Friday, July 1, 2016

අබාත් අප්පුහාමිලාගේ පියට්ටුවා මහතා ආගිය අතක් නැත. සොයාදෙන්න.




ෆියට් කිව්වහම ලෝකේ අනික් රටවල මිනිස්සුන්ට මතක් වෙන්නේ ගොඩක් වෙලාවට 127 Coupe එක සහ 124 Sport Spider එක වගේ වාහන. එහෙම නැත්නම් අලුත් Punto හරි Panda හරි වගේ වාහන (මයික්‍රෝ එකේ ගොබ්බයා නෙමෙයි. ෆියට් එකේ පැන්ඩා). අපේ රටේ ෆියට් කියපු ගමන් බොහෝ වෙලාවට අනික් පැත්තට හම්බවෙන්නේ එකම එක උත්තරයයි. 

"ආආආආආආආආආ.... බග් පියට්!" 

ඊට පස්සේ, ඒ උත්තරේ විස්තෘතයක් විදිහට මෙන්න මේ වගේ දේවල් වැහි වහින්න පටන් ගන්නවා. 

"අපේ මහප්පට තිබුණා ඉස්සර බග් පියට් එකක්. එන්ජිම පස්සේ. මේන් මෙච්චක් විතර හිච්චි වාහනේ. මං කිව්වද ඕකේ එන්ජිම තියෙන්නේ පස්සේ කියලා? ඔකේ එන්ජිම තියෙන්නේ පස්සේ. පොඩි වුණාට ඕකේ හොඳට ඉඩ තියනවා. දන්නවද ඕකේ එන්ජිම තියෙන්නේ පස්සේ කියලා? ආ මං කිව්වා නේද? ඕකේ එන්ජිම තියෙන්නේ පස්සේ. පොස්සගන් වලත් එන්ජිම තියෙන්නේ පස්සෙ නේ. ඕකෙත් එන්ජිම තියෙන්නේ පස්සේ..." 

අතීතයේ එක්තරා සරත් සෘතුවක මට ෆියට් 500 හෝ 600 එකක් ගන්න ආසාවක් ආවා. මට මතක හැටියට ඒ ආසාව දරුණු වුණේ 2012 මෝටර් ෂෝ එකේදී හම්බුණු මෙන්න මේ පොඩ්ඩා නිසා. 








මෙයාගේ අයිතිකාරයා කවුද කියන්න මම අදටත් දන්නේ නැහැ. මේකා නිසා මගේ පිස්සුව උත්සන්න වුණු පාර මම පංචිකාවත්තේ නෙළුම් මෝටර්ස් එකට කෝල් එකක් ගත්තා. 

"හෙලෝ... මේ... ෆියට් 500, 600 වලට පාට්ස් තියනවද බලන්න ගත්තේ..." 

"මහත්තයාගේ කාර් එකේ අවුරුද්ද මොකක්ද?" 

"තාම කාර් එක ගත්තේ නෑ..." 

(එහා පැත්තෙන් 'මොන ... ක්ද' කියන්නා වගේ සුසුම් හඬක් ඇහුණා.) 

"මහත්තයා කොහෙන්ද කාර් එක ගන්න යන්නේ?"

"තාම කාර් එකක් හොයාගත්තේ නැහැ." 

(එහා පැත්තෙන් අර ...ක්ද සුසුම් හඬ ආයේ ඇහුණා) 

"බඩු තියනවා මහත්තයා. අවුලක් නැහැ." 

