Friday, April 19, 2024

General line - 0115112241

ළමා අපයෝජන වළක්වාලීමේ අරමුණින් නව අතිරේක කියවීම් පොත් පෙළක්




ළමා අපයෝජන වළක්වාලීමේ අරමුණින් පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියවීම් පොත් පෙළක් හදුන්වාදීමට අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද පාර්ලිමේන්තුවේ ආංශික අධීක්‍ෂණ කාරක සභාව තීරණය කර තිබෙනවා. මීට අදාළ වාර්තාව ලබන 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පැවසුවේ.

සෞඛ්‍ය විෂය පාසල්වල හර විෂයක් ලෙස නම් කර වඩා විධිමත් ලෙස ඉගෙන්වීමේ වැදගත්කමද අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා. ඒ අනුව ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගිකත්වය පිළිබද ඉගැන්වීමට ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමටද යෝජනා වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගිකත්වය පිළිබද ඉගැන්වීම් මේ වනවිට පවතින්නේ ප්‍රාථමික මට්ටමක බවද ළමා අපයෝජන ඇතුළු ලිංගික අපරාධ වැඩිවීමට එය ප්‍රමුඛ හේතුවක් බවද නිරීක්‍ෂණය වී තිබෙනවා.