Wednesday, June 29, 2016

බීම් නැතුව ස්ලැබ් දාන්න බැරිද?


ගෙයක් හදන්න ගත්ත ගොඩක් දෙනෙක්ට කොලම්, බීම් ,ස්ලැබ් ( Column, Beam , slab) කියන වචන අමුතුවෙන් කියලා දෙන්න් ඕනා නෑ.
මහල් නිවාසයක් සෑදීමෙදී පලමුව පාදම ( Foundation) ඉදිකර එමතින් කොලම් නංවා, එම කොලම් ,බීම් මගින් ගැට ගසා ඒමත ස්ලැබ් එක දැමීම වඩා ප්‍රචලිත ක්‍රමයයි...මෙය සාම්ප්‍රදායික ක්‍රමයයි.
ඒත් කොලම්, බීම් මගින් යා නොකර කෙලින්ම ස්ලැබ් එක දාන්න බැරිද?
ඇත්තෙන්ම පුලුවන්.....
මෙසේ බීම් නොදමා කෙලින්ම කොලම් මතින් ස්ලැබ් එක දැමීමේ ක්‍රමය හදුන්වන්නේ ෆ්ලැට් ස්ලැබ් (Flat slab) ක්‍රමය කියලයි....
ෆ්ලැට් ස්ලැබ් ක්‍රමයේදී ස්ලැබ් එකේ බර ( Dead Loads) මෙන්ම එහි මත ඇති ජීවී බර ද ( imposed / live loads) කෙලින්ම කොලම් වලට සම්ප්‍රේශණය කරනවා....

ෆ්ලැට් ස්ලැබ් සදහා උදාහරනයක්

ෆ්ලැට් ස්ලැබ් ක්‍රමයේ ඇති වාසී මොනවද?
-------------------------------------------
1.ෆ්ලැට් ස්ලැබ් ක්‍රමයේ ඇති ලොකුම වාසිය නම් එහි ඇති ගෘහනිර්මානාත්මක ඉඩ කඩයි ( Architectural features).
ස්ලැබ් එකට යටින් බීම් එක නොපෙනීම මෙන්ම ගෘහනිර්මාණ ශිල්පියාට තමන්ට අභිමත පරිදි පාටිශන් බිත්තී නැතිනම් අවකාශය ( Space) සකස් කිරීමට එය ඉඩ සලසනවා.
2. ෆැලැට් ස්ලැබ් ක්‍රමයේ ඇති ඊලඟ වාසිය නම් ගොඩනැගිල්ලේ උස අඩු කිරීමට ඇති හැකියාවයි. ගෘහනිර්මානයේදී මෙන්ම බිල්ඩිමක සර්විසස් ලයින්ස් සදහා මහලක උස ප්‍රමානවත් විය යුතුයි.
මෙහිදි පැහැදිලි උස ( Clear Height) ගනිනු ලබන්නේ බීම් එකේ පහල මට්ටමේ සිට පහල ස්ලැබ් එකේ මුදුනටයි. ෆ්ලැට් ස්ලැබ් ක්‍රමයේදී බීම් එකක් නැති නිසා මෙම මහලක පැහැදිලි උස ඉතා පහසුවෙන් ලබා ගැනීමට මෙම ක්‍රමයට හැකි වෙනවා.
බිල්ඩිමක උස අඩුවීමෙන් ලැබිය හැකි පැහැදිලි වාසිය නම බිත්ති හා එහි නිමාවට යන මුදල ඉතිකර ගැනීමට හැකි වීමයි.
3. මෙම ක්‍රමයේදී ස්ලැබ් එකේ ශටරිම ( Form work) ගැසීම සාම්ප්‍රදායික බීම් කොලම ක්‍රමයට වඩා පහසුයි. එම නිසාම ශටරිම සදහා යන වියදම අඩු වීමක් මෙහිදී සිදු වෙනවා.
4. බොහෝ අවස්ථාවන්හීදී ෆ්ලැට් ස්ලැබ් එකක බර සම්ප්‍රධායික ස්ලැබ් ක්‍රමයට වඩා 10-15% අතර ප්‍රමාණයකින් පමන අඩුයි.
එම නිසා බිල්ඩිමේ මුලු බර අඩු වීමේ හැකියාවක් තියෙනවා. එම නිසා සමාන්‍ය දුර්වල පසක ඉදිකෙරෙන, උස බිල්ඩිමක් සදහා අවශ්‍ය පාදම සදහා යන වියදම ( Foundation cost)මෙම ක්‍රමයෙන් අඩු කර හැකියි.
අවාසි;
------
1. කොලම් අතර ලොකු පරතරයන් ( spans) තබා ගැනීමේදී ස්ලැබ් එකේ ඝනකම වැඩි කල යුතු නිසා ඉතා විශාල කොලම් පරතර ලබා ගැනීම මේ ක්‍රමයේදී අභියෝගයක්
2. පාටිශන් බිත්ති සදහා ද සාම්ප්‍රදායික ගඩෝල් බිත්ති වෙනුවට අඩුබර බිත්ති ( light weight blocks) යෝදා ගැනීමට ඇතැම් විට සිදුවිය හැකියි.




pic : 1. https://www.nexus.globalquakemodel.org/gem-building-taxonomy/overview/glossary/cast-in-place-beamless-reinforced-concrete-floor--fc1


No comments:

Post a Comment