Wednesday, April 24, 2024

General line - 0115112241

රාවුෆ් හකීම් වරද නිවැරදි කරයි

  හේරත් ඒකනායක / කමල් සුරවීර




සුළු පක්‍ෂ සහ සුළු ජාතීන් නියෝජනය කරන පක්‍ෂ සාමුහිකව කටයුතු කළයුතු බවට තමන් කළ ප්‍රකාශය වැරදි ලෙස සමාජ ගත වී ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මහනුවරදී අද (24)  මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුවූ වරද නිවැරදි කරමින්. 

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇති කර ගන්නා නව සන්ධානය සමග කටයුතු කරන බවද රාවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.