ඒක එච්චරම convincing සංවාදයක් නොවුණු නිසා මම ටිකක් අධෛර්යය වුණා. ඒත් මම උනන්දුව අතඇරියේ නැහැ. ඊට පස්සේ මට එගොඩඋයනේ පාළම ළඟ තිබිලා පියට්ටුවෙක් හම්බ වුණා. කාර් එක බලන්න කලින් මම අයිතිකාරයා එක්ක කතා කළා. වාහනේට කෑලි හොයන්න පංචිකාවත්තේ ගිය හැටි, හදන්න විශේෂ බාස්ලා හොයපු හැටි, සමහර කෑලිවලට සෙකන්ඩ් හෑන්ඩ් ඒවා දාන්න වුණු හැටි වගේ දේවල් එයා කිව්වා. ඒ විස්තරේ අහලා වාහනේ බලපුවාම මට හිතුණේ යකෝ මූ මෙච්චර නැහිලත් වාහනේ නිකං මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා එළියට ගත්තා වගේ මලකඩ පාටයි නේ කියලා. 

මම දැකපු දුර්වලම මාකටිං එෆර්ට් අතරින් එකක් තමා උගේ වාහන විකිණිල්ල. (ආ! නෑ, තව දෙකක් තියනවා. 1. ගාල්ලේ එකෙක් දාලා තිබුණා ගොල්ෆ් එකක් විකුණන්න, පින්තූරේ නැතිව, එන්ජිම 100% යි බොඩිය 90% යි කියලා. එතකොට මම එච්චරම තැම්බිලා නැහැ. මම උගෙන් ඇහුවා ඇයි 90% කියලා දාලා තියෙන්නේ කියලා. මූ මට බනින්න පටන් ගත්තා මේවා අලුත් වාහන වගේ නෙමෙයි අඩුපාඩු තියනවා කියලා. ඔන්න ඉතින් මම ඌට කියනවා මම ඇහුවේ එහෙම දාලා තියෙන්නේ මොකද කියලා විතරයි කියලා, ඌ ඒක අහන්නේ නැතුව බර බර ගානවා. තව දෙන්නෙක් ඔය ප්‍රශ්නේ ඇහුව නම් මනුස්සයා දිවංගත වෙනවා. 2. පාදුක්කේ අර අමුතු කතා කියලා දැන්වීම් දාන හාදයා දවසක් මාව ලයින් එකේ තියාගෙන අක්කා කෙනෙකුට ගෑස් ලිපක් හදන හැටි කියලා දුන්නා. මම ඔක්කොම අහං ඉඳලා අනිද්දා වාහනේ බලන්න පුළුවන්ද ඇහුවම පොර කිව්වා අනිද්දා වෙනකල් තිබ්බොත් පෙන්නන්නං කියලා. අනිද්දට උඹම බලාගනින් කියලා හිතලා මම ෆෝන් එක තිබ්බා)

එගොඩ උයනේ පියට්ටුවා සැලකිය යුතු කාලයක් දෑස රිදෙනකල් පාර බලා ඉඳලා ඉතිහාසයේ කුණු බක්කියට වැටිලා ගියා. (කවුරුහරි අරන් යන්න ඇති ඉතිං. අනේ මන්දා!)

එතනින් පස්සේ මගේ ආසාව ඔටෝ යට ගියා. 

මේ ආසාව ආපහු ඔලුව ඉස්සුවේ ටොප් ගියර් බලන්න ගත්තමයි. හැබැයි ඒ පරණ 500 එක ගැන නෙමෙයි. අලුත් 500 එක ගැන. 

ලේසියෙන් අලුත් වාහනේකට දපනේ වැටෙන්නේ නැති මං Fiat 500 Abarth එකට පිස්සු වැටුණා. 

ෆියට් එක පරණ 500 එකේ අලුත් වර්ෂන් එකක් අඳුන්වලා දෙනවා කියලා නිවේදනය කළේ 2006 අවුරුද්දේ. 2007 දී මේක වෙළඳපොළට ආවා. මගේ ඇහැට අනුව ඒක හරිම හුරතල් කාර් එකක්. එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් බොහොම ප්‍රායෝගික කාර් එකක් (දොර දෙකයි, ඉඩ අඩුයි තමයි. ඒත් ඒක ඕනම තුම්මුල්ලක පාක් කරන්න පුළුවන්).

