Friday, July 8, 2016

ෆෝමියුලා සාගරේ රජවෙන්න යන මොරටුව කැම්පස් එකේ මෝරු


අතීතය ගැන පුස්ටෝක් දෙන රටක අනාගතය මගේ ගමෙන්ම උපත ලැබීම කියාගන්න බැරි සතුටක්! 

මම ලංකාවේ ව්ශ්ව විද්‍යාල පද්ධතිය ගැන සත පහකට විශ්වාස කරන්නේ නැති කෙනෙක්. මේක ගොඩක් අදාළ වෙන්නේ කලා පීඨවලට. කලා පීඨ ගැන මම අත්දැකීමෙන් දන්න නිසා මම හැමතිස්සෙම කියන්නේ ඕවා වහලා දැම්මොත් පාඩු වෙන්නේ ඒ රූට්වල දුවන බස්කාරයින්ට විතරයි කියලා. කොහොම වෙතත් ලංකාවේ අනික් පීඨ බහුතරයකුත් මීට වඩා වෙනස් නැහැ. ඔන්න පේරාදෙණියේ සයන්ස් ෆැකල්ටි එකේ දෙගොල්ලක් ගහගෙන 10 දෙනෙක් ඉස්පිරිතාලේ කියල ඩේලි මිරර් එක ඊයේ හවස තුනයි පනස් නාමයට මට මැසේජ් එකක් එවුවා. කලා පීඨවලට නක්කලේ දදා උඹලා කරන වැඩ ඊට හපන්. 

හැබැයි මොරටුව විශ්ව විද්‍යාලයේ ගැන පොඩි විශ්වාසයක් ඉස්සර ඉඳල මට තිබුණා. පොඩි කාලේ මම ඕකට යන්න පෙරුම් පිරුවා. අපේ තාත්තාට හැමදාම ඕන කළේ මාව ඉන්ජින්රුවෙක් කරන්න. කලා උන්මාදේ ගැහුවේ ඕලෙවල් කාලේ. ඒ කාලේ කාර් පිස්සුව තිබ්බනං කියලා මට දැන් හිතෙනවා!

මොරටුව කැම්පස් එක ගැන ඇත්තටම ආසා හිතෙන දෙයක් හැටියට මම ඉස්සරලාම දැක්කේ නිල්මිනි ප්‍රොජෙක්ට් එක. මේක ගැන ලිපියක් මෝටර් මැගසින් එකේ 2015 මැයි කලාපයේ පළවෙලා තිබුණා. ඒකෙන් ඉන්ටර්විව් කරලා තිබුණේ විමුක්ති රන්දෙණි සහ සසිරංග ද සිල්වා කියලා දෙන්නෙක්. විමුක්ති හෙන සීරියස් මූණක් දාගෙන ඔස්ටින් ලොරියක් පදිනවා වගේ මිනි එක පදින රූපෙකුයි, සසිරංග කවුබෝයි ඇක්ෂන් එකක් දාගෙන විමුක්තිත් එක්ක කාර් එකට හේත්තුව දාගෙන ඉන්න පින්තූරෙකුයි මට මතකයි. මෙයාලා මේ ප්‍රොජෙක්ට් එකේදී කරලා තිබුණේ දීග යන්න කෙනෙක් නැතුව කැම්පස් එක ඇතුළට නාකිවෙවී හිටපු මිනි එකක් කරේ එල්ලගෙන ඒක ඉලෙක්ට්‍රික් කරන එක (මේක කියෝපු දවසේ ඉඳන් මට 'නිල්මිණි සැංගී පාවී' සිංදුව අහන හැම වෙලාවකම මැවිලා පෙන්නේ මිනි කාර් එකක් වතුරේ එහෙමෙහෙ යන සීන් එකක්. ඊට කලින් මගේ ඔලුවේ හිටියේ නිල්මිණි තෙන්නකෝන්!). 

විමුක්ති නිල්මිනිගේ කරේ එල්ලුණු අවස්ථාවක්!

නිල්මිනි නංගි සහ අයියලා දෙන්නා

(ඡායාරූපවල හිමිකම සහ සම්පූර්ණ ගෞරවය මෝටර් මැගසින් එක සතුයි. මම මේ කරන්නේ අතින් කාලා හරක් බැලිල්ලක් නිසා මැගසින් එක මේ ගැන උරණ නොවේවි කියලා හිතනවා).

