.

.

Jun 29, 2016

බ්‍රෙක්සිට්, ඉස්තාන්බුල් හා අපේ දේශප්‍රේමීන් - Brexit, Isthanbul & Racialism



බ්‍රෙක්සිට් (බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම) ගැන ඉකොනොමිස්ට් ලියපු ළිපියක මා අනාවැකියක් දමමින් සඳහන් කළේ, දැන් ඉදිරියට එන්නේ, තලෙයිබාන්වාදය, නාසීවාදය, සියොන්වාදය යන විවිධ නම් වලින් හැඳින්වෙන, අමුම අමු ජාතිවාදිය රජයන යුගයක් බවයි. එංගලන්තයේ අංකල් ජොන්සන් හා ඇමරිකාවේ ට්‍රම්පට් කාරයා යනු, හිට්ලර්ගේ පුනරුප්පත්තීන් බවයි. එය මනාවට ඔප්පු කරමින් ඊළඟ දිනයේම තුර්කීයේ ඉස්තාන්බුල් නුවර ගුවන් තොටුපලේ පිපිරෙන්නේ "සුවිසයිඩ් බෝම්බ" කරුවන් තිදෙනකු නොවේ. ත්‍රස්තවාදී ප්‍රහාර තව දුරටත් ඉදිරියට යමින්, මේ පුපුරා යන්නේ "සුවිසයිඩ් වොරියර්ලා" තිදෙනෙකි.

මින් පෙර සිඳු වූයේ සඟවාගෙන ගෙන එන බෝම්බය පුපුරුවා ගැනීමක් පමණි. එහෙත් දැන් ඔවුන් බෝම්බය පුපුරා ගැනීමට පෙර වෙඩි තැබීමෙන්ද පිරිසක් ඝාතනය කරනු ලබයි. ඔවුන් ප්‍රහාරයට පැමිනෙන්නේ AK - 47 මැෂින් තුවක්කුද සහිතවය. ඒ කියන්නේ, මින් ඉදිරියට සිදුවන ප්‍රහාරයන්හි මිලේඡ්චත්වය මෙන්ම හානියද අති දරුණුය. මිය ගිය ගනන 37 කට ආසන්නය. තුවාල ලැබූ පිරිස 150 ක් පමණය. මෑතකම ඇමරිකාවේ සිඳුවූ සමූළ ඝාතනය ගැන කෙතරම් තොරතුරු සැඟවූවද, එයද මීට සමානම වූ ප්‍රහාරයකි.

තුර්කිය යනු බටහිරට හිතවාදි රටකි. යුරෝපා සංගමයට හිතවත් රටකි. එමෙන්ම යුරෝපා සංගමයේ සමාජිකත්වය බලාපොරොත්තුවෙන් සිටිනා රටකි. එවන් රටකට එල්ල කරනා ප්‍රහාරයක් කිසි සේත්ම සුළුවෙන් තැකිය නොහැකිය. ඇත්තටම ඉස්තාන්බුල් යනු ග්‍රීක, පර්සියානු, රෝම අධිරාජ්‍යයන්ගේ යුගයන්හි පටන් අද දක්වාම පිහිටීම අතින් ඉතා වටිනා නගරයකි. වර්ථමානයේද ආසියාව හා බටහිර මුන ගැසෙන්නේ මෙහිදීය. ඉස්තාන්බුල් ගුවන් තොටුපල යනු යුරෝපයේ ගුවන් තොටුපල හා ගත්තද, විශාලත්වයෙන් තුන්වන තැන හිමි කර ගන්නා, කාර්ය බහුල ගුවන් තොටුපලකි. සංචාරකයන්ගේ පරාදිසීයකි. මෙය ඔවුනගේ ආර්ථිකට එල්ල කල මරු පහරකි.

එංගලන්තය යුරෝපා සංගමයෙන් වෙන්වී ඉල්ලාගෙන කමින් සිටි. දෙවන වරටත් යුරෝපයෙන් විසිවන්නේ පාපන්දු වලිනි. යුරෝපා කුසලාන තරඟාවලියෙන් එලියට විසිවන්නේ ඉතා කුඩා රාජ්‍යක් වන අයිසලන්තයට පරාජය වීමෙනි. බලගතු ඇන්ජෙලා මර්කෙල් නෝනාගෙන් බ්‍රිතාන්‍යට කිසිම අනුකම්පාවක් නැත. වෙන්වීම සඳහා ගෙවීමට වන දඩයද සුළු පටු නොවේ. බ්‍රිතාන්‍ය පවුමේ අගය බලාගෙන සිටියදි පහළ යමින් පවති. ඇත්තටම මේ වෙන් වී පිස්සු කෙලිය යුතු කාලයක් නොවේ. මුළු ළොවම එකට එක් වී අයිසිස් ත්‍රස්තවාදය පරාජය කළ යුතු මොහොතකි. එවන් අවස්ථාවක එංගලන්තයේ අංකල් ජොන්සන්ලා මෙන්ම, ඇමරිකාවේ ට්‍රම්පට් කාරයාද කරමින් සිටින්නේ, මූලධර්මවාදීන්ට ඔක්සිජන් සප්ලයි කිරීමකි.

යම් කිසි ආකාරයකින්, සංක්‍රමනිකයින්ට එරෙහි (අපේ අයත් බලාගෙන හොඳේ)  අංකල් ජොන්සන් වැනි හිට්ලර් කෙනෙකුට ආන්ඩු බලය හිමි වුවහොත්, එංගලන්තයට සිඳුවන විනාශය ඉතා නුදුරේදීම අපට බලාගත හැකි වනු ඇත. මන්ද යුරෝපයේ, එංගලන්තයේ, ඇමරිකාවේ පමණක් නොව මේ පුංචි ශ්‍රී ලංකාවේද මුස්ලිම් ත්‍රස්තවාදයේ බීජ වපුරා, ගස් වැල් සරුසාරවත්ව වැඩි, ඵලදරාද අවසානය. දැන් ඇත්තේ ඵල නෙලාගැනීමට පමණි. ඇමරිකාවේ ට්‍රම්පට් කාරයා ට්‍රම්පට් ගහන්නේ ඒ සඳහා විය හැක. මෙවන් ප්‍රහාර හමුවේ එංගලන්තයේ අන්කල් ජොන්සන් මෙන්ම, ඇමරිකාවේ ට්‍රම්පට් කාරයා බලයද බලය ලබා ගැනීම ඉර හඳ මෙන් බොහෝම පැහැදිලිය.

මේකේ පට්ටම ජෝක් එක එය නොවේ. එජාපයේ ලෝකල් සුද්දන් දෙදෙනෙකු හා සුද්දියකු බ්‍රෙක්සිට් වලට එරෙහි රැස්වීම්වල බයිලා කියන්න යෑමයි. එය කිසි වරදක් නොවන්නේ, ඔවුන්ගේ ප්‍රතිපත්තිය මව් රටටත් අදාල වේ නම් පමණි. කරුමය කියන්නේ මේ උන්නැහේලාට, ඒංගලන්තේ තියෙන පොල් කීර පෙනුනාට මෙහේ තිබෙනා පොල් පරාලය නොපෙනෙනා එකය. එහෙම නැත්නම්, එංගලන්තයේ වගේම, ලංකාවේද, "සාර්ථක දෙවන වරටත්" ඉල්ලාගෙනම කන්න රෙඩි වෙලා සිටිනා නිසා වෙන්න ඇතිය.

අම්මට සිරි ලංකාවේ අති දරුණු තලෙයිබාන්කරණයක් සිඳු වෙනවා කියා මාතලන් කියන්නේ, නානසාරලාටත් කලින්ම සිටය. අපත් සමඟ වාදයට ආ අන්වර් මනතුංගලා හෙමීට ලෙස්සා ගියේ, සාක්ෂි සහිතවම අප ඒවා පෙන්වා දුන් නිසාමය. ඒ එක පැත්තකි. අනෙක පාදඩ හාන්දුරුවන් පිරිසක් හොරුන් සමඟ හෙළුවෙන් නටමින් රට ගිනි තියන්නට දර දම්මින් සිටීමයි. මොවුන්ගේම පිරිසක් වන වෛද්‍ය මාෆියාව, අලුතෙන්ම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, එට්කා අත්සන් කලහොත්, සියළුම වෘත්තීය සමිතින් හා එක්ව, රට  අරාජික කරනා බවයි.

මේ සියල්ල හමුවේ කර බාගෙන සිටිනා ආන්ඩුවක්, අපට නම් පේන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනා ආන්ඩුවක් ලෙස නොව, ගොබ්බ ආන්ඩුවක් ලෙසය. අපේ හාමිනා මෙන්ම රටේ අති බහුතරය, මේ ආන්ඩුව අමතන හැටි ඇත්තටම මෙතන කියන්න කැතය. මේ වාගේ හාල්පාරු ආන්ඩුවක්, චන්ද්‍රිකාගේ කාලයේවත් තිබුනේ නැත. ජේ ආර්ගේ කාලයේ, චන්ද්‍රිකාගේ කාලයේ මෙන්ම, ජනරංජන මන රංජන සම්මාන් වලින් සාසනයෙන් පුද ලද මහින්දවත්, හාන්දුරුවන් පයිසෙකට මායිම් කලේ නැත. ෆොන්සේකට පක්ෂව සත්‍යග්‍රහ කරන්න යන කොට ඇහුවේ, අපේ හාමුදුරුවෝ මූනීස්සම් වළඳන්නට හෝ දත් නැතිව බත් වළඳන්නට මනාපද කියා පමනි. ඊට පස්සේ ඒ සිවුර යොදා ගත්තේ මහා රජානෝ වඩින මඟ පාවඩ සඳහාම පමණි. කෙටියෙන් කියනවා නම් ඒ කාලේ සිඳු වූයේ හාන්දුරුවෝ උන්වහන්සේට පුක උඩට වඩම්මා වඳිනා එකම පමෙනකි.

මේ එන්නේ ජාතිවාදීන්ගේ, ආගම්වාදින්ගේ, ත්‍රස්තවාදීන්ගේ යුගයකි. එම ප්‍රවනතාව ළෝකය පුරාම පවතින දෙයකි. මොවුන්ට ඉඩ දුන් විට අසරන වන්නේ, නිවිහැනහිල්ලේ සාමයෙන් ජීවත් වීමට කැමති අති බහුතරයක් වූ ජනතාවයි.

ලී කුවාන් යූ සිංගප්පුරුව හැදුවී ජාතිවාදයට මෙන්ම විරුද්ධවාදීන්ටද දැඩි නීතී පනවමිනි. රට දියුණු කරනා තෙක් අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය ලැබිය යුත්තේ දියුණු රටකට පමණි. ඒ ලැබුනද ජාතිවාදි අදහස් ව්ලට කිසිදා ඉඩක් නොතිබිය යුතුය. මන්ද, එය මිනිසාට ස්වයංව පාලනය කර ගත නොහැකි කාළකන්නි ගෝත්‍රික සිතිවිලි සමුදායක් නිසාය.