මේකේ සාමාන්‍ය shopping car වර්ෂන්ස් අතරේ මේකේ හොට් හොට් වර්ෂන් එකකුත් ආවා Fiat 500 Abarth කියලා. Abarth එක දැනට ක්‍රියාත්මක වෙන්නේ Fiat group එකේම in-house tuning subsidiary එකක් විදිහට. මේක අර hot hatch සංකල්පය වගේම සිටි කාර් එකක පවර් එක වැඩිකරලා එන වර්ෂන් එකක්. මේක ආවේ Ford Fiesta ST, MINI Cooper S සහ Peugeot 208 GTi වගේ කාර් වලට rival කාර් එකක් විදිහට කියලයි ඔටෝ එක්ස්ප්‍රස් එක කියන්නේ. මම කොහොමත් අලුත් ෆෝඩ් වලට එච්චර කැමති නැහැ. අලුත් මිනි එක මට ටිකක් විකාරයි වගේ. පර්ජෝ එක්ක එච්චර ලොකු ළෙන්ගතු කමක් ඇතිකරගන්න මට අමාරුයි. 

ඒ නිසා මම Fiat 500 Abarth එකට පිස්සු වැටුණා.  



මේකේ 1.4 l වර්ෂන් එක ගැන ඔටෝ එක්ස්ප්‍රස් එකේ ලියවුණු ලිපියකට අනුව මේකේ බලය 133hp. 0-60 කාලය තත්පර 7.9 ක්. ඒ වගේම ඒ ලිපියේ 595 Abarth එක ගැනත් තියනවා. ඒකෙ බලය 160hp. 'Car and Driver' එකෙත් මේ ගැන පැණි බේරෙන රස වෑහෙන විස්තරයක් තියනවා. ඔයාලට අවශ්‍ය නම් Abarth එක ගැන ඇස් දෙකයි කන් දෙකයි තවත් අවයවයි පිරෙන්න යූ ටියුබ් වීඩියෝ බලන්න පුළුවන්. 




කොච්චර ආසා වුණත් ඒ ගැන විස්තර ටිකක් අහගන්න මං දන්න එකෙක් ගාවවත් මේකක් නැහැ. Abarth එකක් තියා නිකම් 500 එකක් වත් මං දන්න කා ගාවවත් නැහැ. පිටරට අය කියන ඒවා අහනවට වඩා අපේ එකෙක් ඒ ගැන කියන දෙයක් අහන්න තියනවා නම් වටිනවා. මේක අහවලා ගාව තියනවා, නෑ අහවලා ගාව තියනවා වගේ ආරංචි සැරින් සැරේ ආවත් ඒ එකක්වත් ඇත්ත වුණේ නැහැ. එක වතාවක් මම එක තැනකට යන්නත් හිතන් හිටියා බලන්න. නමුත් අන්තිමට බලනකොට ඒක BMW Z4 එකක් කියලා ආරංචි වුණා.

ඒ නිසා ඔන්න විවෘත ඉල්ලීමක් කරනවා. අනේ ලොකු පිනක්! පුළුවන් නම්, Fiat 500 Abarth එකක් අයිති කෙනෙක්, පැදපු කෙනෙක් ඉන්නවා නම්, ඒ ගැන විස්තර කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න. 

එහෙම කළොත් ලබන ආත්මේ ඔයාට ෆෙරාරි එකේ test driver කෙනෙක් වෙන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 


https://www.facebook.com/CarPissuwa

38 comments:

  1. test driver කෙනෙක් වෙන්ඩ අම්මෝ එපා

    ReplyDelete
    Replies
    1. ඕක ඇවිල්ලා ජෙනුයින් කාර් පිස්සන්ගේ අල්ටිමේට් සිහිනේ අටම්! ඔය චාන්ස් එක දෙනවා නම් අපි ඕන ලබුගෙඩියක් කරයි...