මේ ගැන මට තිබුණු උනන්දුව නිසාම සසිරංගගේ නම ආයේ බුකියේ දකිද්දී මම ටිකක් උනන්දු වුණා. 

සාමාන්‍යයෙන් ලංකාවේ කාර් එකක් හදනවා කියලා කියන්නේ මොකෙක් හරි එකෙක් ජපන් චැසියක් අරං, ජපන් එන්ජිමකුත් අරං, දඩෝරියන් ටින්කරින් පාරක් දාලා කොලාජ් එකක් වගේ බොඩියක් ගහන එකට. ඊට පස්සේ බුකිවාසීන් ඒකෙ ෆොටෝස් ආඩම්බරයි කියකියා ශෙයා කරන නිසා මම ඕවා ගැන එච්චරම උනන්දු වෙන්නේ නැහැ. නමුත් මොරටුව කැම්පස් එක සම්බන්ධ නම් එතන ගතයුත්තක් තියේවි කියලා නිල්මිනි මානසිකත්වයෙන් හිතලා මම හොටදාලා බැලුවා.

බැලින්නම් සසිරංග සහ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් රියල් මෝරෙක් බාලා! 

මේ අලුත්ම වැඩේ තමයි Team SHARK එකේ Formula Student කාර් එක. මෙයාලා තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට Formula Student Championship එකේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න යන්නේ. Formula Student කියන්නේ එංගලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන තරගාවලියක්. මේකට ලෝකේ වටෙන්ම ශිෂ්‍ය කණ්ඩායම් සහභාගී වෙනවා. මෙතනදී වෙන්නේ මේ කණ්ඩායම් ෆෝමියුලා ස්ටයිල් එකේ, හැබැයි ඊට වඩා කුඩා සහ බලය අතින් අඩු ප්‍රමාණයේ කාර් හදලා ඉදිරිපත් කරන එකයි. මේ පාරත් මේක පැවැත්වෙන්නේ Silverstone Circuit එකේ. 

ලෝගෝ එක 






සර්කිට් එක

මේක මේ කොහෙන්හරි එන්ජිමක් උස්සලා බේ එකට බස්සලා ටින්කරින් පාරක් දීලා ස්ටිකර් පාරක් ඇදලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට ජාත්‍යන්තර තලයේ දැනුමක් සහ තාක්ෂණයක් (අඩු තරමින් ඒ තාක්ෂණය ගොඩදාගන්න හැටි ගැන අවබෝධයක්) තියෙන්න ඕනේ. මේකට සහභාගී වෙලා දක්ෂතා පෙන්නපු ගොඩක් අය පසුකාලීනව ලෝකයේ ෆෝමියුලා වන් තරග ක්ෂේත්‍රයේ කණ්ඩායම් සහ ඒ සම්බන්ධ ජාත්‍යන්තර මට්ටමේ සමාගම්වලට සම්බන්ධ වෙලා තියනවා. තමන්ගේ රටේ මනුස්සයෙක් පිටරටකදී ඇණයක් ගහලා පින්තූරයක් එල්ලුවත් ඒක මාර achievement එකක් වෙන ලංකාව වගේ රටකට මේක ජෙනුයින් වීර කතාවක් වෙන්න ඕනේ.

Team SHARK එක මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ උපත ලබපු කණ්ඩායමක්. මෙයාලා මීට කලිනුත් විවිධ තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබලා තියනවා. ජපානයේ Association for the Promotion of Electric Vehicles (APEV) සංවිධානය පවත්වපු “EV Super Micro Mobility Design Contest” තරගය ඒ අතරින් ප්‍රධානයි. මේ කණ්ඩායමේ කථිකාචාර්ය/උපදේශක විදිහට කටයුතු කරන්නේ සසිරංග ද සිල්වා. කණ්ඩායම කවුද සහ උපදේශකවරු කවුද කියන එක ඔයාලට එයාලගේ වෙබ් එකට ගියාම බලන්න පුළුවන් (ඩිලන්ත මාලගමුවත් ඉන්නවා. ඒ නිසා ගිහින් බලන්න. මෙතන ක්ලික් කරන්න). 