විධායක ජනාධිපති කම කියන්නේ විස දළ සහිත පෙනය පිප්පිය යැකි බලගතු නාගයෙකි. එහෙත් ඒ කාලයෙත් පෙනේ පුප්පපු නැති නයි, දර මිටි බඳින්න යොදා ගත් ගැහැනුන් සිටී බව කියන්නේ, අප නොව, පරණ පුස්තකයන්ය. නයාගේ අගය පේන්නේ ඌ පුප්පන විටය. එහෙත් අපට ඉන්නේ, හාන්දුරුවන්ට බයේ ප්‍රකාෂ නිකුත් කරනා අගමැති කෙනෙක්ය. ආන්ඩුව වැටෙන නිසා කුඩු කාරයෝ රකිනා ජනපති කෙනෙක්ය. සමහර විට එහෙම පුප්පන්නේ නැත්තේ. "ප" යන්න නැති විසා වෙන්න ඇතිය. බයියෝ නම් කියන්නේ ආන්ඩුවට "ප" යන්න "ක" යන්න දෙකම නෑ කියලාය.

101 comments:

  1. ගෝටාබය මහත්තයා ඊලඟ ජනාදිපති කොරන්න වේලාසනින් ම බ්ලොග් කැන්වසින් පටන් ගැනීම ගැම මාතලන්තුමාට අපගේ උපහාරය!

    ReplyDelete
    Replies
    1. අපි නම් බැසිල් මහත්තයා වගේ පස්සෙන් යන්නේ කාන්ති කොඩිකාරගේ පෙරමුණත් එක්ක.. මොකෝ ඒක අළුත් එකක් නේ....

      Delete
  2. ඉකොනොමැට්ටාගේ අඩවියට දැමූ කමෙන්ටුව,

    රටක් කියන්නෙ නිශ්චිත ප්‍රදේශයක මිනිස්සු පිහිටුවාගත් සම්මුතියක්. ඒ ප්‍රදේශය ගැන තීරණ ගන්න අයිතිය තියෙන්නෙ ඒ මිනිස්සුන්ට. බ්‍රිතාන්‍ය වැසියන් ඔවුන්ට ඇති වාසි අවාසි සලකා බලා ඡන්දය පාවිච්චි කලා ඊයූ එකෙන් වෙන් වෙන්න, පඬියන් මොනව කිව්වත්, එච්චරයි!

    ReplyDelete
    Replies
    1. නයිජල් ගේ බොරු අහලා , ජොන්සන් ගේ බොරු අහලා. දැන් දෙන්නම කියපුවා ආපහු අදිනවා. රාජ් දනන්වද ඒක ?
      //මුළු ළොවම එකට එක් වී අයිසිස් ත්‍රස්තවාදය පරාජය කළ යුතු මොහොතකි. එවන් අවස්ථාවක එංගලන්තයේ අංකල් ජොන්සන්ලා මෙන්ම, ඇමරිකාවේ ට්‍රම්පට් කාරයාද කරමින් සිටින්නේ, මූලධර්මවාදීන්ට ඔක්සිජන් සප්ලයි කිරීමකි.// ඔන්න ඕක මුන්ට තේරුනෙත් නැහැ. ලනක්වේ සවුදි සල්ලි වලින් කෙරෙන්නේත් ඕක.

      Delete
    2. සමහරක්ගේ මොළේ පරාසය බොහෝම කුඩායි... ඒවට ඉතින් අපිට කොරන්න දෙයක් නෑ...

      කට්ටේ රස දන්නේ කට්ට සූප්පු කරනා උන් පමණය.

      Delete
    3. ඊට වඩා ලේසියි ප්‍රාදෙශීයකරනයට ගිහින් ප්‍රාදේශීය සභා වශයෙන් වෙන් උනාම...

      Delete
    4. @ අජිත්

      මම දැක්කා නයිජල් බයිලා ගහනවා සංක්‍රමනිකයින අනතුරක් වෙන්නේ නෑ කියලා. මහින්ද බේරුවල මුස්ලිම් ප්‍රජාවටත් කිව්වේ ඕක නේ.. හැබයි නානසාර ඇවිල්ලා ගිනි තියලා මිනී මරලා යනවා. මහින්ද නෝ කතා නෝ සිනා.. උබලත් බලාගෙන පුතෝ...

      Delete
    5. මොලේ පරාසය පුළුල් වෙච්ච කට්ටියක් කොහොමත් ඉන්නව. එක්සිට් වුනාම හුජ්ජ යන්නෙ නෑ, කන්න බෑ ගිලෙන්නෙ නෑ, තුන්වන ලෝක යුද්ධෙ ආරම්භවුනා කියල කෑගැහුව ඒ කට්ටිය.

      එංගලන්තයත් ලංකාව ගානට දාල හිතන්න ගත්තම මෙහෙම සීන් වෙනව. මගේ අදහස නං ඕකෙන් ඇතිවෙන ලෝක යුද්ධයක්වත් ආර්ථික අවුලක්වත් නෑ.(පවුම බහින එක තාවකාලිකයි. පවුම රුපියල ගානට හිතුවමත් ඒ වගේ මනස්ගාත ඔලුවට එනව). එංගලන්තය වේවා ඇමෙරිකාව වේවා මේව ස්ථාවර රටවල්. පොඩ්ඩක් එහාට මෙහාට වැනුනට බිමට කඩාගෙන වැටෙන්නෙ නෑ.

      Delete
    6. රාජ් මම මේ රටේ ඉන්න නිසා මම දන්නවා මට තියෙන ප්‍රශ්න. exit වුනත් මේ රටට හරි යනවනම් මම කැමතියි. නමුත් අපි දැනට ජර්මනියට යන්නත් ප්ලෑන් හදාගෙන ඉන්නේ ප්‍රශ්න වැඩි වුනොත්. රසිස්ට් ඇටැක් මේ ටිකට වැඩියි. රිචර්ඩ් බ්‍රන්සන් ගේ ජොබ් 3000 ක් කැන්සල් ජේ පි මෝර්ගන් ගේ ජොබ් 4000 එක්ක පැරිසියට යන් කතා කරනවා. මේ රටේ මිනිස්ස් immigration එකට අකැමති වුන. ලංකාවේ ඉන්දියාවේ ඉඳන් ආපු එවුනුත් ඒකට චන්දෙ දුන්න.

      Delete
    7. රාජ් දන්නවද පළමු ලෝක යුද්ධය , දෙවන ලෝක යුද්ධය හා යුගෝස්ලාවියාව කදී ඇතිවුන යුද්ධය තුනම ඇති වුනේ යුරෝපයේ. දැන් අනිත් රටවල් 34 ක යුනියන් එකෙන් අයින් වීමේ ව්‍යාපාර ඇවිත්. ඔයා ඉතිහාසය බලල කතා කරන්න. තුන්වන ලෝකේ යුධ්ධේ ආරම්භ වුන කියල කවුරුත් කියන්නේ නැහැ. නමුත් ඒක වලක්වන්න කටයුතු කරාම ඔයා කියයි කෝ වුනේ නැහැනේ කියල. එංගලන්තය දැනට හුඟක් අස්ථාවරයි. ස්කොට්ලන්තය යන්න ඉඩ තිබෙනවා. මා වැඩ කරන කොම්පැනියේ 13ක් ලංකාවේ ඉන්නවා. මගේ බොස් ඊයේ කිව්වා පොඩ්ඩක් බලන්න වෙනවා දැන්. තව ගන්නත් බැහැ කියල. එකපාර නෙමේ ප්ප්‍රශ්න එන්නේ.

      Delete
    8. මේ ඉන්නේ මොලේ පළල වෙච්ච් එකෙක්. හැබැයි ලොකු පොහොසතෙක් පළල වැඩි කම නිසා වෙන්න ඇති.
      https://www.theguardian.com/business/2016/mar/18/richard-branson-says-eu-exit-would-be-saddest-day-for-britain-european-union-virgin

      Delete
    9. හරි! ජීවත්ව හිටියොත් අවුරුදු කිහිපයකින් කතා කරමු!

      Delete
    10. ඔව්. මම ඊයේ ඔය කතාවම බ්රෙක්සිට් එකට චන්දෙ දුන්න සුද්දෙකුට කිව්වා. තව මාස හයකින් කතා කරමු කියලා. මොකද මටත් මේක නිසා මේ රටට කෙළ වෙනවට කැමති නැහැ. අපි ජිවත් වෙන්න ඕනේ නේ. සුද්දත් එකඟයි. නමුත් අර සල්ලි දෙනවා කියපු එවුන් දැන් නැහැ කියනවා. ෆරාජ් සහ ජොන්සන්. ජොන්සන් දැම්මම සිංගල් මාර්කට් එකේ ඕනෙලු. එකේ ගන්න නම් ආයේ පවුම් මිලියන් 177 ගෙවන්න ඕනේ. තනිකර බොරු කිවේ මිනිසුන්ට.

      Delete
    11. අජිත්, ඉන්ගලන්තයේ වෙසෙන සමහර ආසියාතික සංක්‍රමණිකයන් නැගෙනහිර යුරෝපයෙන් එන එවුන්ගෙන් තමන්ගේ රස්සාවලට තර්ජනයක් වෙයි කියල වෙන්වීමට කැමතියිනේද?

      Delete
    12. ඔව් ඉතින් තුන්වෙනි පන්තියේ එකා ගහන්නේ තුන්වෙනි පන්තියේ එකාටමනේ...

      එහෙත් එහෙමයි...

      Delete
    13. oඔව් නේ ප්‍රා .ලංකාවේ අයට රස්සා වැඩිවෙයි කියල.

      Delete
    14. හිනා කාල මැරෙන වැඩේ වාමාංශික සහෝදරවරුත් එහෙම කරපු එක.

      Delete
    15. //අජිත්, ඉන්ගලන්තයේ වෙසෙන සමහර ආසියාතික සංක්‍රමණිකයන් නැගෙනහිර යුරෝපයෙන් එන එවුන්ගෙන් තමන්ගේ රස්සාවලට තර්ජනයක් වෙයි කියල වෙන්වීමට කැමතියිනේද?

      //ඔව් ඉතින් තුන්වෙනි පන්තියේ එකා ගහන්නේ තුන්වෙනි පන්තියේ එකාටමනේ...

      යුරෝපයේ ආසියාතිකයන් තුන්වන පංතිය වෙනව කියල අපි කිව්වම අපට කෝචොක් දාපු කලු සුද්දන්ට මේක පෙන්නන්න තිබුණ නම්.

