Drivers Backup කරමු

අද මම මේ කියන්න යන්නේ මගෙ යාලුවෙක්ට වුන පොඩි කරදරයක් ගැනයි. අපේ ගෙවල් ලඟ මගෙ හොඳම හිතවත් මිත්‍රයෙක්ට අද විභාගයක් තියෙනවා. පහුගිය දවස් වල වෙසක් බලන්න යන්න කතා කරද්දිත් විභාගය පිටින් දාල හිටියා. ඉතින් ඊයේ රෑ 8ට විතර මට හදිස්සියෙන්ම වගේ කතාකරල කිව්වා වින්ඩෝස් වල මොකද්ද ප්‍රශ්නයක් ඉක්මනට හදල දෙන්න කියලා. මම ඉතින් ඉක්මනටම ගිහින් බැලුවා. කිව්වා වගේම වින්ඩෝස් වල මොකද්ද ප්‍රශ්නයක්. ඉතින් ඒ වෙලාවේ හැටියට කරන්න තිබුන එකමදේ අළුතෙන් ෆෝමැට් කරන එක. ඉතින් ඒකට තිබුන එකම ප්‍රශ්නෙ තමයි Mother Board CD එක නැති කම. ඉතින් මම ජංජාලේ හොයල හොයල ඒකට විසඳුමක් හොයා ගත්තා.

මේකෙන් කරන්න අපේ පරිගණකයේ තියෙන ඩ්‍රයිවර්ස් ඔක්කෝම ටික එකතු කරගෙන නැවත ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වෙන්න එක ෆයිල් එකකට සකසන එක. ඒ වගේම අලුත්ම ඩ්‍රයිවර්ස් අන්තර්ජාලයෙන් හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. අපි හිතමුකෝ අපේ පරිගණකයේ සවුන්ඩ්ස් වැඩ කරන්නේ නෑ කියල. මේ මෘදුකාංගයෙන් පුලුවන් අවශ්‍ය ඩ්‍රයිවර් එක හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලටත් මේ වගේ ප්‍රශ්න අනන්තවත් වෙලා ඇති. දැන් ඒ ගැන කල්පනා කරකර විසඳුම් හොයන්න අවශ්‍ය නෑ.

4 ප්‍රතිචාර:

Madhawa Habarakada said...

මේක නම් වටිනවා. drivers cd තිබ්බත් මේක වටිනව, එක එක driver එක ගානෙ දාන්න ඕනෙ නෑ නෙ. :D ස්තුතියි.

C0dE | කෝඩ් said...

කාටහරි ප්‍රයෝජනවත් වෙනවනං එච්චරයි. කමෙන්‍ටුවට තුති.

C0de BlUe said...

ලිපිය නම් ගොඩක් වටිනවා !!

Gangster said...

වටිනා පෝස්ට් එකක්...ස්තුතියි.... :)

 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net