දුර්වල පන්දු රෝයි රෑට් හට ජය මඟ පාදයි

1082

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ සිව්වන  තරඟය ඊයේ (29) ලන්ඩන් නුවර ඕවල් පිටියේදී  පැවැත්විණි. මෙම තරඟයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලු 6 ක ජයග්‍රහණයක් ලබාගත් අතර තරඟාවලිය ද ඔවුන් ජයග්‍රහණය කරන ලදි.

පසුගිය ලිපි: අර්ධ ශතක 3ක් ලබා වාර්තාවක්

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම සුපුරුදු පරිදි පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරියුම් කරන ලදි. ආරම්භක සබඳතාවය ලකුණු 8 කට සීමා කරමින් කුසල් ජනිත් එක ලකුණකට දුවද්දී දැවීයන ලදි. 19 වන පන්දුවාරයේ දී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවූ නිසා පැය දෙකක් පමණ තරඟය පමා විණි. එමනිසා එක් ඉණිමක් පන්දුවාර 42 කට සීමාවිය. අනතුරුව පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් හා එක්වූ ධනුෂ්ක ගුණතිලක දෙවන කඩුල්ල සඳහා ලකුණු 128 ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. මෙන්ඩිස් මෙහිදී තම තුන්වන අර්ධ ශතකය ලබාගත් අතර 4 පහරවල් 13 ක් සමඟ ලකුණු 77 කට මෙන්ඩිස් දැවීයන ලදි. ඔහුට සහය වූ ගුණතිලක 4 පහරවල් 7 ක් සමඟ ලකුණු 62 ක් ලබාගන්නා ලදි.

ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් 4 වන කඩුල්ල සඳහා ලකුණු 87 ක සබඳතාවයක් ගොඩනංවන ලදි. චන්දිමාල් තම 18 වන අර්ධ ශතකය ලබාගත් අතර ඔහු එක් 4 පහරක් හා 6 පහර 3 ක් සමඟ ලකුණු 63 ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. නොදැවී ක්‍රීඩා කල ඇන්ජලෝ මැතිව්ස් තම 31 වන අර්ධ ශතකය සමඟ ලකුණු 67* ක් ලබාගැනීමට සමත් විය. ඔහුගේ පිත්තෙන් 4 පහරවල් 6 ක් හා එක් 6 පහරක් එල්ල විය.

පසුගිය ලිපි: වාර්තා බිද දමමින් එංගලන්තයට දැවන්ත ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම – 305 -5 (42) කුසල් මෙන්ඩිස් 77, ඇන්ජලෝ මැතිව්ස් 66*, දිනේෂ් චන්දිමාල් 63, ධනුෂ්ක ගුණතිලක 62, අදිල් රෂීඩ් 2/57, ඩේවිඩ් විලී 2/58

තරඟය පන්දුවාර 42 කට සීමා වීම නිසා එංගලන්ත කණ්ඩායම ට ලකුණු 308 ක් ඉලක්කයක් ඩක්වර්ත් ලුවිස් නියාය අනුව හිමිවිය.

එංගලන්ත ආරම්භක කඩුල්ල ඉක්මනින් දැවීගිය අතර දෙවන කඩුල්ල සඳහා ජේසන් රෝයි හා ජෝයි රෑට් වසර 17 ක් ඉපැරැණි වාර්තාවක් බිද දමමින් ලකුණු 149 ක දැවැන්ත  සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. රෑට් 4 පහරවල් 9 ක් සමඟ ලකුණු 65 කටදැවී යන ලදි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසිලෙස පහරදුන් රෝයි, පන්දු 118 කදී විශිෂ්ට ලකුණු 162 ක් ලබාගන්නා ලදි. එම ඉණිමට 4 පහරවල්  13 ක් හා 6 පහරවල් 3 ක් ඇතුළත් විය.

අවසානයේ එංගලන්ත කණ්ඩායම කිසිදු පීඩනයෙන් තොරව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහරවල් එල්ල කරන ලදි. කෙසේ වෙතත් මෙම ක්‍රිඩාංගනය පිතිකරණ පාරාදීසියක් ලෙසද හදුන්වනු ලැබේ. අවසානයේ එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට ජොනී‍  බෙයාර්ස්ටොවු හා ජෝශප් බට්ලර් සමත් විය. ්‍

පසුගිය ලිපි: ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටින්නේ කොතනද?

එංගලන්ත කණ්ඩායම: 309 -4 – (40.1) ජේසන් රෝයි 162, ජෝයි රෑට් 65, ජොනී‍ බෙයාර්ස්ටොවු 29* ,  නුවන් ප්‍රදීප් 2/78

තරගයේ වීරයා ජේසන් රෝයි

අනුව එංගලන්ත කණ්ඩායම මෙම තරඟය කඩුලු 6 කින් (D/L ක්‍රමයට) ජයග්‍රහණය කල අතර මෙම තරගාවලියේ තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයග්‍රහණය කරන ලදි.

ඒ අනුව  ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ලකුණු 300 ඉක්මවූ ලකුණක්වත්  බේරාගැනීමට නොහැකි බව ක්‍රීඩා ලෝලීන්ට පෙන්නුම් කරමින් මෙම තරඟය නිමාවිය.

දෙරට අතර අවසන් එක්දින තරඟය ලබන 2 වන සෙනසුරාදා එංගලන්තයේ කාර්ඩිෆ් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00 ආරම්භ වීමට නියමිතව ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න

ThePapare.com Basketball