      Delete
    16. මට නම් කවදාවත් තුන්වෙනි පන්තියේ කියල හිතිලා නැහැ. නැත්නම් මම මෙච්චර කල් ඉන්නෙත් නැහැ. නමුත් ජාතිවාදය හැම තැනම තියනවා. ඒක මම ලංකාවේදීත් අත් දුටුවා මගේ බිරින්ද්ටා විරුද්ධව. මේ බ්ලොගයේදී පවා. එක මේ රටේ සමහර මිනිසුන්ටත් පොදුයි. ඒවාට විරුද්ධව නැගී හිටින්න ඕනේ.අසියතිකයන්ගේ ඉරිසියා වටත් මම විරුද්ධයි.

      Delete
  3. මාස 60ක් ඉවසන්න අන්‍ෙ මැජික් යෂ්ටිය මග එනව.

    ReplyDelete
    Replies
    1. ඇවුරුදු 60 ක් ඉවසපු එකේ මාස 60 මොන රෙද්දක්ද බං...

      Delete
  4. පොඩි නිවැරදි කිරීමක්. තුර්කියේ බෝම්බය පිපුරුනේ ඉස්තාන්බුල් ගුවන් තොටුපොළේ මිස ඇන්කාරා වල නොවේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැවැරදි කලා

      Delete
    2. බෝම්බ පිපිරුනි අන්කාරා
      අනිච්චා වත සංකාරා

      Delete
  5. ලෝකය ඉතාම වේගයෙන් ත්‍රස්ථවාදය කරා ගමන් කරමින් තිබෙනවා. ඒකෙ දෙකක් නැහැ. හැබැයි මේකෙන් ජීවිත බේරා ගන්නෙ බොහොම ටිකයි. එතනින් එහාට ලෝකය තනන්නෙ ඔවුන්. මට දුක අපේ අම්මට සිරි ලංකාවෙ එකෙක්වත් ඒ කණ්ඩයමට අයිති වෙන එකක් නැතිකමට. ලොකු ලොකු තෝරු මෝරු ගහගන්න කොට අපි .......

    ReplyDelete
    Replies
    1. අයිසිස් එකේ නම් හතලිහක් විතර ඉන්නවා කියලා තහවුරු උනා නේ. හැබයි ඊට වඩා වැඩියි... ආඩම්බරයක් නෙමෙයිද...? ලංකාවේ කොල්ලෝ නේ... මරන්නේ සුද්දෝ නේ...

      Delete
  6. " Brexit could be followed by Grexit, Departugal, Italeave, Czechout, Finish, Slovakout, Latervia, Byegium. Only Remania will stay "

    ReplyDelete
    Replies
    1. Pra Jay, good one.
      සරනාගත ප්‍රස්න, කෘෂිකාර්මික ප්‍රස්න(සමහර පලිබෝද නාසක බ්‍රිතාන්යයේ තහනම් කිරීම ආදිය බ්‍රෙක්ශිට් එකට හේතු වූ ටොප් දෙක බව කියවේ. අපේ රටේ දේශ සීමා අපට දියව්!කියල තමයි ඉල්ලීම

      Delete
  7. අපත් සමඟ වාදයට ආ අන්වර් මනතුංගලා හෙමීට ලෙස්සා ගියේ, සාක්ෂි සහිතවම අප ඒවා පෙන්වා දුන් නිසාමය.

    අපිටත් ඕවා බලන්න සැලැස්සුවානම්

    ReplyDelete
    Replies
    1. ලින්ක් දාන්න නම් බෑ ලොක්කා... පොඩි ඔත්තුවක් දෙන්නම්... කොත්තු සින්ඩියට ගිහින් ඒකේ මාතලන්ගේ ජනප්‍රියම ලිපි ටික කියවන්න.. එතන ගොඩක් තියෙනවා..

      Delete
  8. මගේ යාලුවෙක් තුර්කි බෝම්බය TV එකෙන් දැකලා මලා.

    ReplyDelete
  9. දැන් ඉතින් අපි මොකද කරන්නේ හැබෑට....??

    ReplyDelete
    Replies
    1. මොකුත් නෑ.... වෙනදා වගේම ආතල් එකේ උන්නාම හරි...

      හාන්දුරුවෝ ටික වැඩේ කරයි...

      Delete
  10. අපේ රට බෙදන්න ඕනාය කියමින් තොවිල් නැටූ ඉන්ගලන්තේ නොබෝදිනකින් උතුරු අයර්ලන්තය සහ ස්කොට්ලන්තය වෙන් වී, ලන්ඩනයද ස්වාදීන වී ලබ්බ පොලේ ගැහුවා සේ කුඩු වීම දෙස කාලකන්නි අහවල් එකකින් යුතුව බලා සිටිමි!

    අපට විරුද්දව අවි අමෝරා නැගෙන යුරෝපීය රටවල් නානසාරකරණයට ලක් වී එහි නායකයින් ව කුනු කූඩයට ඇද දමා ජනතාව ගේ චන්දයෙන් ජාතිකවාදී දේසපාලුවෝ නැගී එන හැටි පෙනේ...

    අතුරුපලය වන්නේ යුරෝපයේ සිටිනා යුරෝපීය නොවන කස්ටියට ජාතිආල එක්ස්පීරියන්ස් ලැබීමට හැකි ඉඩකඩ වැඩි වීමය.

    ReplyDelete
    Replies
    1. එංගලන්තේ ලංකාව බෙදන්න ඕනෙය කියපු එක තැනක් කියපන් සරසා. උන් කිව්වේ යුද්ධේ නවත්වල සාකච්චා වලට යන්න. එංගලන්තේ ඉන්න මන්ත්‍රීලා එහෙම කිව්වේ චන්දෙ ගන්න. ඕක ලංකාවෙත් එහෙමනේ. හැබැයි ස්කොට්ලන්තේ වෙන්වෙලා යන එක හොඳයි. ලන්ඩන් වලට වෙනම පාලනයක් ලේබෙනවා නම් හොඳයි.
      //අපට විරුද්දව අවි අමෝරා නැගෙන යුරෝපීය රටවල් නානසාරකරණයට ලක් වී එහි නායකයින් ව කුනු කූඩයට ඇද දමා ජනතාව ගේ චන්දයෙන් ජාතිකවාදී දේසපාලුවෝ නැගී එන හැටි පෙනේ...// මේක වෙලා තව යුරෝපිය යුද්ධයක් ආවොත් ලංකාව වගේ රටවල් පවා ඈඳෙනවා

      Delete
    2. // මේක වෙලා තව යුරෝපිය යුද්ධයක් ආවොත් ලංකාව වගේ රටවල් පවා ඈඳෙනවා //

      යුරෝපීය යුද්දයක් ආවොත් ලන්කාවට වාසි වෙනෝ.....

      කපන්නේ නැතිව අත ඇරලා තියෙනා රබල් වලට හොඳ මිලක් .... සහල් අතිරික්තය විකුනන්න වෙලෙඳපොලක්...

      මිලිටරි කොන්ට්‍රැක්ටර් ලා කියලා ඇවන්ට්ග්‍රේඩ් වගේ ආයතන බිහි වෙලා හිටපු හමුදා නිලදාරීන් ට විදේශ රැකියා...

      ඇත්තටම යුරෝපීය යුද්දයක් කියන්නේ ස්‍රී ලන්කාවට සල්ලි උල්පතක්!

      Delete
    3. එතකොට ස රස තුමා දෙමළුන්ගේ වෙන් වීමේ අයිතියටත් ගරු කරනවද...? එයාලට වෙන් වීනට ඉඩ දෙනවද...? එහෙම වෙන් උනාම මේ වගේම ප්‍රීතියෙන් ඉන්නවාද..? එදාටත් කිරි බත් උයලා ජාතික කොඩි උස්සගෙන පාරේ නටමුද?

      Delete
    4. // එතකොට ස රස තුමා දෙමළුන්ගේ වෙන් වීමේ අයිතියටත් ගරු කරනවද...? //

      නැතුව....?

      දෙමලු වෙන් වුනාම සිරි ලන්කාව කුඩා වෙයි!

      එතකොට මිල නියාය ට අනුව සැපයුම අඩු වී ඉඩම් මිල ඉහල යති.

      ස ර ස තුමා ට අයිති ඉඩකඩම් කීපයක් හොඳ ගානකට විකුනන්නයි කල්පනාව ඔයි දෙමලු වෙන් වුනාම!

      කොහොමද ස ර ස තුමා ගේ ටිකිරි මොලේ?

      අනික... ලජ්ජ නැද්ද මාතලන් තුමා බයියන්න ගේ කෑම වන කිරිබත් කන්න?
      ස ර ස තුමා එදාට කන්නේ කේක් ය! බොන්නේ වයින් ය!

      Delete
    5. සරසට පිස්සු හැදිලද නැත්නම් සුස්තියක් ගහලද හේ හේ

      Delete
    6. // සරසට පිස්සු හැදිලද නැත්නම් සුස්තියක් ගහලද හේ හේ //

      ඇයි අජ්ජෝ.... උඹලා වගේ පස්චාත් නූතන සමාජවාදී ජිජැක් දයලෙක්තිය ඩෙරිඩා ගේ ව්යුත්පන්නයෙන් කියවන ඈයොන් ට විතරද බලය විමද්යගත කිරීම ගැන කතා කොරන්න පුලුවන්?

      බයියන් වන අපටත් දෙමෙලුන් ට බලේ විමද්යගත කොරලා කීයක් හරි සාක්කුවේ දමා ගත්තාම ඒක ප්‍රශ්නයක් ද?

      Delete
  11. බ්‍රෙක්ස්ට් ,එග්සිට්, කියකියා අපි ඉඳිමු 2018 විදුල් අර්බුදයක් එනවාලු. !

    ReplyDelete
    Replies
    1. විදුලි ඉතරක් නෙමෙයි, ජලයට වෙන්නෙත් ඒකයි.. ඇයි කුණු ප්‍රශ්ණය... මෙගා පොලිස් හදන්න යන්නේ මේ කිසිවකට විකල්ප නැතිව...

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මෙහිදී ස්කොට්ලන්තෙයි, උතුරු අයර්ලන්තෙයි තව දුරටත් යුරෝපා සංගමයේ රැන්දී තීරණය කිරීමත් සමග අභිමානවත් එක්සත් රාජධානියේ (UNITED KINGDOM ) පැවැත්මත් අවසන් වෙනවා.

    BREXIT එකට හුරේ දාන්නේ අන්ත ජාතිවාදියෝ විතරයි.

    ReplyDelete
    Replies
    1. අපි නං එහෙම උන් තමයි.

      Delete
    2. වයිස්ලි හිතන්න පුළුවන් මිනිස්සු ප්‍රතිශතයෙන් බොහොම අඩුයි වගේ...

      Delete
  14. ආණ්ඩුව නම් ඉල්ලගෙන කනවා කෑමක්.. හොදි ඕන නෑ.. නැට්ටේ හිටං ගොම.. සක්..

