Friday, April 26, 2024

General line - 0115112241

රජයෙන් තීරණයක් – ඇමෙරිකානු තානාපතිනිය විදේශ අමාත්‍යංශයට කැදවයි




මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් අද දහවල් විදේශ සබදතා අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා. ඒ, එම අමාත්‍යාංශය කළ දැනුම්දීමකට අනුවයි.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකානු රජය පැනවූ සංචාරක තහනම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා ඇය මෙලෙස කැඳවූ බවයි විෂයභාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ඒ අනුව අද දහවල් 12 වනවිට සිය අමාත්‍යාංශයට පැමිණෙන ලෙස අමෙරිකානු තානාපතිවරියට දැනුම් දුන් බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කළා.