Friday, March 29, 2024

General line - 0115112241

තෙවරප්පෙරුම නාගොඩ රෝහලට මාරු කරයි(UPDATE)




ගෙළ වැළලා ගැනීමට උත්සහ කිරීමෙන් අනතුරුව රෝහල් ගත කෙරුණු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා නාගොඩ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

 

නියෝජ්‍ය අමාත්‍යවරයා අද (30) දහවල් මෙලෙස ගෙළ වැළලා ගැනීමට උත්සාහ දැරුවේ මතුගම මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලය තුළදීයි.

 

පසුව ඔහු මූලික ප‍්‍රතිකාර සඳහා මීගහතැන්න රෝහලට ඇතුළත් කළා.

 

එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ද පහරකෑමට ලක්ව නාගොඩ රෝහලට ඇතුළත් කර සිටි අතර ඔහුව පානදුර මූලික රෝහලට මාරු කිරීමට තීරණය කර තිබෙනවා.

……………………………………………….

ගෙළ වැළලා ගැනීමට ගිය පාලිත තෙවරප්පෙරුම රෝහලට

 

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලය තුළ ගෙළ වැළලා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා එම විද්‍යාලයේ පන්ති කාමරයක් තුළ මෙලෙස ගෙළ වැළලා ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.