Friday, April 26, 2024

General line - 0115112241

රාජගිරිය වගුරු බිමේ ගින්න නිවා දමයි (VIDEO)




රාජගිරිය - බුත්ගමුව මාර්ගයේ වගුරු බිමක ලදු කැලෑ ප්‍රදේශයක අද දහවල් ඇති වූ ගින්න මේ වන විට නිවා දමා තිබෙනවා. දහවල් 01ට පමණ ආරම්භ වී ඇති මෙම ගින්න සවස 05 පමණ වන විට නිවා දැමූ බවයි පොලිසිය පවසන්නේ.

කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 04ක්ද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 යානයක්ද ඒ සඳහා යොදා ගෙන තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ. වැලිකඩ පොලිසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

..................................................................

රාජගිරිය වගුරු බිමේ ගින්නක් (VIDEO)

රාජගිරිය, බුත්ගමුව මාර්ගය ආසන්නයේ පිහිටි පෙරේරා මාවතට ආසන්න වගුරු බිමක ගින්නක් වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතරක් පිටත් කර යවා තිබෙන බවයි කෝට්ටේ ගිනි නිවීම් ඒකකය සඳහන් කරන්නේ.

වගුරු බිමක මෙම ගින්න හටගෙන ඇති බැවින් ඊට ලඟා වීමට ගිනි නිවීමේ භටයින්ට අසීරුව තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීමට අවශ්‍ය සහය ලබා දීමට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් ද යොදවා ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.