    ReplyDelete
    Replies
    1. ඔබට සතුටුයිද දැන්?
      මට නම් සතුටුයි නෙ බන්!

      Delete
    2. ආන්ඩුව කනවා... මහින්ද ආතල් ගන්නවා...

      විෂන් මිෂන් නැති... ගොබ්බ ආන්ඩුවක්..

      Delete
  15. තදවෙනවා. අම්මපා තදවෙනවා My 3 සහ රා නීල් එක්ක. දාන්නම 'ප'යන්න 'ක'යන්න විතරක් නෙවේ. 'ඇ' යන්න 'ට'යන්න දෙකත් නැතිවන තැනට ඇවිත් තිබේ.

    ReplyDelete
    Replies
    1. අපේ හාමිනාගෙන ඉන්න නෑ අනේ... මම හින්දා ඉතින් ජෝක් එකක් දාලා ෂේප් එකේ ඉන්නවා.. නැත්නම් මගේ ඇට දෙකත් ගලවනවා...

      ඊයේ වැට ගැන සාකඡ්චාවකට ආදායම් බදු එකේ නෝනලා දෙන්නෙක් ආවා එක්ස්ප්ලේන් කරන්න. වැඩ සටහන ඉවර වෙනකනුත් වැට් බද්ද අයකරන විදිය දෙන්නටම කියාගන්න බැරි උනා. ඉතින් අනික් උන් ගැන මොන කතාද...?

      Delete
  16. ලෝකය ගමන් කරන දිශාව නම් එච්චර සුභ නැහැ.ඉස්ලාම් අන්තවාදයත් ඒ අන්තවාදයට එරෙහි වීම දඩමීමා කරගත් නට්සිවාදයත් ලෝකය පුරාම පැතිරෙනව.ලංකාවටත් එයින් බේරෙන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් අයට බොහෝම පහසුවෙන් අල්ලගන්න පුළුවන් රටක් මේක...

      හේතූ මම කියන්න ඕන නෑ නේ... අපේ රටේ ප්‍රධාන ආදායම ගැන කල්පනා කරන්නකෝ...

      Delete
  17. රටවල් ඔක්කමෙ එක්ක ලොක්ය ආපහු යනවා

    ReplyDelete
    Replies
    1. මිනිස් ජීවිතය වගේ....

      Delete
  18. මාතයියෙ..මම නං හිතන්නෙ මේකට ආර්ථිකමය පැත්තට වඩා සමාජයීය ගැටලුවකට ලැබුන උත්තරයක් කියලා.කවුරු කොහොම නිර්වචනය කරත්.

    ඉතාලියෙත් මං දන්න බහුතරය වෙන්වීමට කැමතියි.මූලිකම හේතුව විදියට ඔවුනුත් දක්වන්නේ නැගෙනහිර යුරෝපීය සංක්‍රරමනික ප්‍රජාව සහ ඔවුන්ගේ නීතිවිරෝධී ක්‍රියා කලාපය.
    පොඩි උදාහරනයක්..අපේ ගෙවල් අවට මං දන්න තරමින් මත්ජාවාරම් කරුවන් 5 දෙනෙක් ඉන්නවා.ඉන් 4ක් රුමේනියන්.ඉන් දෙන්නෙක්ම සොරකම් වලට සම්බන්ධයි.එකෙක් ඉතාලි.ඉතාලි ජාතිකයා නීතියට බය වුනත් රුමේනියන් එහෙම නෑ.මොන ගේම ගැහුවත් බෝඩර් පැන්නම හෙවිලි බොරු.

    තව ජාවාරමක් තමයි වාහන/බයික් උස්සලා නැගෙනහිර යුරෝපයට පැටවීම.
    ඊළඟට ගෙවල් බිඳුම් මංකොල්ලකෑම් 90% ටම වගකියන්නේ නැගෙනහිර යුරෝපීය ඩයස්පෝරාව.
    තවත් ප්‍රශ්නයක් නැගෙනහිර පැත්තෙන් එන අහිගුන්ඨික ජනතාව.මූලිකව ඔවුන් ජීවනමාර්ගය සොරකම.පොදු ප්‍රවාහන සේවයේ දැන්වීම් දාන තරමටම ප්‍රශ්නය උග්‍ර වෙලා."
    කොටින්ම ඉත්තෑවගේ ගෙදරට ආව කබල්ලෑවගේ කේස් එක"

    සාමාන්යයෙන් මං අහපු බහුතරයම කිව්වේ කන්න බොන්න නැතත් සාමකාමී පිරිසිදු රටක ජීවත්වුන ඔවුන්ට මේ වෙන වෙනස්වීම දරාගන්න බෑ කියලා.
    මේක තුන්වැනි පන්තියේ ගැටුමකට වඩා දෙයක් මෙතන තියනවා.
    සංක්‍රමනිකයන් බහුල ප්‍රදේශ වල brexit වලට පක්ෂව ඡන්ද ලැබීමට බලපාපු සාධකක් ඒක.

    ReplyDelete
    Replies
    1. ''පළමුව ඔවුන් සමාජවාදීන් සොයා ආහ,
      මම නිහඩව සිටියෙමි,මන්ද මම සමාජවාදියෙක් නොවීමි.
      ඊළගට ඔවුන් වෘත්තිය සමිති සොයා ආහ,
      මම නිහඩව සිටියෙමි,මන්ද මම වෘත්තිය සමිතිවාදියෙක් නොවීමි.
      ඊළගට ඔවුන් යුදෙව්වන් සොයා ආහ,
      මම නිහඩව සිටියෙමි,මන්ද මම යුදෙව්වෙක් නොවීමි.
      ඊළගට ඔවුන් මා සොයා ආහ.
      ඒ වනවිට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙක් ඉතිරිව නොසිටියහ.!''

      මාටින් නිමොලර් පියතුමා (1892-1984)

      Delete
    2. සාමාන්‍යයෙන් පත්තර මල්ලිට මුකුත් නොලිව්වත් මෙය නොලියා බැරිය.
      //ඉතාලි ජාතිකයා නීතියට බය වුනත් රුමේනියන් එහෙම නෑ// කොසා නොස්ට්‍රා කියන්නේ රුමේනියානු මාෆියවක්ද ඉතාලියන් එකක්ද? මාෆියා යන වචනය හැදුනෙත් සිසිලියන් මාෆියාව නිසා කියා දන්නවද ? අද වෙනතුරු මරා දැමූ මහේස්ත්රත්වරු ගණන ඔබ දන්නවද ?
      https://en.wikipedia.org/wiki/List_of_victims_of_the_Sicilian_Mafia
      //තව ජාවාරමක් තමයි වාහන/බයික් උස්සලා නැගෙනහිර යුරෝපයට පැටවීම.
      ඊළඟට ගෙවල් බිඳුම් මංකොල්ලකෑම් 90% ටම වගකියන්නේ නැගෙනහිර යුරෝපීය ඩයස්පෝරාව.// මෙහෙත් ඔය කතාවම කියනවා. නමුත් දත්ත බැලුවහම සුදු ඉංග්‍රීසි ජාතිකයෝ සහ කළු ජාතිකයෝ තමා වැඩිපුරම ගෙවල් කලා තියෙන්නේ.
      //තවත් ප්‍රශ්නයක් නැගෙනහිර පැත්තෙන් එන අහිගුන්ඨික ජනතාව.මූලිකව ඔවුන් ජීවනමාර්ගය සොරකම.// අහිගුන්ඨික ජනතාව ලංකාවෙත් එහෙමයි. ඔවුන්ට තිබෙන ප්‍රශ්න නිසා. උන් නොමඩික් වරු. ඔවුන් ආසියාවෙන් පැවත එන්නන්. DNA වලින් බැලුවොත් අපේ ආසියාතික නෑයන්. බල්ලන්ට වගේ සලකන නිසා උන් හොරකම් කරන්නේ. මිනිසුන්ට වගේ සැලකුවොත් කරන එකක් නැතිවෙයි.
      අවසානයට - මේ රටේ දෙමළ එවුන් බ්රෙක්සිට් එකාට් චන්දෙ දුන්නේ. මම එම්ක ගැන ලියනවා. උනුත් ඔය කතාවම ඇහුවා. මම එක ප්‍රශ්නයයි ඇහුවේ කට වහ ගත්ත. --ප්‍රශ්නය- කවුද පහුගිය කලේ බ්‍රිතාන්‍යයේ ක්‍රෙඩිට් කාර්ඩ් වංචා කලේ කියල. --ඉතාලියේ හෙම කරපු දෙමල අය හුඟක් හිටිය කියල දන්නවද?

      Delete
    3. //කොසා නෝස්ට්රා කියන්නෙ රුමේනියානු මාෆියාවක්ද ඉතාලියන් එකක් ද.මාෆියා කියන වචනය හැදුනේ සිසිලියන් මාෆියාව නිසා කියල //

      අජිත් අයියෙ මෙහෙමයි.සිසිලිය කියන්නේ මුලු ඉතාලිය නෙමෙයි.සිසිලිය කියන්නෙ දූපතක් වගේම සබ් කල්චර් එකක්.කාසා නෝස්ත්‍රා,කාසමෝනිකා වගේ කණ්ඩායම් වල බලපෑම සිසිලි කතානියා වගේ දූපත් වලින් ඉස්සර බිහිවුනත්
      "සාමාන්‍ය ඉතාලි ජාතිකයා කියන්නෙ මාෆියාකාරයො නෙමෙයි " නීතිගරුක මිනිස්සු.සාමකාමී මිනිස්සු..ඉතාලියෙන් මාෆියා එක බිහිවුන පලියට ඉතාලි කාරයො සේරම හොරු මිනීමරුවො මංකොල්ලකාරයො නෙමෙයි.ඒ මිනීස්‍සු නීතිගරුක පුරවැසියෝ.මාෆියා එකයි මේ සංසිද්ධියයි පටලගන්න එපා.

      //දත්ත බැලුවම සුදු ඉංග්‍රීසි ජාතිකයෝ සහ කලු ජාතිකයෝ තමා ගෙවල් කලා තියෙන්නේ//
      අරුණි ෂපීරෝ ලියපු ඒක මාත් බැලුවා.මම කතා කරන්නේ ඉතාලිය ගැන.ඉදිකිරීම් ක්ෂේතරයේ කම්කරු අංශය රුමේනියන් ජාතිකයින් මත තමා මෙහෙ දුවන්නේ.කම්කරුවන් විදියට වැඩ කරන ඔවුන් යන එන තැන් වල ගෙවල් වල ඔත්තු බලලා සමර් එකේ වැකේෂන් ගියාම හරි රෑට හරි ගෙදරට ඇතුල්වෙන එකයි එයාලගෙ ක්‍රමය.මේ මම මහපොළවෙ ඉතාලියෙ දකින ඇත්ත.