ෆොටෝ එක ගත්තේ PR Wire එකෙන්. සියලුම ගෞරවය එයාලට යා යුතුයි.

ෆෝමියුලා ස්ටුඩන්ට් කාර් එක නිල වශයෙන් එළිදැක්වීම ජූලි 7 වෙනිදා ඩිමෝ එකේදී පැවැත්වුණා. වැඩේට පූර්ණ අනුග්‍රහය දෙන්නේ ඩිමෝ එක. ඒකත් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි මම හිතන්නේ. ඒ වගේම කාර් එක ජූලි 8 වෙනිදා කැම්පස් එකේදී එළිදැක්වුවා (මේකට මම යන්න හිතුවත් පිට අය ඇතුළට එන එකට විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයෙන් බාධා එන්න ඉඩ තියන බවක් තමයි මට එයාලා එක්ක කරපු පොඩි චැට් එකකදී තේරුණේ. පෙට්‍රල් පුච්චගෙන චාටර් වෙන්න ඕනේ නැති නිසා මම ඉල්ලං කන්න ගියේ නැහැ. ඒ වෙනුවට මං එයාලගෙම ෆේස්බුක් පේජ් එකෙන් ෆොටෝ දෙකතුනක් ඉස්සුවා. හූ හූ!). 





Formula Student Championship එක මේ පාර පැවැත්වෙන්නේ ජූලි 14 ඉඳන් 17 වෙනකල්. මේකට ලෝකේ රටවල් 34 ක විශ්ව විද්‍යාල 134 කින් 3,000 ක් විතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් සහභාගී වේවි. Class 1 කාණ්ඩය යටතේ සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජින් තියන කාර් 88 ක් සහ ඉලෙක්ට්‍රික් කාර් 32 ක් මේ පාර තරඟ වදිනවා. 

විශ්ව විද්‍යාල කිව්වහම අපි බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ බැරැක්ක, වතුර බවුසර්, කඳුළු ගෑස්, වැඩ ඇරිලා ගෙදර එන්න විදිහක් නැතිවීම සහ නවක වධය ගැන නිව්ස් රිපෝට් වගේ දේවල්. මේ ලජ්ජා සහගත ට්‍රෙන්ඩ් එක ඔළුවෙන් හිටවන්න ඇබින්දකින් හරි දායක වෙන්න Team SHARK එකට අවස්ථාව ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ඒ විතරක් නෙමෙයි. ඉවෙන්ට් එක ඔලුවෙන් හිටවලා ලෝකෙම දිනාගන්න වාසනාව ලැබේවා කියලත් එක හිතින් ප්‍රාර්ථනා කරනවා!

ජයවේවා! උඹලා ගැන ආඩම්බරයි! 

 www.facebook.com/CarPissuwa

(මේ ලිපියට Team SHARK එකේ සම්බන්ධයක් නැහැ. මේක මගේ හිතුමනාපෙට ලියපු එකක්. ඒ නිසා ලිපියේ තියන මොකක් හරි කරුණක් ගැන තරහා වෙනවා නම් මාත් එක්ක තරහා වෙන්න. එයාලා මෙහෙම බ්ලොග් එකක් තියනවා කියලා දන්නෙත් අද උදේ මම ඉවෙන්ට් එක ඕපන්ද කියලා අහපු හින්දා).  


38 comments:

  1. නිල්මිනි ගැන ආර්ටිකල් එක මම අහම්බෙන් කියෙව්වා ක්ලීන් පාර්ක් එකේදී. උන්ට රටට මොනවා හරි දෙයක් දෙන්න පුලුවන් කියලා මට ඒ වෙලාවෙම හිතුනා.

    Team Shark ට ජය පතනවා ! ඒ නැතත් අපේ හැටියට උන් දැනටමත් දිනලා... මුන් ටිකට මහ උළු ගෙදර තපින්න නොලැබේවා කියලත් පතන්ඩම ඕනා..එහෙව් රටක් මේක.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට ස්තුතියි. හැමදාම ලජ්ජා හිතෙන දේවල් සිද්ධවෙන රටේ මෙහෙම ඒවා දැක්කම රියල් ආඩම්බරයක් හිතෙනවා!

