Thursday, April 25, 2024

General line - 0115112241

කණ්ඩායමෙන් සහයක් නැති චමරි ලකුණුවලින් මුල් තැනට




ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනියන් අතර පෙරමුුණ ගැනිමට ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්ව සිටිනවා.

ඒ තරග දෙකකදී ලකුණු 91ක් රැස් කරමින්. චමරි අතපත්තු නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 41ක් සහ ඕස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම සමග ඊයේ (24) පැවති තරගයේදී වේගවත් ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා.

ඇයට සෙසු කී‍්‍රඩිකාවන්ගෙන් සැලකිය යුතු සහායක් නොලැබීම හේතුවෙන් මෙම තරග දෙකම ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම පරාජය වීම කැපී පෙනුනා.

පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කාන්තා පිල සහහභාගි වන මීළඟ තරගය ලබන 29 වැනිදා ඉන්දීය කාන්තා පිලට එරෙහිව මෙල්බර්න් හිදි පැවැත්වෙනවා.