Saturday, April 20, 2024

General line - 0115112241

ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ව්‍යාජව පෙනී සිටි අයෙකු පොලිස් දැලේ




ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පෙනී සිටිමින් අවන්හලක බීමත්ව කළහකාරී ලෙස හැසිරෙමින් එහි හිමිකරුට පහරදී අසත්‍ය  පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පෙනී සිටී මෙම පුද්ගලයා පොලිසියට පැමිණිලි කර තිබුණේ තමන්ට එම අවහන්හලේ සේවකයින් පහර දුන්  බවටයි. 

කෙසේවෙතත් මෙම දෙපාර්ශවය අතර එම අවහන්හලේ සිදු වූ බහින් බස්වීම එහි සවිකර තිබූ සී සී ටී වී කැමරාවලද සටහන් වී තිබූණූ අතර පසුව සැකකරු විසින් පහර දෙන අයුරු ඉන් නීරීක්ෂණය වු බවයි පොලිසිය සඳහන් කළේ. 

ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ව්‍යාජව පෙනී සිටිමින් පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම, අනර්තය හා පහර දීම යන චෝදනා යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබා පිටව යන අවස්ථාවේදීයි. සැකකරු කොටුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.