      Delete
  2. අනිවාර්යයෙන්ම විශිෂ්ඨ වැඩක්. එතකොට මේකෙ එන්ජින් එක, ට්‍රාන්ස්මිෂන් එහෙම මෙහේ හදපු ඒවද?

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් නම් නැහැ. නමුත් මේක ගෙඩිය පිටින් එබීමක් නෙමෙයි. සෑහෙන්න ටියුන් කරලා, Formula Regulations වලට අදාළ සීමාවේ තියලා තමයි තියෙන්නේ. ඒක සීරියස් නීති පද්ධතියක්. ලොකු කැපවීමකින් කරන්න ඕන දෙයක්. මුන් එච්චර දෙයක් කරලත් බොහොම down to earth ඉන්න එක ගැන ගරු කරන්න ඕනා ඔක්කොටම වඩා!

      Delete
    2. ස්තූතියි අනිවාර්යයෙන්ම මේක සුපිරි වැඩක්.

      Delete
  3. දැන් තරිඳු මේ කට්ටිය අලුතෙන් එන්ජිමක් ගියර් බොක්ස් එකක් හෙම හදනවද? මම කියන්නෙ අභ්‍යන්තර දහන එන්ජිම තියෙන වාහන ගැන. ඒ කියන්නෙ එන්ජින් බ්ලොක්, ක්‍රෑන්ක් ෂාෆ්ට්, පිස්ටන්, ගියර් වීල් හැම දේම?

    ReplyDelete
    Replies
    1. Ooops. I didn't see Hasitha Prasad's comment because I opened the page earlier and commented later.

      Delete
    2. 'කොටතත් ඇරිය සැණින් කෙටිය යුතු ය' කියලා පුරාණ පඬිවරු කියලා තියනවා නේද ඩූඩ්? ;-)

      Delete
    3. පුරාණ ඉරිසින්නාන්සෙලා කියන විදියටම වැඩ කරයුතු කරගෙන යන මට මේ වෙලාවෙ වැරදුනා. :D

      Delete
    4. Its engine is a Honda 600cc, identical to CBR bike engine but slightly modified to deal with formula type race car.

      Delete
    5. එන්ජින් එක honda cbr 600cc එකක්ලු හැබැයි මොඩිෆයි කරපු. විස්තර ගත්තේ මෙතනින්http://www.pulse.lk/2016/07/07/university-of-moratuwa-and-dimo-unveils-formula-student-2016-race-car/

      Delete
    6. Thanks Porject Natz and Hasitha Prasad.

      Delete
  4. ඇගයිය නොයුතු දේ අගයන ඇගයිය යුතු දේ අමතක කරන අරම පුදුම රටක් නෙහ් ලොක්ක මේක

    ReplyDelete
    Replies
    1. පිදිය යුත්තන් පුදන්න නම් පිදිය යුත්තන්ට පුදන හැටි ඉගැන්වෙන සංස්කෘතියක් තියෙන්න ඕනෙ නේ ආචාර්යතුමා! අඩෝ අපි ලංකාවේ කියලා පපුවට ගහගත්තට අභිමානවත් රටක් හැදෙන්නේ නෑ කියලා කියන්න බැහැ, මුන් අපිත් එක්ක ගහගන්න එනවා....

      Delete
  5. නිල් මිණි … ක්‍රියේටිව් කොල්ලො ටිකක් බං.
    මට මිනියක් ආවා 3.5 ට.. ගත්තෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මීට පස්සේ ඔහොම වාසනාවක් ඇවිල්ලා පයින් ගහනවා නම් මට චුට්ටක් කියලා හිටින්ඩ!

      Delete
    2. මචෝ ඇත්තම කතාව මේකයි..හොනට් උණ ගහලා මං එකක් උස්සං ඇවිල්ල ඕක පැද පැද හිටියා....අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා බ්‍රෝකර් වැඩ කරන.පොර ළඟ තිබ්බ මිනියක් මට පටලන්න හැදුවෙ මාරුවකට..ඒක දරහැව වගේ බං.ගන්න එකා අනාථයි..ඌ ගේන්නෙම ඔය වගේ මරණ.ගෙන්නල්ලා ස්ටිකර් ගහලා අන්දලා දෙනවා.කැරවන්මයි ගේන්නෙ..උගෙ ඒවයි ගණං ඇහුවම ඇඬෙනවා..
      ස්ටිකර් හරි ගනං නෙවැ බලං ගියාම.හික්

      Delete
    3. උඹත් හෝනට් උණ තිබ්බ එකෙක්ද පත්තර මල්ලි? අර කාබ් හතර ටියුන් කරන්න බෑනෙ බං කණට. ඒකට අර ලැම්ඩා අහවල් එකක් ඕනෙ නේද? ඕව කරන්න උන් වැඩිය නෑ නේද ලංකාවෙ?
      නෑ. මට හෝනට් උණක් නෑ. මම ආසා වී ටයිප් එන්ජිම දිලිසෙන, සයිලන්සර් දෙකම වමට කරකවපු කෲසර් ටයිප් ඒවට. උඹට තේරෙනවනෙ ඒ අමාරුව. හැබැයි එහෙම එකක් ගන්න බැරිවුනා බං තාම.

      Delete
    4. ජාතකේ කිව්වම තමා පත්තර මල්ලි සංසාරේ කලකිරුණේ!

      Delete
    5. බයික් උණ කියන්නෙ ඩූඩයියෙ බත් එක කෑවෙත් බයික්කෙ උඩ ඉඳං..මං වාහන වලට වඩා ආස බයික් වලට.වාහන වල ගියාට බයික් එකක් ඇඟෙන්ම පදිනව තරං සැපක් තියන්වද ඩූඩයියෙ..නැද්ද හා.

      හොනට් උන කියන්නෙ මාර උනක් නෙවැ..අන්රෙජිස්ටඩ් ගෙනාවෙ කොච්චිකඩෙන්.ඩුවල් කෑන් කරලම තිබ්බෙ.මගේ දරුවෙක් වගේ..

      ඕකෙ කාබ් හතර ටියුන් කරන්න අයියෙ හරි අමාරුයි.හදන්න මිනිස්සුත් හරි අඩුයි..හරියට නොඅන්න එකෙක් අත ගහලා කරන්ට් කේස් එකක් ආවොත් නං ආනාථයි

      හොඳම වැඩ්ඩා හිටියෙ මාරවිල.ඌ කරන්නෙ හොනට් විතරයි.ඒත් ඌළඟ බයික් එක දාල එන්න බෑ...මං හැදුවෙ පන්නල රේසිං ට්‍රැක් එක අයිනෙ ඉන්න නිමල් අයියගෙනුයි කුරුණෑගල රේස් පැදපු නලින් අයියගෙනුයි..සුපිරි වැඩ්ඩෝ හැබැයි ගණං..

      කාබ් එකක් ටියුන් කරන්න 1500යි..කාබ් 4ට 6000ක් යනවා සුද්ද කරල ටියුන් කරන්න..අර වතුර උඩ පහල යන මොකද්දෝ ගැජට් එකකින් තමා ටියුන් කරන්නෙ.
      උඹ කියන්නෙ ඩූඩයියෙ ට්‍රෑම්ප් මොඩ්ල් එක නේද..ගිඩි ගිඩි ගගා යන්න :D ඔය බයික් වගයක් තියනවා තල්විල.හැබැයි බර ගනං. ඒ මොඩ්ල්ම නූනත් මැග්මා එකක් වගෙනං අඩුවට හොයාගත්තෑකි මටනං සෙට් නෑ ඒක ඒ උනාට.ලෙඩ ගොඩක්. ෂැඩෝ හරි මැග්නා හරි නං මරු.ඔෆිස් යන 40/45 ඉතාලි උං ගාව ගොඩක් තියෙන්නෙ උඹ කියන මොඩ්ල් එක.90% ම ට්‍රෑම්ප් තමා.. එකක් ගේමු.