      //DNA වලින් බැලුවොත් අපේ නෑයන්.බල්ලන්ට සලකන නිසා උන් හොරකම් කරන්නේ.//
      පලවෙනි එක නෑයා නෙමෙයි මොකා උනත් හොරු රෙද්ද අස්සෙ දාග්න්නෙ නෑ මමනං..ඕක උනේ 2004 ඔය රටවල් ටික එකතු උනාම රුමේනියාවෙ ජීවත් උන ඉන්දියාවෙන් සංක්‍රමනය උනාය කියන සින්ගරි කියන ප්‍රජාව වක්කඩ කැඩුව වගේ මෙහෙ ආව එකනේ..ඒ අයට මෙහේ නම් බල්ලන්ට වගේ සලකනවා මම දැකල නෑ හරියට උදව් කරනවා රජයෙන්.ඒත් අවුරුදු දාස් ගානක් හොරකම් කරන්න පුරුදු උන ජාතියක් ඒකෙන් ගලවන එක ලේසි නෑ..

      Delete
    4. //-ප්‍රශ්නය- කවුද පහුගිය කලේ බ්‍රිතාන්‍යයේ ක්‍රෙඩිට් කාර්ඩ් වංචා කලේ කියල. --ඉතාලියේ හෙම කරපු දෙමල අය හුඟක් හිටිය කියල දන්නවද? //
      හැක්..දෙමල විතරක් නෙමෙයි ගොඩක් ජාතිවල අය කලා..ලංකාවෙ ගාල්ලෙ කොල්ලෙක් ඉතාලියෙන් රුමේනියන් කාරයො ලංකාවට ගෙනිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් හැක් කරලා ලක්ෂ ගානක සල්ලිත් අරගෙන අහුවුනා .ඒතරං වැඩ්ඩෝ

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. // මෙහෙත් ඔය කතාවම කියනවා. නමුත් දත්ත බැලුවහම සුදු ඉංග්‍රීසි ජාතිකයෝ සහ කළු ජාතිකයෝ තමා වැඩිපුරම ගෙවල් කලා තියෙන්නේ. //

      අජ්ජෝ,
      අපේ මහින්ද මහත්තයට විරුද්දව එතුමා සුලු ජාතීන් ට විසේසයෙන් මුස්ලිම්වරුන්ට විරුද්දයි කියලා ඔය වාගේ කතා පැතිරෙවුව, ක්‍රියා සිද්ද කලා සමහර උදවිය පහුගිය ජනාදිපතිවරනෙට ඉස්සර...

      ඒ හඳුනා නොගත් කස්ටිය ට මුදල් එහෙම දුන්නේ ඉන්ගලන්තෙ, ඉන්දියාව, සහ යුරොපෙන් කියලයි තතු දත් අය පවසන්නේ...

      කල දේ පල දේ...
      දැන් ඉන්ගලන්තේ සහ යුරෝපේ පරිප්පු කන කාලයයි!

      පින සින්ගල් කරුමෙ ඩබල්!

      Delete
    7. //සාමාන්‍යයෙන් පත්තර මල්ලිට මුකුත් නොලිව්වත් මෙය නොලියා බැරිය//

      අජිත් අයියා..
      ඔයා පත්තර මල්ලිට ලියන නොලියන එක ඔයාගෙ තීරණයක්..මම ප්‍රායෝගිකව සාධක සහිතව මගේ මතය ඉදිරිපත් කලා..
      ඔයා ඒකට උත්තර දෙනවනම් දෙන්න ඒ කරුණු වලට අදාලව .විවේචනය කරන්න සතුටින් බාරගන්නවා . ඒ නැතුව
      " මං එයාට ලියන්නෙ නෑ, ඒත් මේකට ලියන්න ඕන"
      වගේ පකේ ටෝක් කැමති කෙනෙකුට දෙන්න මට දෙන්න එපා..මට ඔයා ලිව්වත් එකයි නැතත් එකයි.අපි තෝරල බේරල රිප්ලයි කරන්නෙ නෑ.

      Delete
    8. මම උත්තර නොලිව්වේ ඔය කලින් එකට මම වැඩ නිසා. සාමාන්‍යයන් උත්තර ලියන්නේ නැහැ කිව්වේ මිට කලින් ඔයා මට ඇවිත් ඇනෝ ඇටැක් කරන බවට ලැබුන ආරංචියක් නිසා.
      දැන් බලමු ඔයාගේ සාධක.
      //අජිත් අයියෙ මෙහෙමයි.සිසිලිය කියන්නේ මුලු ඉතාලිය නෙමෙයි.සිසිලිය කියන්නෙ දූපතක් වගේම සබ් කල්චර් එකක්.කාසා නෝස්ත්‍රා,කාසමෝනිකා වගේ කණ්ඩායම් වල බලපෑම සිසිලි කතානියා වගේ දූපත් වලින් ඉස්සර බිහිවුනත් //
      මේ ඔයා දන්නා තරම නම් කණගාටුයි. ඉතාලියානු මාෆියා එක මුළු ඉතාලියේම පැතිරිලා තියෙන එකක්. සිසිලි වලින් පටන් ගත්තට. දැනේ එහෙ නැහැ. ඉතාලි අගමැති අල්ඩෝ මෝරෝ මැරුවොත් උන්.
      //"සාමාන්‍ය ඉතාලි ජාතිකයා කියන්නෙ මාෆියාකාරයො නෙමෙයි " නීතිගරුක මිනිස්සු.සාමකාමී මිනිස්සු.// සාමාන්‍ය හොඳ රුමේනියානු ජාතිකයන් ඕන තරම් ඉන්නවා. අපේ කොම්පැනියේ මාකටින් කෙල්ල රුමේනියන්. වැම්පයර් ගේ පළාතේ. හරිම හොඳ ඩිසන්ට් කෙල්ලෙක්.
      //ඉතාලියෙන් මාෆියා එක බිහිවුන පලියට ඉතාලි කාරයො සේරම හොරු මිනීමරුවො මංකොල්ලකාරයො නෙමෙයි.ඒ මිනීස්‍සු නීතිගරුක පුරවැසියෝ.මාෆියා එකයි මේ සංසිද්ධියයි පටලගන්න එපා.// එහෙම එකක් මම කියල නැහැ. මම කිව්වේ ඉතාලියේ මාෆියාවක් තිබෙනවා. රුමෙනියානුවන් වගේම ඒ ගොල්ලොත් මත් ද්‍රව්‍ය විකිණීම , ගණිකාවන් හැසිරවීම ආදිය කරනවා කියල.

      //දත්ත බැලුවම සුදු ඉංග්‍රීසි ජාතිකයෝ සහ කලු ජාතිකයෝ තමා ගෙවල් කලා තියෙන්නේ//
      //අරුණි ෂපීරෝ ලියපු ඒක මාත් බැලුවා.// මම බැලුවේ නැහැ. මොකක්ද?
      //.කම්කරුවන් විදියට වැඩ කරන ඔවුන් යන එන තැන් වල ගෙවල් වල ඔත්තු බලලා සමර් එකේ වැකේෂන් ගියාම හරි රෑට හරි ගෙදරට ඇතුල්වෙන එකයි එයාලගෙ ක්‍රමය.මේ මම මහපොළවෙ ඉතාලියෙ දකින ඇත්ත.//හැම රුමෙනියනුවෙක්ම ?

      //රජයෙන්.ඒත් අවුරුදු දාස් ගානක් හොරකම් කරන්න පුරුදු උන ජාතියක් ඒකෙන් ගලවන එක ලේසි නෑ.// සෝවියට් දේශයේත් මේ ගොල්ලෝ හිටියා. නමුත් උන්ට ගෙවල් දීල උන්ගේ ගීත සාහිත්‍ය වැඩි දියුණු කරලා ගත්ත. අනික රස්සා දුන්න ගංගාවල බඩු ප්‍රවාහනය කරන. උන් කවදාවත් හොරකම් කලේ නැහැ. එංගලන්තෙත් ඉන්නවා. කොටසක් ඔය වගේ. නමුත් හුඟක් අය රස්සාවක් කරලා ජිවත් වෙන්න බලනවා.
      මම ඉතාලියට ආව . ඉතාලියේ මිනිස්සු එංගලන්තෙට වඩා ජාතිවාදී වැඩියි. සන්ක්රමනියන්ට එච්චර හොඳට සලකන්නේ නැහැ. එංගලන්තේ වගේ හොඳ රස්ස්ස දෙන්නෙත් නැහැ. ඒ නිසා ළමයින්ට උගන්වන්න හෙම පොත ලැබුනම ඉතාලියේ ඉන්න ලංකාවේ අය මෙහෙ එනවා. මන් දන්නා පවුල් කිහිපයක්ම ඉන්නවා. මේ සුද්ද චන්දෙ දුනේ ඒ අයටත් විරුද්ධව බව මතක තබා ගන්න.
      ඔය අන්තිම කොමෙන්ටුව ඔයා දැම්මේ නැහැ කියල හිතන්නම්.

      Delete
    9. @සරසා 1. මන් දන්නා විධිහට මුදල් දුන්නේ නොර්වේ.
      2. කවුඩ් අපරිප්පු කන්නේ. මචන් චන්දෙ පරුදුන කියල පැරදුන පැත්තේ එවුන් රට වැටෙන්න කියල ලංකාවේ උන් වගේ ප්‍රර්ථනා කරන්නේ නැහැ. වැඩ කරනවා මිසක්. මම උනත් එහෙමයි. දැන් මේකන් කොහොමද ගොඩ අනාගන්නේ කියල සාකච්චාවක් යනවා. එපමණයි.

      Delete
    10. //සාමාන්‍යයන් උත්තර ලියන්නේ නැහැ කිව්වේ මිට කලින් ඔයා මට ඇවිත් ඇනෝ ඇටැක් කරන බවට ලැබුන ආරංචියක් නිසා. //

      අජිත් අයියා..බොහෝම කණගාටුයි !!!!
      ඔයාගෙ ඔත්තු සේවය දුර්වලයි..ප්‍රොෆයිල් බිල්ඩ්අප් කරගෙන ඇනෝ ඇවිත් මඩ ගහන්න තැන මම නෑ.මොකද මේ ප්‍රොෆයිල් එකේ රකින්න දෙයක් නෑ.සුදු හෝ වැදගත් චරිතයකුත් නෙමේ.පිස්සට හැථැම්ම නෑ වගේ ඔහේ ඕන මගුලක් කිව්වහැකි .ඉතින් ඇනෝ එන්න අවශ්‍ය නෑ.මට ණය ගන්නවත් රස්සා හොයාගන්නවත් ලිංගික වශ්‍යතා සපුරගන්නවත් නෙමේනේ කමෙන්ට් කරන්නේ.ඉතින් මට උඩිං ගියත් එකයි පහලින් ගියත් එකයි..හොඳේ !!

      දැන් කාරනේට බහිමුකෝ.
      ඉතාලි මාෆියා එක කියන්නේ සංකීර්ණ යාන්තරණයක්.ඒක මුලු යුරෝපයේම බලපවත්වනවා වගේම දූපත් ආශ්‍රීතව ක්‍රියාකාරම් බහුලයි.ඒත් මේ කියන්නේ ඒක නෙමේ දෙයියනේ.මේ කියන්නේ නැගෙනහිර යුරෝපීය ඩයස්පෝරාව ඉතාලියේ හැසිරෙන විදියයි.සරළවම ගත්තොත් රුමේනියන් පෝලන්ඩ් වගේ පරණ කොමියුනිස්ට් රටවල් යුරෝපා හවුල එක්ක එකතුවීමේ සිද්ධිය නිසා අසීමිතව එන සංක්‍රණින්ගේ නොහොබිනා හැසිරීම.
      අනිත් එක මාෆියා එක සිල්ලරට කුඩුවිකුනන්නේ ගෙවල් කඩන්නෙ බීල පස්සවල් මිරිකන්නෙ නෑ..උන්ට එහෙම කියල ළැජ්ජ කරන්න එපා.

      ඔයා ඉතාලියට ඇවිල්ල ඇතිනේ සංචාරකයෙක් විදියට.මං අවුරුදු ගානක් තිස්සේ මේකෙ බිම් මට්ටමේ කුඩ්ඩොයි කොල්ලොයි බල්ලොයි එක්ක ඉන්න එකා.එහෙම වෙද්දි මේ මගේ අත්දැකීම්.කැමතිනම් පිලිගන්න මේ කියන්නේ ඇත්ත..

      රුමේනියාවෙන් හොඳ මිනිස්සු එන්නෙ නැත්තෙ නෑ.බොහොම හොඳ අය එනවා.ඒත් බහුතරයක් එන්නේ එක්කො එහේ ඉන්න බැරුව හෝ වෙන හේතුවක් නිසා හෝ අන්ත දුප්පත් කම නිසා හෝ(අපි වගේ) සංක්‍රමණය වෙන ප්‍රජාවක්.ඔවුන්ට මෙහේ හිරෙත් සැපයි.

      ඉදිකිරීම් ක්ෂේතරයෙ වර්තමානයේ කම්කරු අංශය රුමේනියන් පෝලන්ඩ් අය මත තමා යැපෙන්නේ.ඒකයි ඇත්ත.සයිට් එකකට ගිහින් බලන්න. මම සේවය කරන සංචාරක හෝටලයේත් ඉදිකිරීම් කරේත් ඔවුන්..

      අහිගුන්ටිකයන් ගැන නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි.
      රජය කරිතාස් ආයතනය ඉතාලි ජනතාව සෑහෙන උදව් කරනවා.නමුත් කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ..හොරකම පුරුදු වෙච්ව එකාට ඒක අතාරින්න ලේසි නෑ.

      Delete
    11. //ළමයින්ට උගන්වන්න හෙම පොත ලැබුනම ඉතාලියේ ඉන්න ලංකාවේ අය මෙහෙ එනවා.//

      හයියෝ දෙයියනේ ඒ එන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් දරුවන්ට ඉගනගන්නයි.මොකද ඉතාලි ඉස්කෝල වල ඉගනගෙන අනාගතයක් නෑ මේ රටේම ඉන්නයි වෙන්නේ .අනික ඉන්ට්නැශනල් දාල උගන්නන්න බර සල්ලියක් යනවා..ඒකයි .වෙන ලබ්බකට නෙමේ..

      වැඩ අස්සේ මේ ලිව්වේ.නිවීහැනහිල්ලේ ලියන්නම් හෙට හෝ රෑට.

      Delete
    12. ඉතින් එකනේ පත්තර මලේ. මේ වබ්‍රිතාන්‍යය ඉවත්ව යාමෙන් ආයේ ඒ අයට වත් එන්න බැහැ. ඔයා කියන ඔය රුමේනියන් කාරයෝ හා තිලාන් අතුර් මල්ලි කියන දේත් එක හා සමානයි. නමුත් නේටෝව ව්‍යාපත් කරනන් ඔය රටවල් ගන්න කියල බල කලේ බ්‍රිතාන්ය්යමයි. රුසියාවට විරුද්ධව. නැත්නම් බල්ගේරියාව, රුමේනියාව හෙම ගන්නේ නැහැ. එහෙම කරපු එවුන්ම වැඩේ අප්සෙට් යනකොට මෙන්න මං ගියා කියල පැනල යන එක වැරදියි. අනිත් එක ඔයත් රුමේනියානුවත් තවත් සන්ක්රමනිකයෝ අතරත් වෙනසක් නැහැ ජාතිවදියෙකුට. යුරෝපයේ ක්‍රමය හරි. ජාතිකත්ව නැති කරලා නිදහස් සංක්‍රමණය ඇති කරලා ජාතීන් එකතු කරන්න ඕනේ. අනාගතය ඇත්තේ ඔතන. ඔය ඉතාලි ආවේ කවද්ද මම දන්නේ නැහැ. ඔකේ ඉතාලියන් සුදු මිනිස්සු හුඟක් හොඳයි. මම නැවතුනෙත් ඒ තැන්වල. නමුත් ඉතාලියන් හොරුත් ඉන්නවා. ඔයා කියනවා වගේ මුළු රුමේනියානු ජනතාවක්ම හොරු කියල කියන්න බැහැ. නමුත් ඔය කටහ්ව කියල ඉතාලිය ගියොත් කොහොමද? ඔයාලට ඉන්න දෙන්නෙත් නැහැ. ඕක මුලදී ෆැසිස්ට් වාදී රටක් මුසෝලිනි යටතේ. අමතක කරන්න එපා ඒක.

      Delete
    13. //එහෙම කරපු එවුන්ම වැඩේ අප්සෙට් යනකොට මෙන්න මං ගියා කියල පැනල යන එක වැරදියි.//
      මම බ්‍රිතාන්‍ය ඉවත්වීම සාධාරණීකරනය කරනවා නෙමෙයි.ඒත් රටකට දරාගන්න පුලුවන් සීමාවක් තියනවා.එන්න එන්නම තත්වය දරුණු වෙනවනම් අයින් වීම හෝ ගිවිසුම සංශෝධනය හැර වෙන විසඳුමක් නෑනේ. තියන ටිකත් නැතිවෙන්න කලින්.

      හිතන්න හෝයි ලංකාවෙ ගාලා දේශසීමා ඇරල දැම්මොත් වෙන්නෙ මොකද කියලා.අවම වශයෙන් පාලනයක් අවශ්‍යයිනේ එන්නෙ යන්නෙ කව්ද කියලා දැනගන්න.එහෙම නෑ රුනේනියාවෙන් බස්/ වෑන් එකේ නැග්ගා රෝමයේ තිප්පල වෙච්ච අනග්නීනා වලින් බැස්සා.එන්නෙ මොකාද හොරුද මංකොල්ල කාරයොද මිනීමරුවොද මොක්කුද කිසිම සටහනක් නෑ කල්ලතෝනි වගේ ආවා නැවතුනා පාලමක් යට කාඩ්නෝඩ් එකක් එලාගත්තා හිටියා. ගේමක් ගැහුවා වැනිෂ් උනා.ඉවරයි !!

      රටක් විදියට දියුණු වෙලා තියෙන්නේ යම් කැපකිරීම් දාඩිය කඳුලු ලේ උඩින්.ගිවිසුමක් සයින් කරපු පලියට රෑ කාර් එකේ තිබ්බ කැස්ට එක නැත්නම්,නැත්තන් කාර් එකම නැත්තන්න්..දරුවෙකුට නිදහසේ පාක් එකේ සෙල්ලම්.කරන්න නැත්තන්,දරුවෙක් එක්ක පාරෙ 7/8 න් පස්සෙ පාරෙ යද්දි ගණීකාවක් පස්ස දික් කරනවනම්,වැකේෂන් ගිහින් එද්දි ගෙදර එලාම් එක ඕෆ් කරලා සුද්ද කරලා නම් , නිදහස් කෙල්ලෙකුට රෑ යද්දි අකුලකට ඈදගෙන ගිහින් බෙලල මිරිකනවනම් මොකද්ද අහක යන නයි රෙද්ද අස්ස දාගෙන ඇති පලේ ?? ඒකයි මං ඇහුවේ.අතීතය ගිය දේ ගියා.මේක සිංහයන්ට මිනිස්සු කන්න දාපු කොලෝසිය ම් එක තියන රට.ඒත් වර්තමානය අවිනිශ්චිතයි.ඒක ගැටලුවක් තරමටම දුර ගිහින් නේ.

      Delete
    14. පත්තරේ මේකයි ප්‍රශ්නේ , ඔය රටවල් ගන්න කොට මිනිස්සු ඒක කිව්වා. දැන් ඔය බ්රෙක්සිට් එකට පක්ෂ දේශපලකයෝම ගන්නත් කෑ ගැහුවා. දැන් අරන් ඉවරයි. ඔය කියන ප්‍රශ්න හැම රටකම තියනවා. රුමෙනියනුවෝ ජර්මනියේත් ඕක කරනවා. කෙල්ලෙක් ගේ බෙල්ල මිරිකන එක රුමේනියන් වරුන්ට වැඩිය කරලා තියෙනවා ඕකේ ඉන්න කළු ජාතිකයෝ.
      http://www.independent.co.uk/news/world/italian-and-nigerian-gangs-a-deadly-alliance-2361393.html
      කළු ජාතිකයොත් අනාථයෝ ඉන්නවා. එයාලත් එහෙමයි. උන්ටත් ඔයා ඕකම කියනවද?
      http://www.dailymail.co.uk/news/article-3546081/Mafia-declares-WAR-migrants-Sicilian-gangster-shoots-innocent-Gambian-head-amid-soaring-levels-migration-Italy-mayor-saying-Sicily-s-capital-no-longer-European.html
      රටේ නීති ඔයිට වැඩිය හදනන් ඕනේ. මිනිස්සු ඒවා පිළිපදින්න ඕනේ. රෝමේ කාර් එලවන හැටි දැකල තියෙනේවනේ. මාර්ග නීති පිලි පදින්නේත් නැහැ.
      දැන් ඔය වැරැද්ද වෙලා ඉවරයි. ඒක හදන්න එලියට යනවා කියන්නේ මෝඩ කමක්. නමුත් දැන් වෙලා තියෙන්නේ කොහොම හරි වෙච්ච වැරැද්ද හදාගෙන ඉදිරියට යන්න. බ්‍ර්ක්සිට් එකට, එකට වැඩ කරපු උනත් අන්න මෙහෙ වෙන් වෙලා.

