ ම 
මං නැතිව පාළුවක් නොදැනුනිද ඔය හිතට. 

සියක් මල් මියෙද්දෙන් හද පුදසුන මත්තේ  
නොපිදූ මලක සුවඳට සිත ලතැවෙන්නේ 
ඔබ කෙරේ බැති සිතින් මම මෙහේ මියෙන්නේ 
මේ කඳුළු මගෙ නෙමෙයි ඔය ඇසට නොදෙන්නේ. 

1 comment:

  1. මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.
    නිසදැස වගේම මේ ටිකත් වැදුනා බෝක්කට

    ReplyDelete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.