      Delete
    6. තරිඳු මචං..උඹට ඕන්නං සෙට් කරල දෙන්නං පොරව.ළඟින් ගියොත් ඇහැක් නෑ. :D

      Delete
    7. ඔයා කටු ඉඹුලයි ලෝදිය හැලියයි පෙන්නලා ඉවරවෙලා මගෙන් අහනවා අපායේ රවුමක් යමුද කියලා :D

      Delete
    8. අඩේ පත්තර මල්ලි. මරු විස්තරේ බං. මම කියන්නෙ ඔය හාලි ටයිප් එකේ කෲසර් බං. උඹ කියන ට්‍රයම්ෆ් එක මම දන්නෙ නෑ. නමුත් ඔය මැග්නා එක මෙහෙ එකෙක් ගාවත් තියෙනවා. ඔයිට සමාන එකකට තියෙන්නේ යමහා විරාගෝ තමයි. විරාගෝ 250 එක හොඳයි නමුත් ස්පෝක් වීල් තියෙන එක මට එච්චර ඇල්ලුවෙ නෑ. ඇලෝයි තියෙනවා විරාගෝ 125 එකේ නමුත් ඒක එච්චරම ගති නෑ. නිකං පොඩියි පොඩියි වගේ. මේ ලඟදිත් මගෙ කොල්ලා ගිහිල්ලා එකක් බැලුවා. ඒක පෙරලපු එකක්. බොරු කෝටියයි.

      උඹ හරි ඕවා පදින්නෙ මං වගෙ වයසක ඩයල් තමයි. ඒත් බං පුදුමෙ කියන්නෙ මම පැඟිරා කාලෙත් ආසා ඔය වගෙ ගුඩු ගුඩු ගගායන (ඉංග්‍රීසියෙන් Potato-potato sound) කෲසර් ටයිප් වලට. ඒක හරියට අර ඩෙනිම් වලට තියෙන බැඳීම වගේ. මං ගාව තියෙන CM Custom එකත් ටිකක් ඔය විදියනෙ. එන්ජිම නෙවෙයි ඈන්ගල් එක.

      Delete
    9. අයියෙ මං කීවෙ ට්‍රයම්ප් bonneville වගේ ක්ලැසික් මොඩ්ල්.. පුල් රෙෂ්පට් .. අපේ වයිෆ්ගෙ මල්ලි ගාව තිබ්බා රිබෙල් එක ..අන්න ඒකත් හොඳා ඈ..
      විරාගෝ එක V එන්ජිම නේද.අයියෙ ..කලු ලස්සනයි ඒකෙ.125 නං මදි නේ.250 මරු.ඇංජිම පිරිල තියෙන්න තියෙන්නනෙ ඕකෙ ලස්සන.ගේමු ගේමු එකක්..සං ගාල

      Delete
    10. >>ගේමු ගේමු එකක්..සං ගාල<<හිටහං මේ අමුඩෙ ගහනවා ගහට නගින්න සල්ලි ටිකක් කඩා ගන්න.

      උඹ කියන්නේ මාත් එක්ජිම හරහා වැඩිය එහා මෙහා පේන බයික් වලට ආස නෑ. පිරිලා තියෙන්න ඕනෙ කෑලි බෑලි වලි. අපිට මොලේ අමාරුවක්ද බං තියෙන්නේ?

      Delete
    11. ඩූඩ් අයියේ ඔය ගහට නැග්ග ගමනේම මටත් ටිකක් කඩලා දෙන්නකෝ හාලියක් වත් ගන්න. සාමාන්‍යයෙන් බයික් වලට ආසා නැති වුණාට මම හාලි වලට නම් ආසයි.

      Delete
    12. මං වැඩිපුරම ආස කව්ලින් මොඩ්ල් එකටයි ට්‍රේල් වලටයි..ට්‍රේල් නං අලුතෙන් එන සෙල්ලම් බඩු නෙමෙයි මීට අවුරුදු පහ හයකට විතර කලින් ආව මොඩ්ල් වලට..කිසි වදයක් දෙන්නැති බයික් නෙවැ.බෝර් එකයි ගියර් බොක්ස් එකයි විතරයිනෙ තියෙන්නෙ.ඊළඟ හීනෙ 2005/6 වගේ DR Z හරිTTR එකක් හරි ගේන්න ඩූඩයියෙ..මං හිතන්නෙ ඩූඩයියෙ විරාගෝ එක ගන්න කලින් පාට්ස් වල ගනං පොඩ්ඩක් හොයල බලන්න.මතක හැටියට ඕකෙ බඩු ගනං.පිස්ටන් දෙක 6000 ද කොහෙද උනා ඒ දවස් වල..