      Delete
    15. ඔය ඉහත ලිපියේ තියෙන්නේ ඉතාලියට වැඩිපුරම එන්නේ ප්‍රශ්න ඇති කරන්නේ රුමෙනියානුවන් නොවේ. ලිබියාව හරහා එන මුස්ලිම් දේශපාලන අනාථයන්. ඒ ප්‍රශ්නය ඇති කලේ කවුද? බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව. ඒ නිසා තම ඔබාමා කීවෙත් බ්රෙක්සිට් එකට චන්දෙ දෙන්නේ එපා කියල. දැන් අපි මෙහෙ උත්සහ කරන්නේ මේ ජනමත විචාරණය ට නීතියෙන් බැඳීමක් නැති නිසා මන්ත්රිලා ලවා නිශේධ කරවන්න.

      Delete
    16. //අනිත් එක ඔයත් රුමේනියානුවත් තවත් සන්ක්රමනිකයෝ අතරත් වෙනසක් නැහැ ජාතිවදියෙකුට. යුරෝපයේ ක්‍රමය හරි. ජාතිකත්ව නැති කරලා නිදහස් සංක්‍රමණය ඇති කරලා ජාතීන් එකතු කරන්න ඕනේ//

      දේශසීමා අහෝසි කරල දැම්මනං අහවරයිනේ.ඒත් ප්‍රායෝගිකව කරන එක ඔය තරම් සුන්දර නෑ.ඊට කලින් කරන්න ලොකු වැඩ කොටසක් තියනවා.අපිත් සංක්‍රමනිකයෝ තමයි.ඒත් අපි ඉන්ටවීව් ගිහිල්ලා ප්‍රොසීඩියර් එකකට යටත්ව පවතින් නීතිවලට අනුගතව ඇවිල්ලා PR එග්සෑම් ලියලා මේ රටේ පොලිසියෙන් පොලිස් රිපෝට් අරගෙනයි මෙතන පවතින ප්‍රවාහයට සක්‍රීයව එකතු වුනේ.ඒක වෑන් එකක එල්ලිලා කිසිම සටහනක් ක්ලියරන්ස් එකක් නැති රටකට බරක් වෙන සංක්‍රමනිකයෙකුට වඩා වෙනස් නේද ..

      කොයි කවුරු උනත්, තමන් ,පවුල ,ගෙදර ගම, රට ,පිලිවෙලට නේද ගොඩනැගෙන්නේ...අපිට ලෝකයම එකපාර හදන්න බෑ !!හදන්න ගියොත් අවුලක්..
      මම සේවය කරන්නේ තරු පන්තියේ ප්‍රධනම සංචාරක හෝටලයක.මේක ඇතුලේ හොරු නෑ.ඒත් උදේ බුෆේ එකට ආව ටුවරිස්ට් කෙනෙක්ගේ හෑන්ඩ්බෑග් එක නැතිවුනා..cctv චෙක් කරද්දි අපේ අලුතින් එකතු කරන කොටසක මේසන් වැඩ කරපු රුමේනියන් කොල්ලෙක් එක්ක කෙල්ලෙක් රෙස්ටෝරන්ට් එකට බහිනවා.කොල්ලා ටුවරිස්ට් පස්සෙන් බුෆේ එකට යනවා රුමේනියන් කෙල්ල ඒ අතරෙ බැග් එකෙන් පර්ස් එක් අරන් මාරු වෙනවා.කොල්ලා ඒ එක්කම වැනිෂ් වෙනවා.කොහෙ හොයන්නද .කන්ට්‍රෑක් කරපු කම්පැනි එකෙන් ඇහුවම උන් කාගෙ කව්ද කියන්න කිසිම සටහනක් නෑ.හොටෙල් එකෙන් කියපු ගාන ටුවරිස්ට් ට ගෙවලා පොලිසි යන්න නොදී බේරගත්තා..ඉතින් ??

      Delete

    17. රුමේනියන් පෝලන්ත බල්ගේරියන් ඇල්බේනියන් වගේ යුරෝපීය ජාතිකයන් ස්වභාවයෙන්ම ආවේගශීලියි.එහෙම නැත්නම් මෙහෙට සංක්‍රමනය වන අයගෙන් බහුතරය අඩු අධාපනික සමාජයීය පහල ස්තරයේ අය.එතනදි මතු වෙන්නේ නවාතැන් දීම වගේ ගැටලු නෙමෙයි.මුලිනුත් කිව්වේ සමාජයීය ගැටලුවකට සාමාන්‍ය ඉතාලි ජාතිකයා මූණ දෙනවා 2004 න් පස්සේ .ඔවුන්ට යුරෝප් කමිනිටි එකවත් නේටෝ වත් නෙමේ ප්‍රශ්නේ ඔවුන්ගේ සාමාන්‍ය ජනජීවිතයට කෙරෙන බලපෑම.සීමිත සම්පත් අතරේ සුවපහසු සාමකාමී (මාෆියා එකෙන් පොඩි මනුස්සයට කෙරෙන බලපෑම අවමයි) ජීවනරටාවකට හුරුවෙච්ච ඔවුන්ට හතු පිපෙනවා වගේ බිහිවෙන හොරුයි කුපාඩියොයි ගණිකාවොයි දරාගන්න බැරි සමාජයීය ගැටලුවක්.ස්වභාවයෙන්ම රුමේනියන් ජාතීකයා අනෙක් ජාතීන්ට සාපේක්ෂව හොරකමට නැඹුරුයි.අවර ගනයේ වැඩ වලට තියන බය අඩුයි.ඒකයි මගේ අත්දැකීම.හොඳ මිනිස්සු හිටියත් සාපේක්ෂව බහුතරය අවර ගනයට නැඹුරුයි.ඉතින් ඔවුන් අහන්නේ 2004 න් පස්සේ මේ අපි මොකද්ද මේ කරගත්තේ කියලා..අන්න ඒකයි මේ මතුකරන ප්‍රායෝගික ගැටලුව.සංඛ්‍යා ලේඛන වලට වඩා මිනිස්සුන්ට දැනෙන්නේ ඒක.ඒ මිනිස්සුගෙ පැත්තෙන් ඒකට වරදක් කියන්න මට බෑ..අපේ රටට එහෙම උනොත් අපිත් ඔයිට වඩා වැඩි වෙනසක් වෙයි කියල මම හිතන්නෙ නෑ.

      Delete
    18. පත්තර මල්ලි කියන එකත් ඇත්ත. අජියා කියන එකත් ඇත්ත.

      යුරෝපා සංගමයේ කරපු සමීක්ෂණයකින් කියන්නේ යුරෝපා සංගමය අදහස ගෙනාපු ප්‍රංශයේ පවා වෙන් වී යන්න කැමති පිරිස වැඩියි.... ඒකයි මම කිව්වේ.. ඕක මහ ජරා මිනිස් හැඟීමක්.. පට්ට ගෝත්‍රික ලක්ෂණයක්... පන්සිල්, ටෙන් කමාන්ඩ්මන්ට්ස්, නීතී ඇති වෙලා තියෙන්නේ ඇයි.. මිනිස්සු උපතින්ම කැමත්තක් දකවන අමු තිරිසන් වැඩ වලට වැට බඳින්න. ඉතින් බුද්ධිමත් මිනිස්සු කරන්න ඕන හැඟිම් වලට වහල් වන එක නෙමෙයි.. මිනිස්කම වර්ධනය කරන එක.. එක කරන්න ලේසියෙන් බෑ.. යුරෝපා සංගමයෙන් කලෙත් එහෙම දෙයක්.. හැබයි ඒවා පටන් ගත්ත උන් බුද්ධාගමේ හාමුදුරුවරු වගේ පිස්සු කෙලිනවා නම් එතනත් ප්‍රශ්ණයක් තියෙනවා.. මේක බොහොම ලස්සනට විග්යහ කලා උතුරේ අග්‍රාන්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ...

      මිනිස්සු කැමති සුහඳ කොකාට... ඒත් ආන්ඩුවකට සුහඳ කොකා වගේ ඒවට සප් එකක් දෙන්න බෑ...

      Delete
    19. පත්තර මල්ලි කියන එකත් ඇත්ත, අජියා කියන එකත් ඇත්ත කියල මාතෙ කියන එකත් ඇත්ත.

      Delete
    20. //දේශසීමා අහෝසි කරල දැම්මනං අහවරයිනේ//
      schengen ගිවිසුමෙන් දේශ සීමා ඉවත් කරලා තියෙන්නේ මල්ලි. ඔයා දනන්වද ඒක . නමුත් බ්‍රිතාන්‍යය ඒ ගිවිසුමේ නැහැ. අපට දීල තිබ්බේ තමන්ට ඕන විධිහට කරන්න. නමුත් යුරෝපියන් යට අවුරුදු දෙකක් දුන්න. රුමෙනියාවට හා බල්ගේරියාවට අවුරුදු දෙකක් දුන්න. උන් ගන්නවට විරුද්ධ පැත්තේ හිටියේ මමත්. හේතුව උන් දියුණු මදි නිසා. නමුත් අමෙරිකාව හා බ්‍රිතාන්‍යය යුරෝපිය ප්‍රජාවට බල කලා ගන්න කියල. ගත්තට පස්සේ කෑ ගහල වැඩක් නැහැ.
      මෙර්කල් සහ හොලන්ඩේට තිබ්බේ රුමේනියාව හා බල්ගේරියාව ඉවත් කරන්න. නැත්නම් දෙවෙනි ටියර් (ලෙවල් ) එකක් හදල එතනට දාන්න . උන් එක කලේ නැත්තේ බ්‍රිතාන්‍ය ඒ පස්සේ හිටිය නිසා. මෙහෙ බ්රෙක්සිට් එකට කතා කරපු එවුන් ඔක්කොම ඒක නැවැත්තුව. ඒ ඇත්ත කිව්වේ නැහැ.
      මෙතන රනිල් කවුද එවල බ්රෙක්සිට් එකට විරෝධය් පල කරන්න. මට ඒවා අදාල නැහැ. මම කතා කරන්නේ ඓතිහාසිකව . මේක වැරැද්දක්. එංගලන්තේ GDP එක ඩොලර් ට්‍රිලිඅන් 2.678. ඒක යන එක පාඩුයි. දෙපැත්තටම. ඔය රුමේනියන් හරි තව මොකෙක් හරි දෙතුන් දෙනෙක් ගෙන් ඕනේ නම පවුම් මිලියනයක පාඩුවක් වෙයි. මේ පාඩුව ඊට වඩා වැඩියි.
      //.අපිත් සංක්‍රමනිකයෝ තමයි.ඒත් අපි ඉන්ටවීව් ගිහිල්ලා ප්‍රොසීඩියර් එකකට යටත්ව පවතින් නීතිවලට අනුගතව ඇවිල්ලා PR එග්සෑම් ලියලා මේ රටේ පොලිසියෙන් පොලිස් රිපෝට් අරගෙනයි මෙතන පවතින ප්‍රවාහයට සක්‍රීයව එකතු වුනේ.ඒක වෑන් එකක එල්ලිලා කිසිම සටහනක් ක්ලියරන්ස් එකක් නැති රටකට බරක් වෙන සංක්‍රමනිකයෙකුට වඩා වෙනස් නේද ..// මල්ලි යුගෝස්ලාවියාව හරහා ට්‍රක් වල එල්ලිලා පැනපු ගොඩක් ශ්‍රී ලාංකිකයෝ මම දන්නවා. මොස්කව් හරහා ඇවිත් දේශසීමාව පැනපු අය මම දන්නවා. බ්‍රිතාන්‍යයේ ඉන්න ඉතාලි එවුන් බනින්නේ ඉතාලියේ ඉන්න සන්ක්රමනිකයෝ ඔක්කොටම. ශ්‍රී ලන්කන්, අප්රිකානුන්, පකිස්ථානි හා නැගෙනහිර යුරෝපිය. ඔක්කොටම.

