Friday, April 26, 2024

General line - 0115112241

බැඳුම්කර සිද්ධිය ගැන විගණකාධිපති වාර්තාවේ කිසිවක් සඟවන්නේ නැහැ




මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඇතුලත් සියලූ කරුණු හෙළි කිරීමට සූදානම් බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලකී ජයවර්ධන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වාර්තාවේ ඇතුලත් කරුණු සැඟවීමට අවශ්‍ය නොවන බවයි.

කෝප් කමිටුවද අදාළ වාර්තාව අධ්‍යනය කරමින් කඩිනමින් අවශ්‍ය නිර්දේශ ලබාදීමට කටයුතු කරන බවද ලකී ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිිටියා.

මේ අතර මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ කථානායකවරයාද සිය දැඩි අවධානය යොමු කර තිබෙනවා. කරුණු පුළුල් ලෙස අධ්‍යනය කිරීමෙන් පසුව අවශ්‍ය පරිදි ඉදිරි පියවර ගැනීමටයි කථානායකවරයා තීරණය කර ඇත්තේ. ඒ, කෝප් කමිටු සභාපතිවරයා, විගණකාධිපතිවරයා, නීතිපතිවරයා සහ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.