මහනුවර බ්ලූස් සහ කොළඹ රෙඩ්ස් ජාතික ශූරතා දිනා ගනී

495
kandy blue and colombo red won National schools Hockey tournament

දින 3ක් පුරා පැවති වයස අවුරුදු 19න් පහල ජාතික හොකී තරගාවලියේ අවසන් දිනයේ තරග ඊයේ (01) පැවැත්වුනේ  කොළඹ කෘත්‍රිම හොකී ක්‍රීඩාංගනයේදීයි.

තරගාවලියේ අවසන් දිනයට අදාළ තරග ආරම්භ වුනේ බාලිකා තරගාලියේ අවසන් පූර්ව තරගයෙන්. මේ තරගයේදී කොළඹ රෙඩ්ස් සහ කළුතර කණ්ඩායම් තරග වැදු අතර කරට කර සටනකින් පසු කොළඹ රෙඩ්ස් කණ්ඩායම ගෝල 2-1ක්  තරගය ජය ගැනීමට සමත් විය.

දෙවන අවසන් පූර්ව තරගයේදී මහනුවර බ්ලූස් සමඟ තරග වැදුනු මාතලේ ගෝල්ඩ්ස් කණ්ඩායම ඉතා දැකුම්කලු තරග රටාවක නිරත වෙමින් මහනුවර බ්ලූස් ක්‍රීඩිකාවන් ගෝල 3-0ක් ලෙස තරගය ජය ගත්තේ ඉතා තරගකාරී මුහුණුවරකින් ක්‍රීඩා කරමිනි.

ඡායාරූප අැල්බම සඳහා පිවිසෙන්න

මාතලේ ක්‍රීඩිකාවන්ට අවසන් මහා තරගයේ ස්ථානයක් ගිලිහී ගිය නමුත් මාතලේ ගෝල්ඩ්ස් ක්‍රීඩකයින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ඒ බාලක පළමු අවසන් පූර්ව තරගයෙන් ගාල්ල කණ්ඩායම පහසුවෙන් පරාජය කරමින්. හොකී ක්‍රීඩාවට උපන් හපන්කම් දක්වන මාතලේ ක්‍රීඩකයන් මේ තරගය ජයගත්තේ ගෝල 4-0ක් ලෙසයි.

දෙවන බාලක අවසන් පූර්ව තරගයේදී ප්‍රබල කොළඹ රෙඩ්ස් කණ්ඩායමට දැඩි සටනක් දෙන්නට වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල් ක්‍රීඩකයන්ගෙන් පමණක් සමන්විත වූ පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායමට හැකි විය. නමුත් අවසානයේදී කොළඹ රෙඩ්ස් ක්‍රීඩකයන් තරගය ජය ගත්තේ ගෝල 2-1ක් ලෙසයි. මේ අනුව තරගාවලිය ආරම්භයේ දී බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි කොළඹ රෙඩ්ස් සහ මාතලේ ගොල්ඩ්ස් අතර අවසන් මහා තරගය දක්වා ගමන් කරනු ලැබීය.

බාලිකා අවසන් මහා තරගයේදී බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදිම කොළඹ රෙඩ්ස් කණ්ඩායම මුල සිටම ප්‍රතිවාදීන්ගේ ගෝලය ආක්‍රමණය කරමින් තරග වැදුනු නමුත් ඔවුන්ට තම වේගය ගෝල බවට ප්‍රවර්තනය කරන්නට අසමත් විය. විශිෂ්ට ප්‍රති ආක්‍රමනයක නිරත වූ මහනුවර බ්ලූස් බාලිකාවන් තරගයේ පාලනය සියතට ගනිමින් පළමු අර්ධය අවසන් වනවිට දෙපිළම එක ගෝලය බැගින් ලබා සිටියත් දෙවන අර්ධයේදී තම ග්‍රහණය තවත් දැඩි කළ මහනුවර බ්ලූස් ක්‍රීඩිකාවන් තවත් ගෝල දෙකක් රැස් කරමින් ගෝල 3-1ක් ලෙස තරගයේ ජය තහවුරු කර ගත්තා.

බාලක අවසන් තරගය පැවැත්වුනේ  දස්කම් සහ අත්දැකීම් අතින් අනූන වු ක්‍රීඩකයින් සිටින කොළඹ රෙඩ්ස් සහ මාතලේ ගෝල්ඩ්ස් කණ්ඩායම් අතරයි. ඒ බව සනාථ කරමින් කරට කර සටනකින් පසු පළමු අර්ධය අවසන් වුණේ ගෝල 0-0ක් ලෙසිනුයි. තරගය තවත් තියුණු කරමින් දෙවන අර්ධය ආරම්භවී මද වේලාවකින් කණ්ඩායම් දෙකම ගෝලය බැගින් වාර්තා කළ අතර දෙපිලේම දක්ෂ ක්‍රීඩකයන් කලකට අමතක නොවන දර්ශනීය හොකී තරගයක් ප්‍රේක්ෂයින් හට සංග්‍රහ කරද්දී තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ජයග්‍රාහී ගෝලය රැස් කළ කොළඹ රෙඩ්ස් ක්‍රීඩකයන් ගෝල 2-1ක් ලෙස තරගය ජය ගනිමින්, 19න් පහළ සමස්ත ලංකා හොකී බාලක ශූරතාවයේ පහස ලබන්නට සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න