      Delete
  2. මට ‍ෆියට් 127 එකක් තිබ්බා අනූව දශකෙ මුල් භාගෙ ඉඳලා 2002 වෙනකල්. පෙට්‍රල් හොඳට කරනවා. 900cc. ඒක වික්කට මගෙ පුතා මාර තරහෙන් හිටියෙ.

    ReplyDelete
    Replies
    1. That was 4door Spanish model. Made in Spain. Some parts were SEAT.

      Delete
    2. Dude, you know I managed to awaken the කාර් පිස්සා living in you, right? :D Even though you have written a lot about vehicle, I don't think you realized it before...

      Delete
  3. machan tharidu .my early boss has a fiat 500 , in very good condition. - THILINA-

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies

    1. ‍ෆියට් ගැන මගේ අත්දැකීම් මෙහෙමයි. මම ඩ්‍රයිවින් ඉගෙන ගත්තේ ‍ෆියට් 1100 එකකින්.අපේ ඥාතියෙකුගේ 4 ශ්‍රී එකක් ඒක .හැමෝම කිව්වා ස්ටියරින් ගියර් නිසා අමාරුයි කියලා මටනම් එහෙම අවුලක් වුනේ නෑ. ඊලඟට අපේ අල්ලපු ගෙදර මාමා එයාගේ පලවෙනි වාහනේ හැටියට ‍ෆියට් 500 එකක් ගත්තා.ඒක 5 ශ්‍රී එකක්.පරන ඒව්ගේ තිබුන ඉස්සරහ පැත්තෙන් අරින දොරවල් (Suicide Doors) නෙමෙයි ඒකේ තිබුනේ සාමාන්‍ය දොරවල්.සිලින්ඩර් දෙකේ එයාර් කූල් එන්ජින් එක. මුලදී ඒක මොනව හරි වුනහම හැදුවේ කොලෝනියල් මෝටර්ස් එකේ මිකැනික් කෙනෙක්.පස්සේ කාලවල මම ඔය සබ්ජෙක්ට් එක කරන්න බැස්සහම මම ඔක්කොම රෙපෙයාර් කරල දුන්න. එලවන්න නම් ආසයි.ඊ ලඟට ඒ මාමා ගත්තා 9 ශ්‍රී ‍ෆියට් 127 එකක්. ඒකත් මරු. ඒ කාලේ තිබුන හොඳම කාර් එකක්.පෙට්‍රල් එහෙම හොඳටම වැඩ කරනවා.ඔය අස්සේ 1100 එක තිබුන අයියා කාරයා ගත්තා 124 එකක් 9 ශ්‍රි 1172. ඇත්තටම ඒක එයා සෙකන්ඩ් හෑන්ඩ් සිංගපූරුවෙන් ගෙන්න ගත්තා. ඒක නම් මම එලවලා තියන හොඳම කාර් එකක්.ස්ටැබිලිටි නියමයි.ඒක විකුනලා 131 මිර‍ෆියොරියක් ගෙනීවට ඒ කාර් එක බොහොම ලෙඩ දුන්නා. හැබැයි ඒකත් අතට මරු. ඔය රියර් වීල් ඩ්‍රයිව් ‍ෆියට් වල ඩ්‍රයිව් ශාෆ්ට් එකේ ගියර් බොක්ස් එක ලඟ තියනවා ප්ලෙක්සිබල් කප්ලින් එකක්.ක්ලච් එක දෙනකොට නොසැලකිලිමත් වුනොත් ඒකේ ආයු කාලය අඩු වෙනවා.මගදි කැඩුනොත් ඉතින් අබ සරන්යි.1100 එකේ තිබුනේ කැන්වස් කප්ලින් එකක්.124,131 වල රබර් ඒවා.අයියා නිතරම වැඩිපුර එකක් කාර් එකේ තියාගෙන හිටියා.

      පරන 500 එක එයර් කූල් සිලින්ඩර් දෙක.600 එක වෝටර් කූල් සිලින්ඩර් හතර.හැබැයි ඒවහේ උපන්ගෙයි ලෙඩක් වගේ බොයිල් කිරීම් තිබුනා. ලංකාවෙ ඔය දෙකටත් සමහරු බග් ‍ෆියට් කිව්වා.‍ෆියට් ‍ටුපොලිනෝ කියන එක තමයි නියම බග් ‍ෆියට් එක. ඉස්සරහ එන්ජින් එක තියන කාර් එක.

      මේ කියන අලුත් 500 එක මාකට් එකට දාන්න කලින් මෙහේ මෝටර් ශෝ එකේ ප්‍රදර්ශනය කලා පරන එකත් එක්ක සයිඩ් බයි සයිඩ් තියලා.දෙකේම විස්තර කාර් දෙක ලඟ ඩිස්ප්ලේ කලා. සේෆ්ටි ගැන කියනකොට අලුත් එකේ Air Bags, Anti lock Brakes, Stability Control එහෙම ගහලා තියනවා. පරන 500 එකේ සේෆ්ටි ඉස්සරහින් මෙහෙම ගහලා තිබුනා Bible in Glow Box

      ඔන්නම් හෙට පුලුවන් ඩීලර් කෙනෙක් ලඟට ගිහි ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගහින් බලලා විස්තර ලියන්න.අලුත් එකට දොර හතරයි.

      මේ කියපු හැම කාර් එකටම ස්පෙයාර් පාට්ස් ගත්තේ ඩාලි පාරේ තිබුන පින්කෝ මෝටර්ස් එකෙන්. හැම දෙයක්ම තිබුනා.124 එකේ එන්ජින් එකත් මම රිබිල්ඩ් කලා.

      Delete
    2. අනර්ඝයි! මේක කට්ටියට ගොඩක් වටින නිසා මම ඔයාගේ හිමිකම් එක්ක අපේ ෆේස්බුක් එකේ පළකරනවා!

      Delete
    3. මේ ඉන්නෙ තවත් ‍ෆියට් ලෝලියෙක්. කුමාර අර කිව්ව 9 ශ්‍රී ‍ෆියට් 127 එකක් මටත් තිබුනා කියල මම උඩ කමෙන්ට් එකේ දාල තියෙනවා. මමත් පින්කෝ එකෙන් වගේම පංචිකාවත්තෙ උඩ තට්‍ටුවක කඩේකිනුත් ස්පෙයාර් පාට් ගත්තා. ඒක නම් ෆ්ලෝබෝඩ් ගියර්ස්. මම කොහොමත් කැමති ෆ්ලෝබෝඩ් ගියර්ස් වලටයි. ස්ටියරිං කොලම් ගියර්ස් මට එච්චර දිරවන්නෙ නෑ.

      ‍ෆියට් වල උපන්ගෙයි දෝසයක් තමයි කොරෝෂන් එන එක. ඒකට හේතුව රිසයිකල් කරලා ගන්න වානේ වල ක්වොලිටිය කියලලු හිතන්නෙ. එතකොට යුරපියන්ස්ලා අමෙරිකන්ස්ලා ‍ෆියට් එක එච්චර විශ්වාසවන්ත වාහනයක් හැටියට සලකන්නෙ නෑ. උන් කියන්නෙ FIAT කියන්නෙ Fix IT Again Tomorrow කියන එකයි කියලා විහිළුවට කියන්නෙ.

      Delete
    4. And FIAT really is Fabbrica Italiana Automobili Torino.

      Delete
    5. ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි Dude. අනික මම කියන්න හිටියේ මම අර ක්ලැසික් කාර් හන්ට් කරන යාලුවෙක් ගැන ඔයා ලියලා තියන සවිස්තර ලිපිය මේ බ්ලොග් එක පටන් ගන්න තියා හිතන්නවත් කලින් කියවලා තියනවා. ඒක මාරම ලිපියක්!

      Delete
    6. හෙන්රි
      ඔය කොරෝශන් කතාව මමනම් එච්චර විස්වාස කරන්නේ නෑ.රිසයිකල් මෙටල් පාවිච්චිය පටන් ගත්තේ මෑතකනේ.හැබැයි හිම වැටෙන රටවල පාරවල්වල හිම අයින් කරලා ලුනු කුඩු ඉහිනනිසා වාහන දිරනබව කියනවා. ඕය ‍ෆියට් වලට කියනවා වගේ ෆෝඩ් වලටත් කියන තෙරුම් දෙකක් තියනවා. Fix or Repair Daily, Found over rubbish dump. දැන් ආයිමත් යුරෝපියන් කාර් පොපියුලර් වේගන එනවා වගේ.

      Delete
    7. ස්තුතියි තරිඳු සහ කුමාර. යුරපියන් කාර් සුපිරි විදියට කොපි කරලා තමයි ජැපනීස් කාර් හැදුවෙ කියන එක මම පිළිගන්නවා. දැන් උදාහරණයක් විදියට ඔය නවය ශ්‍රී ‍ෆියට් 127 එකේ තිබ්බේ තර්මොස්ටැට් එකකින් ඔන් වෙන ෆෑන් මෝටර් සර්කිට් එකක්. ඒ කියන්නෙ හැම වෙලේම දුවන්නෙ නෑ. නමුත් 11ශ්‍රී වගේ ලාන්සර් බොක්ස් වල්ත් තිබ්බෙ එහෙම නැති ස්ටාට් කරපු වෙලේ ඉඳන් නොනැවතී දුවන ෆෑන් එකක්.
      අර හැත්තෑගනං වල ආපු ගොල්ෆ් එකේ ආවේ ඉන්ටර්කූලර් ටර්බෝ ඩීසල් එන්ජින් එකක්. නමුත් එහෙම ස්ටිකර් ගහලා තිබ්බෙ නෑ එලියේ. නමුත් Pajero වල ඊට හුඟක් පස්සෙ ඒක ආවාම එලියේ ඒක ඇඩ්වටයිස් කරන්න ස්ටිකර් හිට ගහලා තිබ්බා. ඒක නිසා මිනිස්සු Pajero වලට කිව්වෙ ඉන්ටර්කූලර් එකක් කියලා.

      Delete
    8. පැජරෝ එක සමහර රටවල්වලදී Shogun වුණු හේතුව දන්නවා නේද? :D

      Delete
    9. Yes, and VW Golf is VW Rabbit in US and Canada.

      Delete
    10. නෑ. ඒක නෙමෙයි. පැජරෝ කියන එක සමහර ස්පාඤ්ඤ කතාකරන රටවල අර්ථවත් වෙන්නේ Wanker ඉදිහට. ඉතිං ඕක කොරන්න පුළුවන් දෙයක් නෙමෙයි හින්දා ඒ රටවලට ගෙන්නන්න නම් නම වෙනස් කරන්න කියලා එහෙ නියෝජිතයෝ කිව්වලු. මට ඕක ටිකක් කුණු රහට ලියන්න පුළුවන්, ඒ වුණාට මොකක්ද වගේ! :D

      Delete
    11. හෙහ් හෙහ් එහෙමත් එකක්ද? මම ඒක දන්නෙ දැන්. මම හිතුවෙ නිකම්ම නමක් කියලා.

      Delete
    12. කුමාර අයිය බ්ලොග් එකක් ලියනවද ?? උඹ ලියනවනම් අපිට ගොඩක් දේවල් උඹෙන් ඉගනගන්න පුලුවන් වෙයි .. පුලුවන්නම් ලියපංකො !!

