Friday, March 29, 2024

General line - 0115112241

ෆොන්සේකාට අලුත් නායකයෙක්




අද සිට තමාගේ නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතා බව අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (30) ප‍්‍රකාශ කළා.

 

ඒ, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින්.
එහිදී ඔහු කියා සිටියේ තමන් තවදුරටත් ප්‍රජාතන්තවාදී පක්ෂයේ නායකයා නොවන බවයි.

 

එම අවස්ථාවේදී මාධ්‍ය ඇමතූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ අලූත් රටක් ගොඩනැගීමට යන ගමනේදී සරත් ෆොන්සේකා මහතාගේ එක්වීම ශක්තියක් බවයි.

 

…………………………………………………………………

එජාපයට ආ ෆොන්සේකා කැලණියට

 

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මීට නොබෝ වේලාවකට පෙර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා.

එ් සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.

එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායකවරයා ලෙසද පත් කෙරුණු බවයි.