පැතුම් ගේ පැතුම් පිත්ත පත්තු වෙයි

728
Pathum Nissanka

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ දෙවන යොවුන් ටෙස්ට් තරඟය ඊයේ  (28) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටියේදී ඇරඹිනි. අද (29) එම තරගයේ දෙවන   දිනය ක්‍රියාත්මක විය. දිනය නිමාවන විට ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 251 ක් ලබාගන්නා ලදි.

පසුගිය ලිපි: අවසන් කඩුලු 6 අතුරුදන් කල යොවුන් පන්දු

අද දිනයත් ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය සමඟින්ම වූ අතර  ලකුණු 31 ක් වනවිට කඩුලු 2 ක් දවාලීමට දකුණු අප්‍රිකානු යොවුන් පන්දු යවන්නන් සමත් විය. ඒ විශ්ව චතුරංග ලකුණු 18 කට හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 0 කට දවාලමිනි. චතුරංග ගේ ඉණිමට 4 පහරවල් 4 ක් ඇතුළත් විය. ලකුණු 38 ක සබඳතාවයක් 3 වන කඩුල්ලට ගොඩනැංවීමට පැතුම් නිස්සංක හා සම්මු අශාන් සමත් විය. අශාන් එක් 4 පහරක් සමඟ ලකුණු 17 කට දැවීයන ලදි.

ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 69 ක් ලෙස දැක්විණි. අනතුරුව පිටියට පැමිණි සංජුල අබේවික්‍රම ද ලකුණු නොලබාම දැවීයන ලදි. අනතුරුව පිටියේ එක්වූ පැතුම් හා අශේන් බණ්ඩාර 4 වන කඩුල්ල සඳහා පිටියේ එක්වෙමින් සාර්ථක නොබිදුනු ලකුණු 182* ක  සබඳතාවයක් දිනය නිමාවන විට ගොඩනැංවීමට සමත් විය.

පැතුම් සමඟ එක්වූ බණ්ඩාර දක්ෂ පිතිකරණයක නිරත වෙමින් 4 පහරවල් 8 ක් සමඟ ලකුණු 52* නොදැවී ලබාගන්නා ලදි. පැතුම් විශිෂ්ට පිතිකරණයක නිරත වූ අතර ඔහු දිනය නිමා වීමට නියමිතව තිබූ අවසන් පන්දුවට 4 පහරක් එල්ල කරමින් තමාගේ පැතුම වූ ලකුණු 150* සීමාව ලබාගැනීමට සමත් විය. පැතුම් තමාගේ ඉණිම අලංකාරවත් 4 පහරවල් 20 ක් හා එක් 6 පහරකින් වර්ණවත් කරන ලදි.

ශ්‍රී ලංකා 19 පහල පළමු ඉණිම (2වන දිනය නිමාවන විට) – 251-4 (90) පැතුම් නිස්සංක 150*, අශේන් බණ්ඩාර 52*, විශ්ව චතුරංග 18, අක්නා් මන්යකා 2/42 , වියාන් මුල්ඩර් 2/56

හෙට (30) තරගයේ තෙවන හා අවසන් දිනයයි.

තවත් පුවත් සඳහා මුල්පිටුවට පිවිසෙන්න