      Delete
  5. මචං මං ඉන්නෙ ඕක උපන් රටේ...ඔය අලුත් 500 එකේ ස්පෝට් මොඩ්ල් රතු එක මගෙ යාලුවෙක් පදිනවා..abarth නෙමෙයි..ස්පෝට් වර්ෂන් එක.තෙල් නං බොනව බං ඒක.ඌ දෙන්න යන්නේ ඒක.මට දිරවන්නෙ නෑ බං.පිටිපස්සෙ යන්නම බෑ කකුල් දිග අරින්න බෑ..ඉස්සරහනං ඉඩයි.මට මේලක් දාපන්

    ReplyDelete
    Replies
    1. මෙහෙ එකම එක Abarth එකක් තිබිලා හොයාගත්තා යන්තං...

      Delete
    2. ගන්නවනං දෙපාරක් හිතපන්..

      Delete
    3. බොහොම ස්තුතියි. දීපු විස්තරේ ගොඩක් වටිනවා!

      Delete
    4. ආතල් කැඩුවට සොරි වෙයං :D

      Delete
    5. හපොයි කිසි අවුලක් නැහැ. අපේ තියන පණ්ඩිතකං වල හැටියට ඔය ආතල් එක කොච්චර සෙන්ස් එකක් ඉන්ජෙක්ට් කළත් බස්සන්න බැහැ. හෙට ගිෂන්ක එයාගේ අබාත් එක විකුණනවා කිව්වොත් අතේ සල්ලි තිබුණොත් මම එතන (අතේ සල්ලි නැති එක is a different story) :D

      Delete
    6. ණයක් තුරහක් වත් වෙලා ගනිං.. මාරි පෙට්ටියක් ඇරං අපි එන්නං සමුදීල යන්ඩ :D

      Delete
  6. ලංකාවේ මිනිස්සු වාහන වලට කියන නම් ගැන කියලා වැඩක් නෑ.ඔය ඉන්ටකූලර් වගේම තමයි මේ පත්තර වලට ලියන බෝතල් පත්තර කාරයොත් ලියන්නේ ඩොල්පින් එකක් හැපිලා, කන්ටේනරයක් පාරේ ගියා කියලා.යකෝ කොහොමද කන්ටේනර් පාරේ යන්නේ.

    ReplyDelete
  7. ෆියට් 500 එක සුපිරි පෙට්‍රල් වැඩ කිරිල්ලක් කරනවා. මේක අද කාලෙට ගැලපෙන වාහනයක් පොඩි මිනිහට හරියන ගාණකට එනවනම්.ඒත් මං දන්න තරමට අලුත් වර්ෂන් එකත් සෑහෙන්න ගණං. ඉස්සර පරණ 500 සීසී එක මාර්කට් නොවෙන්න හේතු කීපයක් මං දකිනවා. ඒ කාලෙ පෙට්‍රල් මිල අනික් ද්‍රව්‍යවලට සාපේක්ෂව අද තරම් ගණං නෑනෙ (යහපාලනය ගණං අඩු කරත් දැන් තියෙන ගාණත් සෑහෙන ගාණක් තමයි) අනික අද වගේ නෙවෙයි පණස් ගණං වල ට්‍රැෆික් කියල දේකුත් තියෙන්න නැතුව ඇතිනෙ මේ වගේ. ඒ නිසා දඬු ෆෝඩ්, කේම්බ්‍රිජ්, 404, වොක්සෝල්, ප්‍රිෆෙක්ට් වගේ යෝධයෝ නිදහසේ යන්න ඇති ප්‍රෙට්‍රල් ගුදං ගුදං බිබී. අනික ලොකුවාහන සැපපහසුයි මේ ෆියට් බට්ටට වඩා අත පය දිගෑරල යතෑකිනේ. ඒ හන්දා මිනිස්සුන්ට ඒ කාලේ පෙට්‍රල් කන්සම්ප්ෂන් එක වැදගත් වුනේ නෑ වගේම පාකින් ප්‍රශ්නෙවත් එහෙන් මෙහෙන් රිංගලා වෙට්ටු දාලා යන උවමනාවක්වත් තිබ්බෙ නෑනෙ. ඒ හන්දා කොච්චර වැඩියෙන් පෙට්‍රල් කරත් පිස්ටන් දෙක වුනාත් මේ ෆියට් 500 බට්ටා අපේ රටේ මාර්කට් වුනේ නෑ. ‍වැරදි වෙලාවක හරි දෙයක් කරාට හිරි යන් නෑ වගේ ෆියට් කාරයා මේ කාරය හදපු වෙලාවයි වැරදි මං හිතන්නේ. හැබැයි මගේ තාත්තා එයාගේ යාළුවෙක්ගේ 500 සීසී ෆියට් එක එලවද්දි ආඩම්බරෙන් ඉස්සරහ නවන සීට් එකේ ගිය මතකය (මට අවුරුදු පහයි) හැමදාමත් අමන්දානන්දනීයයි. මේ ක දිහා හැමෝම හැරි හැරි බලනවා. මට 500 එක හරිම සෙක්සි වාහනයක්. (ඉස්සර හොරණ කොකා කෝලා ඒජන්සිය කරපු 'සංජය ක්‍රිෂ්ණරත්න' අයියා ගාව ෆියට් 500 එකක් තිබුනා. නියමෙට හදලා. ඒත් පාට්ස් අඩුයි කියන හේතුව උඩ එයාලා මේක ගොඩාක් අඩුවට දුන්නා ඒ කාලෙ. එයාට මේ කාරෙක ගැන හොඳ දැනුමක් තියෙනවා. මම එයාගේ එෆ්බී ප්‍රොෆයිල් ලින්ක් එක පල්ලෙහායින් දාන්නම්
    https://www.facebook.com/sanjaya.krishnaratne

