Saturday, March 30, 2024

General line - 0115112241

මහ බැංකුවට නව අධිපතිවරයෙක් තවම නෑ




මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර  කාලය අදින් (30) අවසන් වීමට නියමිතව ඇතත් එම ධූරය සඳහා කිසිවෙකුත් පත් කළ බව මෙතෙක් නිවේදනය කර නැහැ.

 

ජනාධිපතිවරයා ද ඊයේ ප‍්‍රකාශ කළේ කඩිනමින් නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කරන බවයි.

 

මේ අතර නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මතුවූ කථාබහ පිළිබඳ අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී ද අදහස් පළ වුණා.

 

ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කිරීමේ ලිපිය රැගෙන ගිය ද අගමැතිවරයා එම ස්ථානයට පැමිණි පසුව අදහස වෙනස් කරගත් බවයි.