අමාරු උසස්පෙල ගණිත ගැටලුවලින් කෑම මිළගණන් දක්වා ඇති චීනයේ අවන්හල!!



චීනයේ බීජිං නුවර අවන්හලක් සිය පාරිභෝගිකයින්ට අමුතු අභියෝගයක් ඉදිරිපත් කරලා. ඒ ඔවුන්ගේ මෙනු කාඩ්පතේ ආහාරවල විස්තරයට ඉදිරියෙන් එහි මිළ ගණන් වෙනුවට, එහි මිළ උත්තරය ලෙස ලැබෙන සංකීර්ණ ගණිත ගැටලු ඉදිරිපත් කිරීමෙන්. 

සාමාන්‍යයෙන් උසස්පෙල ගණිත ගැටළුවලට සමාන මෙම ගැටලු විසඳීමට නම් ඉහල ගණිත දැනුමක් තිබෙන්නට ඕනෑ. 

කොහොම වුනත්, මෙනූ කාඩ්පතේ තබා ඇති සටහනකට අනුව, ගාණ හදාගන්නට අමාරුනම් වේටර් වරයාගෙන් මිළගණන් විමසන ලෙස දක්වා තිබේනවා. මේ අවන්හලෙන් ආහාර ගත් පාරිභෝගිකයින් නම් පවසන්නේ, ගණිතගැටලු අමාරු වුනත්, මෙහි ආහාර ඉතාමත් රසවත් නිසා තමන් එහි ආහාර ගැනීමට ප්‍රිය කරන බවයි. 



__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments