Friday, March 29, 2024

General line - 0115112241

සුන්දර රටක් වෙනුවෙන් අද බණ්ඩාරගම සහ මිනුවන්ගොඩ පරිසර පොළට ඔබත් අපද්‍රව්‍ය භාර දෙන්න




නෙත් එෆ්. එම්. බැලුම්ගල සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය එක්ව සංවිධාන කරන තවත් පරිසර පොළ 02 ක් අද පැවැත්වෙනවා. 

එක් පරිසර පොළක් බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ සංවිධාන ශක්තියෙන් පැවැත්වෙන්නේ පතාවත්ත විහාරස්ථාන පරිශ‍්‍රයේදීයි.

තවත් පරිසර පොළක් මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් කොටුගොඩ  ඕපාත විදුලිබල මණ්ඩලය අසළ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.

ඔබත් ඒ අවට ප‍්‍රදේශවල සිටින්නෙකු නම් ඔබට ද ඉවත ලන ප්ලාස්ටික් බෝතල්, කඩදාසි, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඇතුළු දෑ එම ස්ථාන වෙත භාර දිය හැකියි.

පොල්කටු සහ පිරිසිදු ප්ලාස්ටික් ඇසුරුම් භාර දී මුදල් ලබා ගත හැකි බවයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියේ මීගමුව කලාප කළමණාකාරිනී නදීෂානි මදනායක සඳහන් කළේ.

පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කර සුන්දර රටක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන කි‍්‍රයාවට නංවා තිබෙනවා.