      උඹට හාලියක් ඕන්නං ගෙනත් දෙන්නං කිසි අවුලක් නෑ. එකක් ඇද්ද :D ..


      Delete
    13. තරිඳු, තාම පැහිලා නෑ බං. මං ගහෙන් බැස්සා.

      පත්තර මල්ලි. එහෙමත් එකක්ද?

      මගෙ කොල්ලත් ආසා උඹ කැමති විදියෙ ඒවට. full fairing කියයි semi naked කියයි මම මේ දැන් උඹ FB ඉන්නවද බලලා හොයාගන්න බැරුව මෙතනට ආවා. වෙන මොකවත් නෙවෙයි උඹට ගැලපෙන කකුලෙ ගහගන්න පුලුවන් පච්චයක ෆෝටෝ එකක් එවන්න. මේකෙ ෆෝටෝ දාන්න බැරිනිසා පච්චෙ විස්තර කලොත් මෙහෙමයි.
      6
      5
      4
      3
      2
      N
      1
      ලොකුවට ගහපං වම් කකුලෙ දනිස්සෙ ඉඳලා වළලුකරට කකුල shave කරලා. ඉන් පස්සෙ ෂෝර්ට ගහං පැදපං. :D

      Delete
    14. මං ෆේස්බුක් නෑනෙ ඩූඩයියෙ..මාර ක්‍රියේටිව් අයිඩියා එකක්නෙ ටැටූ එක..ෂහ් . ඕක ගහල ස්කිනියයි ෂෝටයි දාල පද්දිදි ගෑල්ලමයි ගේ හොයාගෙන එයිද මන්ද.. :D

      මේලක් දාල ඇති මං දවස් දෙක තුනකට කලිං..දැං රැල්ල සෙමි නේකඩ් නෙ..TW එකත් යනවා .. ගන්නවනං කික් තියන මොඩ්ල් එකක් තමා.දැං එන හත්තිලව් වල කික් නෑනෙ මොන කරුමයක්ද මන්දා..කොල්ලට ට්‍රේලකට වඩා නේකඩ් හරි සෙමි නේකඩ් හරි තමා හොඳ.ට්‍රේල් පොලිසියට පෙන්නන්න බෑ ගෑල්ලමයි ආසත් නෑ :D හැක්

      Delete
  6. Engine එක 600cc short stroke එකක්, chassis එක, paddel shifting, transmission solenoid, Air intake manifold එක ඔක්කොම වගේ මොරු ටික හැදුවා, dyno run එකේ 197+kmph කලා 77+hp , track එකේ quater mile 5.5 seconds.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ! බොහොම ස්තුතියි!

      Delete
  7. https://web.facebook.com/sasiranga.silva/videos/10154465108132446/

    ReplyDelete
    Replies
    1. This is the video that triggered my interest when I saw it a couple of days ago. Thank you.

      Delete
  8. /* මේකට මම යන්න හිතුවත් පිට අය ඇතුළට එන එකට විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයෙන් බාධා එන්න ඉඩ තියන බවක් තමයි මට එයාලා එක්ක කරපු පොඩි චැට් එකකදී තේරුණේ. */

    ඒ ගොල්ලෝ ඒ ඔහේට කියලා තියෙන්නේ එන්න එපාය කියන එකයි.

    හැබැයි මොරටු කැම්පස් එක නම් හිර ගෙයක් වගේ තැනක් තමයි විශේෂයෙන්ම පයින් ගියොත්.

    ReplyDelete
    Replies
    1. මම ඕක නොදන්නවා නෙවෙයි රසිකයෝ. ඒක තමා මම පෙට්‍රල් පුච්චගෙන චාටර් වෙන්න ඕනේ නැති නිසා මම ඉල්ලං කන්න ගියේ නැහැ කියලා ලිව්වේ. මොනවා උණත් ඉතින් වටින වැඩක් නෙව. :)

      Delete
  9. මේ blog දෙකම නියම blog 2ක්. Congratulations

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නුවන්

      Delete
  10. උබ නම් එල ද බ්‍රා පොරක් මචෝ

    ReplyDelete