      Delete
  19. ලෝකයේ නරකම රේගුව තියෙන්නේ තුර්කියේ

    ReplyDelete
    Replies
    1. එහෙමද...?

      මම හිතුවේ ඒ රෙකෝඩ් එකත් තියෙන්නේ අපිට කියලා.. එයාලා කොයිතරම් පිරිසිඳුද කියනවා නම්. ඊයේ පෙරේදා කටුනායක එයාර්පෝට් එකේ CCTV කැමරා හයි කරන එකටත් විරුද්ධ උනා..

      Delete
  20. විවේචනය හරි ලේසියි. මාතලන් බනිනවා අගමැති ආණ්ඩුවට බයයිලු. ඉතිං ඒ මිනිහ මක් කොරන්නද? මේක මේ රටේ තත්වේ. මිනිහ හාමුදුරුවරුන්ට ටෝක් කලොත් පස්සෙන්දට මිනිහගෙ ගේ වටකරයි මිනිස්සු. මාත් දේශපාලනිකව රනිල්ට,මයිත්‍රීට විරුද්ධයි. ඒත් බිස්මාර්ක් කිවුවෙ "දේශපාලනය යනු කල හැකි දේ පිලිබඳ කලාවයි" කියල.

    ReplyDelete
    Replies
    1. එතකොට ජේ අර්ගේ ගෙවල් චන්ද්‍රකා ගෙවල්, මහින්දගේ ගෙවල් වට කලාද..? අන්තීමේදි මහින්දට වඳින්නත් ගත්තා. අදටත් වඳිනවා...
      ඔළුව පහත් කරගත්තාම ඕන එකෙක් කරේ නෙමෙයි, ඔළුවෙත් නගිනවා. නැගලා නවතින්නේ නෑ... ඔළුවේ රෙනවා..

      Delete
  21. ඉංග්‍රීසි රාජාණ්ඩුව එංගලන්ත සභාව පිහිටුවා කතෝලික ජාත්‍යන්තරවාදයෙන් ඉංග්‍රීසි ජාතිය නිදහස් කරගැනීමට;
    කෙමල් අතා තුර්ක් ඉස්ලාමීය ජාත්‍යන්තරවාදයෙන් තුර්කි ජාතිය නිදහස්කර ගැනීමට; පෝලන්තය කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදයෙන් නිදහස්වීමට; පසු මනුශ්‍ය ශිෂ්ඨාචාරයේ සිදුවූ වැදගත්ම නිදහස්වීම මෙයයි.
    මෙය බටහිර ක්‍රිස්තියානි නූතන ජාත්‍යන්තරවාදයෙන් බ්‍රිතාන්‍ය ජාතිය නිදහස්වීමක් ලෙස සැලකිය හැකියි.මෙය බ්‍රිතාන්‍ය සමාජයේ බහුතරය යක්ෂ ධාරාව නියෝජනය කරන්නන් බව ඔප්පුවූ අවස්ථාවක් Jo Cox වැනි අතලොස්ස නාග ධාරාවේ අය.

    ReplyDelete
    Replies
    1. හා මචං

      දැන් විග්නේෂ්වරන්ටත් ඒ විදියටම සලකපල්ලා...

      Delete
    2. ලාංකීය දෙමළ ජාතිවාදය ලන්දේසීන් බිහිකල, ඉංග්‍රීසීන් විසින් බව්තීස්ම කෙරුණු දෙයක්. ලාංකීය දෙමළ ජාතිවාදයට ඉන්දියාව හැර අන් ජාත්‍යන්තර සහයෝගයක් ඇත්නම් එය බිරිතානියේ බලපෑමෙන් සිදුවූවක් ලෙස සැලකිය හැකියි. මේ ආකාරයට බිරිතානිය යුරෝපයෙන් කොන්වීම සිංහලයාට වාසියක්.
      මෙම වාසිය දෙවෙනි වන්නේ. හින්දු දෙමළුන් හා කිතුනු දෙමළුන් අතර ගැටුමක් ඇතිවීමට සහ බිරිතානිය හා ඇමරිකාව අතර ගැටුමක් ඇතිවීමට පමණයි.

      Delete
    3. ජැක්සන් ඇන්තනී වගේ ඉතිහාසය අළුතෙන් ලියන එකෙක්ද කොහෙද...

      Delete
  22. මිනිසා යනු ස්වභාවයෙන්ම ජාතිකවාදී, පුරුෂවාදී, ආගමික සත්වයෙන්.
    එමනිසා ජාත්‍යන්තරවාදය, ස්ත්‍රිවාදය, නිර්ආගමිකත්වය බලෙන් පැටවීමෙන් සමාජය අර්බුදයට පත්වෙයි.

    ReplyDelete
    Replies
    1. දැන් අවුල් වෙලා තියෙන්නේ මොකද දන්නේ නෑ... එහෙම ඒවා එනකන් වෙන්ටෑ...

      Delete
    2. මිනිසා යනු ස්වභාවයෙන්ම සැප විදීමට කැමති, ගැහුවොත් ගහන, වස්තුවට කෑදර සත්වයෙකි. එමනිසා බුද්දාගම වැනි මිත්‍යා බලෙන් පැටවීමෙන් එම මිනිසා අර්බුදයට ලක්වෙයි

      Delete
    3. එය සත්‍යයක් බුදුන් වහන්සේ තම අනුගාමිකයන්ට පැවිදි සම්ප්‍රදාය හඳුන්වා දුන්නේ එමනිසායි. එසේම පැවිදි ජීවිතයට දැඩි නීති පනවා එය ගිහියන්‍ට ආකර්ශණිය නොවන ලෙස පවත්වාගන්නට කටයුතු කලෙත් ඒ නිසායි.
      බුදුන් වහන්සේ ගිහි බෞද්ධයන්ට එවැනි පරිපුර්ණ විනය නීති මාලාවන් හඳුන්වා දුන්නේ නෑ. එමනිසා ගිහියන් කලයුත්තේ වෙනම සංවිධානයවී ශරියා නීතිය වැනි දෙයක් බෞද්ධ ගිහියන් සඳහා සම්මත කරගැනීමයි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැන්නකට රාජ්‍ය පිලිගැනීම ලැබිය යුතුයි.

      Delete
    4. මේන් මේ කතාවට නම් මම එකඟයි...

      Delete
  23. අයිසයිස් කාරයො කියන්නෙ ඇමරිකාවෙන් උඩගෙඩි දෙන සෙට් එකක් කියලයි සමහර තැන් වල කියවෙන්නෙ. බොරුවට ඇමරිකාව අනඅනා හිටපු එක රුසියාවෙන් බැස්ස ගමන් ෆුල් හොල්මං උනේ ඒකයි. අයිසයිස් කාරයි ඇමරිකාව ,ඇමරිකන් කාරයෝ ටාගට් කරන්නෙ නැති එක ගැටළුවක්.
    මයිත්‍රී මාමා පක්ෂෙන් එලියට බැහැල පොදු අපේක්ෂකයා උනේ ඇ යන්න ටයන්න දෙක ගලෝල තියල. ආයෙ සම්මජ්ජාතියකට ඇයන්න ටයන්න එල්ලගන්නෙ නෑ කියපු පොර දැන් ආපහු අර කුරුවල් වෙච්ච ඇයන්න ටයන්න දෙක එල්ලගෙන. අවුල තියෙන්නෙ එතන.

    ReplyDelete
    Replies
    1. ඒක හැදුවේ ජෝ බයිඩෙන්. නමුත් උන් ඇමෙරිකාව රැවට්ටුව. ඔසාම කලා වගේ.

      Delete
    2. ඇමරිකාව කරන්නේ උන් ආරක්ෂා වෙලා අනෙක් උන් ඔක්කොම විනාෂ කිරීම. හෝ උන්ගේ වහළුන් කර ගැනීම. ඕවා හැමදාම කරන්න බෑ. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් බිමට වැටෙද්දි එයාලා හොල්මන් වෙන්නේ ඒකයි. එයාලට ඒවා අදහා ගන්නත් බෑ.. ඒත් අපිට නම් ඒවා සුළු දේවල්...

      Delete
  24. සිංහලය කියන්නෙ ශ්‍රේෂ්ට ජාතියක්. ලෝකෙ තියන උතුම්ම රට තමා ලංකාව. ලෝකෙ හිටිය ශ්‍රේෂ්ටම රජතුමෙක් තමා රාවණ කියන්නෙ. එතුමගෙන් පැවත එන ජාතියක් අපි. නැතුව විජය කියන හොරාගෙන් පැවත එන අය නෙමේ. විජය එනකොට රෙදි ඇදපු ජාතියක් අපි. දැන් ඉන්න ගෑනුන්ට රෙදි අදින්න බැරි උනාට.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දැන් ඉන්න අය අඳිනේ කාඩ්බෝඩ් නේ...

      ඉස්සර උන් රෙදි ඇන්දේ නෑ හලෝ... සුද්දා තමයි හෙළුවෙන් හිටපු උන්ට රෙදි ඇන්දුවේ...

      Delete
  25. ජාතිවාදී ආතතිය වැඩිවන බව නම් සහතික ඇත්ත.ඉස්සර නෝම්බි කාලෙ කොච්චර සුන්දර ද? පල්ලි ගිහිල්ලා හිනා වෙවී එන්නෙ.කන්ජි/රටඉඳි බෙදනවා වටේට.
    දැන් ඔක්කොම වෙනස් වෙලා.. සැකෙන් අවිශ්වාසෙන් මිනිස්සු ඉන්නෙ. එක පැත්තකින් අමු අමුවේ එලි පිට අන්තවාදී ක්‍රියා කරනකොට රජය වගකීම අරන් ඒවා නිශේදනය නොකිරීම නිසා ඤාණසාරලා/මහසොහොන් බලකා වගේ උන් කික් වෙනවා..
    දැං නං හුරතල් වෙන්න කාලයක් නෑ වගේ..
    ජයවේවා..!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න