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මස්සිනා. (ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ නම් තියෙන්නේ ෆැලික සංකේත වගයක් විතරයි):D

      Delete
  8. මම නම අහල තිබුනේ fiat කියන්නෙ first in any time කියලයි.මා දන්නා හැටියට බග් ෆියට් කියල කිව්වේ ෆියට 500ත් කලින් ආපු වහලේ අරින්න පුළුවන්, එන්ජිම පිටි පස්සේ තිවුන පොඩි කාර් එකකට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ෆියට් ටොපෝලිනෝ එක තමයි හරි බග් ෆියට් එක...

      Delete
    2. මචං ඉතාලි භාෂාවෙන් තොපොලීනෝ කියන්නෙ පුංචි මීයා.. හික්මීයා කියල ලියාගං :D

      Delete
    3. චෙහ්... ඕක කලින් මීටර් වුනානං ඒකෙනුත් පොඩි ෆන් එකක් ගන්න තිබුණා පෝස්ට් එක ඇතුළේ! බොහොම ස්තුතියි පත්තර මල්ලි!

      Delete
  9. http://cdn.johnywheels.com/2015/12/28/topolinofiat500woman-l-a32a718e122b62dc.jpg

    Above is the link for a proper Bug Fiat image.

    ReplyDelete
  10. මෙන්න මේ ‍ෆියට් එක දැකලා තියනවද? මේක 600 එකේම ටිකක් දිග එක .මගීන් 6ක් හෝ 7 යන්න පුලුවන්.මේ කාර් එක මම නම් ලංකාවේදි දකලා තියනව.අපේ ආසනයේ හිටපු මන්ත්‍රිතුමා වුන සෝමවීර චන්ද්‍රසිරි මහතා මැරෙනකම්ම පාවිච්චි කලේ මෙයින් එකක්.ඔව් ඔව් ඒ කාලේ ඩියුටි ‍ෆ්‍රී කාර් නෑ.
    http://bringatrailer.com/2013/11/04/bat-exclusive-restored-1963-fiat-multipla/

    ReplyDelete
  11. පත්තර මල්ලි දැන් මේ පැත්තේ එන්නේ නැති එක දුකයි

    ReplyDelete